ඔස්ට්‍රේලියාවේ සිකුරාදා දිනවල වැඩි පිරිසක් නිවසේ සිට වැඩ කිරීම (Work From Home) තෝරාගැනීම හේතුවෙන් ප්‍රධාන නගරවල CBD ව්‍යාපාර ගැටළුවකට මුහුණ දෙමින් සිටිනවා.
Sydney, Melbourne සහ Brisbane නගරවල පිහිටි පබ්, කෑෆේ, ආපනශාලා සහ බාර්වල (Pubs, cafes, restaurants and bars) ගනුදෙනුකරුවන්ගේ සංඛ්‍යාව සීග්‍රයෙන් අඩුවෙමින් පවතින බවයි වාර්තා වන්නේ.
බ්‍රිස්බේන් CBD තුළ ව්‍යාපාර කිහිපයක් පවත්වාගෙන යන ආපනශාලා හිමිකරුවෙකු පැවසුවේ සිකුරාදා පස්වරුවේ සේවකයින්ගේ drinks” සංස්කෘතිය දැන් බ්‍රහස්පතින්දාට මාරු වී ඇති බවයි.
Australian Restaurant and Cafe Association හි ප්‍රධාන විධායක නිලධාරී Wes Lambert පවසන්නේ COVID-19 කාලයට පෙර තිබූ තත්වය නැවත ලබාගැනීම දැන් අසීරු වී ඇති බවයි.
“Thursday is the new Friday” බවට පත්ව ඇති අතර, කාර්යාල සේවකයින් සිකුරාදා කාර්යාලයට නොපැමිණීම නිසා CBD ව්‍යාපාර දැඩි බලපෑමකට ලක්වී ඇතැයි ඔහු කියාසිටියා.
එසේම, වික්ටෝරියා ප්‍රාන්තයේ Work From Home අයිතිය නීතිගත කිරීම පිළිබඳ යෝජනාව හේතුවෙන් Victoria තුළ කාර්යාල ගොඩනැගිලි හිස්ව පවතින ප්‍රමාණය වසර 30ක ඉහළම මට්ටමකට පැමිණ ඇති බවද වාර්තා වනවා.
කෙසේ වෙතත්, CBD පිටත ප්‍රදේශවල පිහිටි ව්‍යාපාර කිහිපයක් මීට වෙනස් අත්දැකීමක් වාර්තා කරනවා.
ඔවුන් පවසන්නේ නිවසේ සිට වැඩ කරන පිරිස ඔවුන්ගේ ස්ථාන වෙත පැමිණීම වැඩිවී ඇති බවයි.
කාර්යාලයට යන සේවකයින් වුවද, නිවස නගර මධ්‍යයෙන් පිටත පිහිටා ඇති නිසා, ඔවුන්ට සමීප පබ් සහ කෑෆේ වෙත යාම වඩාත් පහසු වී තිබෙනවා.
ඔවුන් පවසන්නේ, “ජනතාවගේ වියදම් හැසිරීමේ වෙනස්වීම් (Cost of Living) ව්‍යාපාර සඳහා දැඩි ලෙස බලපාන බවයි.









