Join on WhatsApp channel
Auslanka tv Tickets
Advertisement

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

වික්ටෝරියා ප්‍රාන්තයේ නව ප්‍රාන්ත අගමැති (Premier) ධූරයට තේරී පත්වූ Jess Wilsonගේ ජයග්‍රාහී කතාවේදී ඇය ඉදිරි පාලනයේ ප්‍රමුඛ අරමුණ ලෙස ජනතාවට නව ආරම්භයක් ලබාදීම සහ ඔවුන්ගේ විශ්වාසය රැකගැනීම පිළිබද අවධාරණය කර තිබෙනවා.

වික්ටෝරියා ප්‍රාන්තයේ වසර 12ක Labor පාලනය අවසන් කිරීමට Liberal–National Coalition සන්ධානය ඊයේ සමත් වුණ අතර, එම සන්ධානයේ නායිකා Jess Wilson සිය ජයග්‍රාහී කතාවේදී වික්ටෝරියානුවන්ට ස්තුතිය පළ කරමින්, පළමු වරට Liberal පක්ෂයට ඡන්දය ලබාදුන් ජනතාව තමන් කෙරෙහි තැබූ විශ්වාසය මෙන්ම මනාප ඡන්ද හරහා ලැබුණු සහයෝගය ද විශේෂයෙන් අගය කර තිබුණා.

ජනතාව ලබාදුන් ඡන්දය තමන්ට අයිති දෙයක් ලෙස නොසලකන බව පැවසූ Jess Wilson, ඔවුන් තමන් කෙරෙහි තැබූ විශ්වාසයට සාධාරණයක් ඉටු කිරීම වෙනුවෙන් සෑම දිනකම කැපවී කටයුතු කරන බවට ද එහිදී ප්‍රතිඥා දී තිබෙනවා.

Advertisement

මැතිවරණයට පෙර වික්ටෝරියා ප්‍රාන්තයේ සෑම මැතිවරණ කොට්ඨාසයකම සංචාරය කළ බව සඳහන් කළ ඇය, එහිදී තමන් හමුවූ ජනතාවගේ පොදු අපේක්ෂාව වූයේ ප්‍රාන්තයට නව ආරම්භයක් ලබාදීම බවයි පවසා සිටියේ.

වසර 12ක Labor පාලනයෙන් පසු වික්ටෝරියානුවන් වෙනසක් අපේක්ෂා කරන බවට මෙවර මැතිවරණයෙන් පැහැදිලි පණිවුඩයක් ලබාදී ඇති බව ද ඇය සඳහන් කළා.

Banner 01

කෙසේ වෙතත්, වික්ටෝරියා ප්‍රාන්තය පිළිබඳ ජනතාවගේ බලාපොරොත්තු යළි ගොඩනැගීම සඳහා වසර ගණනාවක කැපවීමක් අවශ්‍ය වන බවයි Jess Wilson අවධාරණය කළේ.

තමන්ට ඡන්දය ලබාදුන් ජනතාව වෙනුවෙන් පමණක් නොව, තමන්ට ඡන්දය ලබා නොදුන් ජනතාව ඇතුළු සියලු වික්ටෝරියානුවන් වෙනුවෙන් කටයුතු කරන බවට ද ඇය සහතික වී තිබෙනවා.

ජනතාව සමඟ අවංකව කටයුතු කිරීම සිය පාලනයේ ප්‍රමුඛ ප්‍රතිපත්තියක් වන බවත්, සැමවිටම ජනතාවට සත්‍යය පවසමින් ඔවුන්ගේ විශ්වාසය රැකගන්නා ප්‍රාන්ත අගමැතිවරියක් වීම තම අපේක්ෂාව බවත් Jess Wilson සිය ජයග්‍රාහී කතාවේදී වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

2018 වසරේ පාකිස්ථානයට එරෙහිව ඩුබායිහි පැවැති ටෙස්ට් තරගයක් අතරතුර පන්දුවේ ස්වභාවය වෙනස් කිරීම සඳහා මින්ට්ස් හෝ පැණි රස කැවිලි භාවිත...

මෙල්බන්හි නිරිතදිග Williamstown ප්‍රදේශයේ මෝටර් රථ අලුත්වැඩියා සහ පැරණි වාහන කොටස් ගලවන මධ්‍යස්ථානයක දැවැන්ත ගින්නක් හටගෙන තිබෙනවා. Racecourse Roadහි පිහිටි...

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයෙන් දැවැන්ත පරාජයකට මුහුණ දී සිටින Labor පක්ෂයට විපක්ෂ නායකත්වය පවා අහිමි වීමේ අවදානමක් මතුව තිබෙනවා. මෙතෙක් ප්‍රකාශිත...

