Join on WhatsApp channel
Auslanka tv Tickets
Advertisement

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයෙන් Labor පක්ෂය ඓතිහාසික පරාජයකට මුහුණ දීමත් සමඟ වසර 12ක Labor පාලනය අවසන් වීමට බලපෑ හේතු පිළිබඳව දේශපාලන විශ්ලේෂකයන්ගේ විශේෂ අවධානයට යොමුව තිබෙනවා.

2022 වසරේ Daniel Andrewsගේ නායකත්වය යටතේ ආසන 56ක් දිනාගත් Labor පක්ෂයට මෙවර ප්‍රාන්ත අගමැති Ben Carroll නියෝජනය කළ Niddrie ආසනය මෙන්ම Sydenham, Sunbury සහ Point Cook ඇතුළු සාම්ප්‍රදායික බලකොටු රැසක් ද අහිමිවනු ඇති බවයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

ඉහළ යන ජීවන වියදම, ප්‍රාන්තයේ ණය බර, බදු සම්බන්ධයෙන් පැවති මතභේද සහ අපරාධ හා මහජන ආරක්ෂාව පිළිබඳ ජනතාවගේ කනස්සල්ල මෙවර මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධාන මාතෘකා බවට පත්ව තිබුණා.

Advertisement

එමෙන්ම, Big Build යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති ආශ්‍රිත දූෂණ චෝදනා ද Labor පක්ෂයට ප්‍රබල දේශපාලන අභියෝගයක් වූ බව ප්‍රාන්ත නියෝජ්‍ය අගමැතිනි Gabrielle Williams පවසා තිබෙනවා.

මැතිවරණයට මාස හතරක් පමණ තිබියදී, Jacinta Allan වෙනුවට Ben Carrollට පක්ෂ නායකත්වය භාර දුන්නද, ඒ වන විටත් පිරිහෙමින් පැවති ජනතා සහයෝගය යළි දිනාගැනීම Labor පක්ෂයට එතරම් පහසු කාර්යයක් නොවූ බවයි පුරෝකථනය කරන ලද මැතිවරණ ප්‍රතිඵල මගින් පෙනී යන්නේ.

Banner 01

Labor පක්ෂයේ අභ්‍යන්තර මතභේද සහ සාම්ප්‍රදායික ඡන්දදායකයන් වෙනත් දේශපාලන පක්ෂ වෙත යොමුවීම ද මෙවර පරාජයට බලපෑ බව දේශපාලන විචාරකයන්ගේ අදහසයි.

මේ අතර, මේ අතර, ප්‍රාන්ත අගමැති Ben Carroll නියෝජනය කළ Niddrie ආසනය ද මෙවර Labor පක්ෂයට අහිමිවන බවට මාධ්‍ය වාර්තා පෙන්වා දීම විශේෂත්වයක් වනවා.

මැතිවරණ පරාජයට හේතු වූ කරුණු පිළිබඳව පුළුල් සමාලෝචනයක් සිදුකළ යුතු බවට Labor පක්ෂය තුළින්ම අදහස් මතුව ඇති අතර, ජනතාවගේ විශ්වාසය යළි දිනාගැනීමට නම් පක්ෂය ජනතාවට වැඩි වශයෙන් සවන් දිය යුතු බව Ben Carroll සිය පරාජය පිළිගනිමින් කළ කතාවේදී අවධාරණය කර තිබෙනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

නිෂ්පාදන සහ ඇසුරුම්කරණ දෝෂයක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ අලෙවි කළ Coca-Cola Zero Sugar තොගයක් වෙළෙඳපොළෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. Coca-Cola Classic...

ඔස්ට්‍රේලියාව පුරා නිවාස මිල පහළ යමින් පැවතිය ද පළමු නිවස මිලදී ගැනීම සඳහා අවශ්‍ය මුදල් ඉතිරි කර ගැනීමට දශකයකට වැඩි...

ඔස්ට්‍රේලියාවේ විදේශ කටයුතු අමාත්‍ය Penny Wong, කෘත්‍රිම බුද්ධිය හෙවත් AI, රටේ ජාතික ආරක්ෂාවට සහ විදේශ ප්‍රතිපත්තියට එල්ල වන ප්‍රධාන අභියෝගයක්...

ඔස්ට්‍රේලියාවේ Discretionary Trusts සඳහා සියයට 30ක අවම බද්දක් හඳුන්වාදීමට ෆෙඩරල් රජය ඉදිරිපත් කළ පනත් කෙටුම්පතට ග්‍රීන්ස් පක්ෂයේ සහාය හිමිව තිබෙනවා....

