මෙල්බන් ගුවන්තොටුපළ භාවිත කරන මගීන් ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වන භයානක සංවිධානාත්මක ජාවාරමක් පිළිබඳව තොරතුරු වාර්තා වනවා.
ගුවන්තොටුපළේ ඇති විශේෂ Uber pickup කලාපයේදී ලබාදෙන PIN අංකය ක්‍රියා නොකරන බව පවසමින්, රියදුරන් විසින් මගීන්ගෙන් Uber ඇප් එකෙන් පිටත වෙනත් ක්‍රම හරහා මුදල් ලබා ගැනීමට උත්සාහ කරන බවයි අනාවරණය වී ඇත්තේ.
ඇතැම් වංචනිකයින් Uber රියදුරන් නොවන අතර, ඔවුන් ව්‍යාජ ඇප් එකක් භාවිත කරමින් අධික මුදලක් අය කිරීමට පෙළඹී තිබෙනවා.
මේ පිළිබඳව අදහස් දක්වමින් මෙල්බන් ගුවන්තොටුපළ බලධාරීන් මගීන්ට දැඩි ලෙස අවධාරණය කරන්නේ රථයට ගොඩවීමට හෝ ගමන් මලු තැබීමට පෙර තම PIN අංකය නිවැරදිව තහවුරු කරගන්නා ලෙසයි.
PIN අංකයේ දෝෂයක් පවතින බව පවසන්නේ නම් එම වාහනයට නැගීමෙන් වළකින ලෙස ද ඔවුන් උපදෙස් දෙනවා.
මෙම නීති විරෝධී ක්‍රියාව වැළැක්වීමට Uber සමාගම, ගුවන්තොටුපළ ආරක්ෂක අංශ සහ ඔස්ට්‍රේලියානු ප්‍රවාහන බලධාරීන් එක්ව පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, මෙවැනි සැකකටයුතු සිදුවීම් වහාම වාර්තා කරන ලෙස ද මගීන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.









