ඔස්ට්‍රේලියාවේ කුකුළු මස් මිල ඉදිරි මාස කිහිපයේදී ඉහළ යනු ඇති බවට රටේ විශාලතම කුකුළු මස් නිෂ්පාදකයා වන ඉන්ගම් අනතුරු අඟවා තිබෙනවා.
සමාගමේ ප්‍රධාන විධායක Edward Alexander පවසන්නේ, H5 කුරුලු උණ වාණිජ කුකුළු ගොවිපළවලට පැතිර නොගියත් මිල වැඩිවීම සිදුවිය හැකි බවයි.
සත්ව ආහාර, සේවක වැටුප් සහ ප්‍රවාහන වියදම් ඉහළ යාම මීට ප්‍රධාන හේතු වී තිබෙනවා.
2026–27 වසරේදී සමාගමට අමතර ඩොලර් මිලියන 130ක පමණ වියදමක් දැරීමට සිදුවනු ඇති බවයි ගණන් බලා ඇත්තේ.
දැනට H5 කුරුලු උණ ඔස්ට්‍රේලියාවේ වාණිජ කුකුළු ගොවිපළකින් මෙතෙක් වාර්තා වී නැහැ.
කෙසේවෙතත්, එය ගොවිපළකට ඇතුළු වුවහොත් කුකුළන් විශාල සංඛ්‍යාවක් විනාශ කිරීමට සිදුවීමෙන් සැපයුමට දැඩි බලපෑමක් ඇතිවිය හැකියි.
ඉන්ගම් සමාගම පවසන්නේ පාරිභෝගික ඉල්ලුම දැනට අඩුවී නොමැති අතර, කුකුළු මස් ආහාරයට ගැනීමෙන් කුරුලු උණ වැළඳීමේ අවදානමක් නොමැති බවයි.