දේශගුණික විපර්යාස සහ ගෝලීය උණුසුම ඉහළ යෑම හේතුවෙන් ගුවන් ගමන්වලට බලපාන අහිතකර වායුගෝලීය තත්ත්වයන් කල්තියා හඳුනා ගැනීම වඩාත් අසීරු වෙමින්...

ChatGPT, Gemini සහ Copilot වැනි AI තාක්ෂණික මෙවලම් රැකියා ස්ථානවලදී වැරදි ලෙස භාවිත කිරීම හේතුවෙන් ඔස්ට්‍රේලියානු සේවකයන් පිරිසකට රැකියා අහිමිවීම්...

මෙම සතියේ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රැසකට දැඩි වර්ෂාපතනයක් සහ ප්‍රබල ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා කාර්යාංශය (BOM) පවසනවා....

ඔස්ට්‍රේලියාවේ නිවාස ණය ලබාදීමේදී ගනුදෙනුකරුවන්ගේ ණය ආපසු ගෙවීමේ හැකියාව තක්සේරු කිරීමට භාවිත කරන අමතර පොලී ප්‍රතිශතය (Serviceability Buffer) 3%ක මට්ටමේ...

ඔස්ට්‍රේලියාවේ Cherry වගාකරුවන් මුහුණ දී සිටින සේවක හිඟය හේතුවෙන්, විදේශීය ශ්‍රමිකයන් බඳවා ගැනීමේ වීසා නීති තවදුරටත් ලිහිල් කරන ලෙස රජයෙන්...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

වික්ටෝරියාවේ ලේබර් පක්ෂයට වැරදුණේ කොතැනද?

සල්ලි නැති වෙද්දී සතුට මිලදී ගන්නා ඔස්ට්‍රේලියානුවන්

ජීවන වියදම ඉහළ යාම හමුවේ ඔස්ට්‍රේලියානුවන් මිල අධික භාණ්ඩ මිලදී ගැනීම සීමා කරමින් සුළු සුඛෝපභෝගී භාණ්ඩ සහ සේවා සඳහා මුදල් වැය කිරීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරනවා.

Read More »

දරුවන් Smartphonesවලින් ඈත් කරන්න ඔස්ට්‍රේලියානු දෙමාපියන් අතීතයට යයි

දරුවන් Smartphones සහ අන්තර්ජාල භාවිතයෙන් ඈත් කර තැබීම සඳහා ඔස්ට්‍රේලියාවේ ඇතැම් දෙමාපියන් යළිත් නිවෙස්වල ස්ථාවර දුරකථන (Landline Phones) ස්ථාපනය කිරීමට පියවර ගෙන තිබෙනවා. නිව් සවුත්

Read More »

වික්ටෝරියා මැතිවරණ ප්‍රතිඵලයෙන් ෆෙඩරල් රජයටත් පණිවිඩයක්

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයෙන් Liberal–National සන්ධානය ලැබූ ඓතිහාසික ජයග්‍රහණය ඔස්ට්‍රේලියාව පුරා පවතින ආණ්ඩුවලට ප්‍රබල අනතුරු ඇඟවීමක් බව දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙනවා. වසර 12ක Labor පාලනය අවසන්

Read More »

නත්තලට පෙර වික්ටෝරියාවේ වෙනස්කම් රැසක් ?

වසර 12ක Labor පාලනය අවසන් කරමින් බලයට පත්වූ Liberal–National සන්ධානය යටතේ වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන ප්‍රතිපත්ති රැසක් වෙනස් කිරීමට සැලසුම් කර තිබෙනවා. නීතිය හා සාමය, මාර්ග

Read More »

වික්ටෝරියාවේ Labor පක්ෂයට විපක්ෂ නායකත්වයත් අහිමි වන ලකුණු

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයෙන් දැවැන්ත පරාජයකට මුහුණ දී සිටින Labor පක්ෂයට විපක්ෂ නායකත්වය පවා අහිමි වීමේ අවදානමක් මතුව තිබෙනවා. මෙතෙක් ප්‍රකාශිත පුරෝකථන අනුව Labor පක්ෂයට හිමිව

Read More »

වික්ටෝරියාවේ ලේබර් පක්ෂයට වැරදුණේ කොතැනද?

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයෙන් Labor පක්ෂය ඓතිහාසික පරාජයකට මුහුණ දීමත් සමඟ වසර 12ක Labor පාලනය අවසන් වීමට බලපෑ හේතු පිළිබඳව දේශපාලන විශ්ලේෂකයන්ගේ විශේෂ අවධානයට යොමුව තිබෙනවා.

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom