Join on WhatsApp channel
Auslanka tv Tickets
Advertisement

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ Parent Visa ලබාගැනීමේ අපේක්ෂාවෙන් දෙමාපියන් එක්ලක්ෂ පනස්දහසකට අධික පිරිසක් සිටින බවට වාර්තා වී තිබෙනවා .

පවුල් සංක්‍රමණ ප්‍රතිපත්තිය වෙනස් කිරීම සම්බන්ධයෙන් යළිත් කතාබහක් මතුව ඇත්තේ One Nation පක්ෂ නායිකා Pauline Hanson විසින් ස්ථිර Parent Visa ක්‍රමය අහෝසි කිරීමට ඉදිරිපත් කර ඇති යෝජනාවත් සමඟයි.

එම යෝජනාව අනුව, දෙමාපියන්ට Temporary Visa යටතේ ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවස්ථාව ලබාදිය හැකි නමුත්, ඔවුන්ගේ ජීවන වියදම්, සෞඛ්‍ය සේවා සහ අනෙකුත් වියදම් පවුලේ සාමාජිකයන් විසින් දැරිය යුතු බවටයි සදහන් .

Advertisement

කෙසේ වෙතත්, පවුල් සංක්‍රමණය සීමා කිරීම හේතුවෙන් දක්ෂ වෘත්තිකයන් ඔස්ට්‍රේලියාවට ආකර්ෂණය කර ගැනීම දුෂ්කර විය හැකි බවට රජයේ නියෝජිතයන් අනතුරු අඟවා තිබෙනවා . විශේෂයෙන් සෞඛ්‍ය සහ වයස්ගත පුද්ගලයන් රැකබලා ගැනීමේ ක්ෂේත්‍රවල සේවකයන්ට පවුලේ සහයෝගය වැදගත් බව Home Affairs Minister Tony Burke ද පෙන්වා දී තිබෙන බවටයි සදහන් වන්නේ .

Department of Home Affairs හි 2026 ඔක්තෝබර් මාසයේ ඇස්තමේන්තු අනුව, නව Parent සහ Aged Parent Visa අයදුම්කරුවන්ට වසර 42ක් පමණ බලා සිටීමට සිදුවිය හැකි අතර, Contributory Parent Visa සඳහා එම කාලය වසර 18ක් පමණ වන බවටයි වාර්තා වන්නේ .

Banner 01

මේ අතර, නවසීලන්තය සිය Parent Residence Visa තෝරාගැනීමේ ක්‍රමය වෙනස් කරමින්, තෝරාගැනීම්වලින් සියයට 90ක් පමණ අයදුම්පත් ඉදිරිපත් කළ දිනයේ අනුපිළිවෙළට සිදුකිරීමට පියවර ගෙන තිබෙනවා.

එම වෙනස්කම් හමුවේ, දිගු කලක් බලා සිටින පවුල්වලට ප්‍රමුඛතාව ලබාදීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාව ද මෙවැනි ක්‍රමයක් අනුගමනය කළ යුතුද යන්න පිළිබඳව අවධානය යොමුව තිබෙන බවට සදහන් .

කෙසේ වෙතත්, ඔස්ට්‍රේලියානු රජය මේ දක්වා ස්ථිර Parent Visa ක්‍රමය අහෝසි කිරීමට තීරණය කර නැහැ. එහෙත් දිගු පොරොත්තු කාලය සහ යෝජිත ප්‍රතිපත්ති වෙනස්කම් හමුවේ, දෙමාපියන් සහ දරුවන් වසර ගණනාවක් වෙන්ව සිටීමට සිදුවීම පිළිබඳව සංක්‍රමණික පවුල් අතර දැඩි අවිනිශ්චිතතාවක් පවතින බවටයි වාර්තා වන්නේ .

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියානුවන්ට ඉදිරියේදී තවදුරටත් Cost of Living සහන ලබාදීමේ හැකියාව සීමිත බව අගමැති Anthony Albanese පවසනවා. ඒ අතර, ජනතාවට ඖෂධ මිලදී...

ඔස්ට්‍රේලියාවේ Casual රැකියාවල නිරත සේවකයන්ගෙන් 74%ක් ස්ථිර රැකියාවකට වඩා Casual රැකියාවකට කැමැත්තක් දක්වන බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා. Australian...

ඔස්ට්‍රේලියාවේ නගර සහ ප්‍රාදේශීය ප්‍රදේශ රැසක අද Homebirth සේවා සම්බන්ධයෙන් විරෝධතා පැවැත්වුණා. ඒ, ලබන වසරේ ජනවාරි පළමුවැනිදා සිට ක්‍රියාත්මක වීමට...

ඔස්ට්‍රේලියාවේ Cherry වගාකරුවන් මුහුණ දී සිටින සේවක හිඟය හේතුවෙන්, විදේශීය ශ්‍රමිකයන් බඳවා ගැනීමේ වීසා නීති තවදුරටත් ලිහිල් කරන ලෙස රජයෙන්...