ChatGPT, Gemini සහ Copilot වැනි AI තාක්ෂණික මෙවලම් රැකියා ස්ථානවලදී වැරදි ලෙස භාවිත කිරීම හේතුවෙන් ඔස්ට්‍රේලියානු සේවකයන් පිරිසකට රැකියා අහිමිවීම්...

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ සමාගම් වන NAB, REA Group සහ Bunnings යන සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන්, වික්ටෝරියා ප්‍රාන්තයේ ආර්ථිකය ශක්තිමත් කිරීම...

ඔස්ට්‍රේලියාවේ ආදිවාසී දරුවන්ගේ ආරක්ෂාව සහ සුබසාධනය වෙනුවෙන් ෆෙඩරල්, ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ වාර්ෂික ඇගයීම් වාර්තා නිකුත් කිරීමට...

ඔස්ට්‍රේලියාවේ Working Holiday වීසා නීති සංශෝධනය කළද, ප්‍රාදේශීය නගර රැසක Hospitality ක්ෂේත්‍රයේ පවතින සේවක හිඟයට විසඳුමක් ලැබී නොමැති බවට චෝදනා...

ඉරාන යුද්ධය හේතුවෙන් දැඩි අනතුරුදායක තත්ත්වයක පවතින හෝමුස් සමුද්‍ර සන්ධියේ කිලෝමීටර් 15ක දුරක් පිහිනමින් බ්‍රිතාන්‍ය ජාතික Lewis Pugh සුවිශේෂී අභියෝගයක්...

මෙවර වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයේදී මැතිවරණ කොට්ඨාස 30කට ආසන්න සංඛ්‍යාවක තුන්කොන් තරගයක් ඇතිවිය හැකි බව One Nation පක්ෂයේ වික්ටෝරියා ප්‍රාන්ත නායක...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

වික්ටෝරියාවට නව පරිච්ඡේදයක් – Jess Wilsonගෙන් ජනතාවට සහතිකයක්

සල්ලි නැති වෙද්දී සතුට මිලදී ගන්නා ඔස්ට්‍රේලියානුවන්

ජීවන වියදම ඉහළ යාම හමුවේ ඔස්ට්‍රේලියානුවන් මිල අධික භාණ්ඩ මිලදී ගැනීම සීමා කරමින් සුළු සුඛෝපභෝගී භාණ්ඩ සහ සේවා සඳහා මුදල් වැය කිරීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරනවා.

Read More »

දරුවන් Smartphonesවලින් ඈත් කරන්න ඔස්ට්‍රේලියානු දෙමාපියන් අතීතයට යයි

දරුවන් Smartphones සහ අන්තර්ජාල භාවිතයෙන් ඈත් කර තැබීම සඳහා ඔස්ට්‍රේලියාවේ ඇතැම් දෙමාපියන් යළිත් නිවෙස්වල ස්ථාවර දුරකථන (Landline Phones) ස්ථාපනය කිරීමට පියවර ගෙන තිබෙනවා. නිව් සවුත්

Read More »

වික්ටෝරියා මැතිවරණ ප්‍රතිඵලයෙන් ෆෙඩරල් රජයටත් පණිවිඩයක්

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයෙන් Liberal–National සන්ධානය ලැබූ ඓතිහාසික ජයග්‍රහණය ඔස්ට්‍රේලියාව පුරා පවතින ආණ්ඩුවලට ප්‍රබල අනතුරු ඇඟවීමක් බව දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙනවා. වසර 12ක Labor පාලනය අවසන්

Read More »

නත්තලට පෙර වික්ටෝරියාවේ වෙනස්කම් රැසක් ?

වසර 12ක Labor පාලනය අවසන් කරමින් බලයට පත්වූ Liberal–National සන්ධානය යටතේ වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන ප්‍රතිපත්ති රැසක් වෙනස් කිරීමට සැලසුම් කර තිබෙනවා. නීතිය හා සාමය, මාර්ග

Read More »

වික්ටෝරියාවේ Labor පක්ෂයට විපක්ෂ නායකත්වයත් අහිමි වන ලකුණු

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයෙන් දැවැන්ත පරාජයකට මුහුණ දී සිටින Labor පක්ෂයට විපක්ෂ නායකත්වය පවා අහිමි වීමේ අවදානමක් මතුව තිබෙනවා. මෙතෙක් ප්‍රකාශිත පුරෝකථන අනුව Labor පක්ෂයට හිමිව

Read More »

වික්ටෝරියාවේ ලේබර් පක්ෂයට වැරදුණේ කොතැනද?

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයෙන් Labor පක්ෂය ඓතිහාසික පරාජයකට මුහුණ දීමත් සමඟ වසර 12ක Labor පාලනය අවසන් වීමට බලපෑ හේතු පිළිබඳව දේශපාලන විශ්ලේෂකයන්ගේ විශේෂ අවධානයට යොමුව තිබෙනවා.

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom