ඔස්ට්‍රේලියාව තුළ බලශක්ති අවශ්‍යතාවයන් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිතයෙන් සපුරා ගැනීම සඳහා සුළං බලයෙන් විදුලිය ජනනය කිරීම සම්බන්ධව ෆෙඩරල් රජයේ අවධානය යොමු වී තිබෙනවා.
දැනට ඔස්ට්‍රේලියාව තුළ භාවිතා වන සුළං පෙති සහ ජනන යන්ත්‍ර සියල්ලම විදේශ රටවලින් ආනයනය කරන ඒවා වන අතර ඒ සඳහා විශාල පිරිවැයක් ෆෙඩරල් රජය විසින් දරනු ලබනවා.
මෙවර ෆෙඩරල් රජයේ අවධානය යොමු වී ඇත්තේ අවශ්‍ය උපකරණ ද රට තුලම නිපදවමින් සුළං බලයෙන් විදුලි ජනනය කිරීමයි.
ඒ සඳහා අවශ්‍ය වන විශේෂඥ උපදෙස් ලබා ගැනීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.
මෙම උපදෙස් ලබා ගැනීම මාර්තු මස මුල් සති කිහිපයේදී අවසන් වීමට නියමිත බවයි පැවසෙන්නේ.
රට තුළ පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනයෙන් ඇති විශාල කොටසක් නිපදවන්නේ වික්ටෝරියා ප්‍රාන්තය තුළ වන අතර 2030 වන විට ඔස්ට්‍රේලියානු පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනයෙන් 82%ක් වික්ටෝරියාව තුල නිපදවනු ඇතැයි අපේක්ෂා කරනවා.









