ඔස්ට්රේලියාවේ සෑම වසරකම ටොනේඩෝ 30ත් 80ත් අතර සංඛ්යාවක් වාර්තා වුවද, සැබෑ ප්රමාණය ඊට වඩා බෙහෙවින් වැඩි විය හැකි බව කාලගුණ විශේෂඥයන් පවසනවා.
ජනාවාස අඩු දුරස්ථ ප්රදේශවල ඇතිවන බොහෝ ටොනේඩෝ කිසිවකු නොදකින බැවින් ඒවා නිල වශයෙන් වාර්තා නොවන බවයි කාලගුණ කාර්යාංශය පෙන්වා දෙන්නේ.
ටොනේඩෝවක ඇතුළත සුළං වේගය පැයට කිලෝමීටර් 300 ඉක්මවිය හැකි අතර, එය ස්වභාවධර්මයේ විනාශකාරීම කාලගුණ සිදුවීම්වලින් එකක් ලෙස සැලකෙනවා.
ඔස්ට්රේලියාවේ ටොනේඩෝ වැඩි වශයෙන් New South Wales මධ්යම සහ නැගෙනහිර ප්රදේශ, ගිනිකොනදිග Queensland සහ ඊසානදිග Victoria ප්රදේශවල ඇතිවන බව සඳහන්.
මේ අතර ඔස්ට්රේලියාවේ මෙතෙක් වාර්තා වූ ප්රබලතම ටොනේඩෝව 1992දී Queenslandහි Bucca ප්රදේශයට බලපෑ අතර, එහි සුළං වේගය පැයට කිලෝමීටර් 322ක් දක්වා පැවති බවට ඇස්තමේන්තු කර තිබෙනවා.
එම ටොනේඩෝවෙන් නිවාස 9ක් විනාශ වී, ගවයන් 20කට වැඩි සංඛ්යාවක් මියගොස්, ටොන් 3ක ට්රක් රථයක් මීටර් 300කට වැඩි දුරකට විසිවී තිබූ බව ද වාර්තා වුණා.