වික්ටෝරියා ප්‍රාන්තයේ ආර්ථික වර්ධනය වේගවත් කිරීම සහ ව්‍යාපාරික ක්ෂේත්‍රය මුහුණ දෙන අභියෝගවලට විසඳුම් ලබාගැනීම අරමුණු කරගනිමින් ප්‍රධාන ව්‍යාපාරික සංවිධාන 14ක...

ඔස්ට්‍රේලියානු අගමැති Anthony Albanese කෙරෙහි ජනතා විශ්වාසය සහ ජනප්‍රියත්වය සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇති බව නවතම Newspoll සමීක්ෂණයෙන් අනාවරණය...

බිළිඳුන්ට බරපතළ තුවාල හෝ මරණය පවා සිදුවිය හැකි අවදානමක් හේතුවෙන් ඔස්ට්‍රේලියාව පුරා අලෙවි කළ Baby Monitor උපකරණයක් වහාම භාවිතයෙන් ඉවත්...

වික්ටෝරියා ප්‍රාන්තයේ පැරණි නිවාස අලුත්වැඩියා කිරීමට සූදානම් වන පුද්ගලයන්ට, නිවාසවල සැඟවී පවතින Asbestos හේතුවෙන් දරුණු සෞඛ්‍ය හා මූල්‍ය අවදානම්වලට මුහුණ...

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ රෝගීන් 503 දෙනෙකුගේ පෞද්ගලික වෛද්‍ය වාර්තා අනවසරයෙන් පරීක්ෂා කළ සෞඛ්‍ය සේවකයෙකුට සිය සේවය අහිමි වී තිබෙනවා. SA...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියාවේ Parent Visa ක්‍රමය අවදානමක

ඔස්ට්‍රේලියානුවන් වැඩියෙන්ම විශ්වාස කරන Brand Name එක

ඔස්ට්‍රේලියාවේ පාරිභෝගිකයන්ගේ වැඩිම විශ්වාසය දිනාගත් වෙළෙඳ නාමය ලෙස Bunnings Warehouse අඛණ්ඩව 12 වැනි කාර්තුවටත් පත්ව තිබෙනවා. Roy Morgan ආයතනය නිකුත් කළ 2026 සැප්තැම්බර් කාර්තුවට අදාළ

Read More »

ඔස්ට්‍රේලියානුවන්ට අඩු මිලට Gas

ඔස්ට්‍රේලියාවේ නිෂ්පාදනය කරන ස්වාභාවික ගෑස්වලින් වැඩි ප්‍රමාණයක් දේශීය පරිභෝජනය සඳහා වෙන් කිරීමේ නව පනත ෆෙඩරල් පාර්ලිමේන්තුවේ සම්මත වී තිබෙනවා. ඒ අනුව 2028 වසරේ සිට ස්වාභාවික

Read More »

වික්ටෝරියා මැතිවරණය අස්සේ මතුවූ Smart Glasses ආන්දෝලනය

වික්ටෝරියා ප්‍රාන්තයේ ඡන්ද මධ්‍යස්ථාන අසල කැමරා සහිත Smart Glasses භාවිත කිරීම හේතුවෙන් ඡන්දදායකයන්ගේ පෞද්ගලිකත්වය සහ ඡන්දයේ රහස්‍යභාවය පිළිබඳ ගැටලු මතුව තිබෙනවා. Horshamහි පූර්ව ඡන්ද මධ්‍යස්ථානයක්

Read More »

වික්ටෝරියාවට භයානක Summer එකක්

මෙවර, Summer එකේ Victoria ප්‍රාන්තයේ ලැව්ගිනි සහ grassfire ඇතිවීමේ අවදානම ඉහළ ගොස් ඇති බවට හදිසි සේවා බලධාරීන් අනතුරු අඟවනවා. නවතම Summer ලැව්ගිනි අවදානම් පුරෝකථනය අනුව,

Read More »

ඔස්ට්‍රේලියාවේ Parent Visa ක්‍රමය අවදානමක

ඔස්ට්‍රේලියාවේ Parent Visa ලබාගැනීමේ අපේක්ෂාවෙන් දෙමාපියන් එක්ලක්ෂ පනස්දහසකට අධික පිරිසක් සිටින බවට වාර්තා වී තිබෙනවා . පවුල් සංක්‍රමණ ප්‍රතිපත්තිය වෙනස් කිරීම සම්බන්ධයෙන් යළිත් කතාබහක් මතුව

Read More »

වික්ටෝරියා ඉතිහාසයේ විශාලතම ප්‍රාන්ත මැතිවරණයට සියල්ල සූදානම්

Victoria ප්‍රාන්ත මැතිවරණය හෙට (28) පැවැත්වීමට නියමිත අතර, මෙවර ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්දදායකයන් ලක්ෂ 47කට අධික පිරිසක් සුදුසුකම් ලබා ඇති බව වාර්තා වෙනවා. අලුතින්

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom