Join on WhatsApp channel
Auslanka tv Tickets
Advertisement

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

2026 Victoria ප්‍රාන්ත මැතිවරණය අද (28) පැවැත්වෙන අතර, පෙරවරු 8 සිට පස්වරු 6 දක්වා ප්‍රාන්තය පුරා පිහිටි ඕනෑම ඡන්ද මධ්‍යස්ථානයකදී ලියාපදිංචි ඡන්දදායකයන්ට සිය ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව හිමිවනවා.

Victoria ප්‍රාන්තයේ ලියාපදිංචි ඡන්දදායකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීම අනිවාර්ය වන අතර, පිළිගත හැකි හේතුවක් නොමැතිව ඡන්දය ප්‍රකාශ නොකරන පුද්ගලයන්ට ඩොලර් 105ක දඩ මුදලක් පැනවිය හැකි බව Victorian Electoral Commission (VEC) පවසනවා.

තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම පසුගිය 25 වැනිදා අවසන් වූ අතර, සම්පූර්ණ කළ තැපැල් ඡන්ද පත්‍රිකා අද පස්වරු 6ට පෙර තැපැල් කිරීමට හෝ ඡන්ද මධ්‍යස්ථානයකට භාරදීමට කටයුතු කළ යුතු වනවා. එලෙස තැපැල් කරන ලද ඡන්ද පත්‍රිකා දෙසැම්බර් 4 වැනිදා වන විට මැතිවරණ කොමිසම වෙත ලැබීමට සලස්වන ලෙසද VEC මගින් දැනුම්දීමක් කර තිබෙනවා.

Advertisement

මේ අතර, විදේශගතව සිටින ඡන්දදායකයන් වෙනුවෙන් රටවල් 21ක නගර 30ක ඡන්දය ප්‍රකාශ කිරීමට හෝ තැපැල් ඡන්ද භාරදීමට පහසුකම් සලසා තිබෙනවා. යම් හේතුවක් මත ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ විදේශගත ඡන්දදායකයන්ට ඒ පිළිබඳව මැතිවරණ කොමිසම දැනුවත් කිරීමට ද අවස්ථාව පවතිනවා.

මෙවර මැතිවරණයේදී එක් ඡන්දදායකයෙකුට ඡන්ද පත්‍රිකා දෙකක් හිමිවන අතර, පහළ මන්ත්‍රී මණ්ඩලය සඳහා වන කුඩා ඡන්ද පත්‍රිකාවේ සියලුම අපේක්ෂකයන්ව තම මනාපය අනුව අංක 1 සිට පිළිවෙළින් අංකනය කළ යුතු වනවා.

Banner 01

ඉහළ මන්ත්‍රී මණ්ඩලය සඳහා වන විශාල ඡන්ද පත්‍රිකාවේ කළු රේඛාවට ඉහළින් දේශපාලන පක්ෂ හෝ කණ්ඩායම් සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමටත්, නැතහොත් එම රේඛාවට පහළින් තනි අපේක්ෂකයන් සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමටත් අවස්ථාව හිමිවනවා. මෙම ක්‍රම දෙකෙන් කුමන ක්‍රමය තෝරාගත්ත ද, තම මනාපය අනුව අවම වශයෙන් කොටු පහක් අංක 1 සිට 5 දක්වා අංකනය කළ යුතු වන අතර, ඡන්ද පත්‍රිකා සම්පූර්ණ කිරීමේදී හරි හෝ කතිර ලකුණු වෙනුවට අංක පමණක් භාවිත කළ යුතු බවයි Victorian Electoral Commission අවධාරණය කරන්නේ.

අද පස්වරු 6ට ඡන්ද විමසීම අවසන් වීමත් සමඟ ඡන්ද ගණන් කිරීම ආරම්භ වන අතර, මූලික ප්‍රතිඵල අනුව ජයග්‍රාහී පක්ෂය අද රාත්‍රියේම හඳුනාගැනීමට හැකි වුවත්, තියුණු තරගයක් පැවතියහොත් ඒ සඳහා තවත් දින කිහිපයක් ගතවීමට ඉඩ පැවතිය හැකි වන බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, නිල මැතිවරණ ප්‍රතිඵල දෙසැම්බර් 18 වැනිදා වන විට ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව Victorian Electoral Commission සඳහන් කරනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ Discretionary Trusts සඳහා සියයට 30ක අවම බද්දක් හඳුන්වාදීමට ෆෙඩරල් රජය ඉදිරිපත් කළ පනත් කෙටුම්පතට ග්‍රීන්ස් පක්ෂයේ සහාය හිමිව තිබෙනවා....

ඔස්ට්‍රේලියාවේ නව ඩිජිටල් ආරක්ෂණ නීති සම්මත කර ගැනීම සඳහා Labour සහ Greens පක්ෂ අතර ඇතිකරගත් එකඟතාව One Nation පක්ෂ නායිකා...

ඔස්ට්‍රේලියාවේ බැංකු කාඩ්පත් භාවිතයේදී අය කළ අමතර ගාස්තු ඉවත් කිරීමේ නව නීතිය හේතුවෙන්, ඇතැම් ව්‍යාපාර භාණ්ඩ හා සේවා මිල ගණන්...

වික්ටෝරියා ප්‍රාන්තයේ Upper Murray ප්‍රදේශයේ ගොවීන් පිරිසක් පිදුරු මිටි යොදාගෙන ජනප්‍රිය ළමා කතා චරිතවල දැවැන්ත නිර්මාණ සකස් කර තිබෙනවා. මෙම...

මෙම සතියේ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රැසකට දැඩි වර්ෂාපතනයක් සහ ප්‍රබල ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා කාර්යාංශය (BOM) පවසනවා....

ඔස්ට්‍රේලියාවේ Casual රැකියාවල නිරත සේවකයන්ගෙන් 74%ක් ස්ථිර රැකියාවකට වඩා Casual රැකියාවකට කැමැත්තක් දක්වන බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා. Australian...

ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළෙඳසල් වෙත හඳුන්වාදී ඇති නව Kellogg’s Coco Pops Protein Bites උදෑසන ආහාර නිෂ්පාදනය සම්බන්ධයෙන් ළමා පෝෂණවේදිනියක දෙමාපියන්ට අනතුරු...

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ජනගහනයෙන් 76.8%ක්ම Greater Melbourne කලාපයේ ජීවත් වන බව නවතම ජනගහන දත්ත පෙන්වා දෙනවා. Australian Bureau of Statistics...

දකුණු ඔස්ට්‍රේලියාව නියෝජනය කරන ලිබරල් පක්ෂ සෙනෙට් සභික Leah Blyth එම පක්ෂයෙන් ඉවත් වී පෝලීන් හැන්සන්ගේ One Nation පක්ෂයට එක්ව...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

අද ඡන්දය දාන්න කලින් මේ ගැන දැනගන්න

ඔස්ට්‍රේලියාවේ වීසා අයදුමිකරුවන්ට අද සිට ගාස්තු වැඩි වෙන්නේ මෙහෙමයි

ඔස්ට්‍රේලියාවේ ඇතැම් වීසා සඳහා රට තුළ සිට අයදුම් කරන පුද්ගලයන්ගෙන් අමතර ඩොලර් 1,500ක ගාස්තුවක් අය කිරීම අද (නොවැම්බර් 28) සිට ආරම්භ කර තිබෙනවා. මෙම නව

Read More »

තවත් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් – පන්දුව ඔප දැමීමට ටොෆි භාවිත කරලා ?

2018 වසරේ පාකිස්ථානයට එරෙහිව ඩුබායිහි පැවැති ටෙස්ට් තරගයක් අතරතුර පන්දුවේ ස්වභාවය වෙනස් කිරීම සඳහා මින්ට්ස් හෝ පැණි රස කැවිලි භාවිත කරමින් පන්දුව ඔප දැමීමේ අදහසක්

Read More »

තමන් ඉගෙනගත් පාසලේදීම ඡන්දය දැමූ Ben Carroll ජයග්‍රහණය ගැන කියූ කතාව

වික්ටෝරියා අග්‍රාමාත්‍ය Ben Carroll අද Airport Westහි පිහිටි St Christopher’s ප්‍රාථමික පාසලේදී සිය ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා. ඔහු කුඩා කාලයේ අධ්‍යාපනය ලැබූ පාසල ද මෙය

Read More »

වික්ටෝරියාවේ මැතිවරණ උණුසුම ෆෙඩරල් දේශපාලනයටත් දැනෙයිද?

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණය මෙවර ජාතික දේශපාලනයේ ද විශේෂ අවධානයට ලක්ව ඇත්තේ, ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ කෙරෙහි ජනතා විශ්වාසය වෙනස් වෙමින් පවතින ආකාරය පිළිබඳ ඉඟි, පූර්ව

Read More »

අයහපත් කාලගුණයෙන් වික්ටෝරියාවේ මැතිවරණයටත් බලපෑම්

වික්ටෝරියා ප්‍රාන්තයේ ඉදිරි වසර 4 සඳහා බලයට පත්වන රජය තීරණය කිරීමේ මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ වුණා. ඡන්ද මධ්‍යස්ථාන පස්වරු 6 දක්වා විවෘතව පවතින අතර,

Read More »

වික්ටෝරියාවේ ජනතා තීන්දුව ලැබෙන්නේ කවදාද?

වික්ටෝරියාවේ 61 වැනි පාර්ලිමේන්තුව තීරණය කෙරෙන ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද විමසීම අද පස්වරු 6ට අවසන් වන අතර, ඉන් අනතුරුව ඡන්ද ගණන් කිරීම ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom