Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ Casual රැකියාවල නිරත සේවකයන්ගෙන් 74%ක් ස්ථිර රැකියාවකට වඩා Casual රැකියාවකට කැමැත්තක් දක්වන බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

Australian Bureau of Statistics (ABS) ඊයේ (24) නිකුත් කළ 2025–26 මූල්‍ය වර්ෂයට අදාළ දත්ත අනුව මෙම තොරතුරු අනාවරණය වී තිබෙනවා.

Casual රැකියාවලට කැමැත්තක් දක්වන සේවකයන්ගෙන් 53%ක් ඊට ප්‍රධාන හේතුව ලෙස පෙන්වා දී ඇත්තේ නම්‍යශීලී සේවා කාලය වන අතර, 25%ක් ඉහළ පැයක වැටුප හේතුවෙන් එම රැකියාවලට කැමැත්තක් දක්වනවා.

Advertisement

කාන්තා Casual සේවිකාවන්ගෙන් 77%ක් සහ පිරිමි Casual සේවකයන්ගෙන් 68%ක් මෙම රැකියා ක්‍රමයට කැමැත්තක් දක්වන බවයි සඳහන්.

Casual සේවකයන්ගෙන් 79%ක් තම රැකියාව ස්ථිර කර ගැනීම සම්බන්ධයෙන් සේවායෝජකයන් සමග සාකච්ඡා කර නොමැති බව ද අනාවරණය වී තිබෙනවා.

Banner 01

Casual රැකියාවලට අකමැති සේවකයන්ගෙන් 30%ක් වැටුප් සහිත නිවාඩු අපේක්ෂා කරන අතර, 19%ක් ස්ථාවර ආදායමක් අපේක්ෂා කරනවා.

2025 අගෝස්තු මාසයේ දත්ත අනුව ඔස්ට්‍රේලියාවේ Casual සේවකයන් මිලියන 2.4ක් පමණ සිටින අතර, නවාතැන් සහ ආහාර සේවා ක්ෂේත්‍රයේ සේවකයන්ගෙන් 58%ක් Casual රැකියාවල නිරත වනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

සයිබර් අපරාධකරුවන් විශ්වාසදායක අන්තර්ජාල වේදිකා සහ සේවාවන් අවභාවිත කරමින් ජනතාවගේ පෞද්ගලික තොරතුරු සොරකම් කිරීමට සහ හානිකර මෘදුකාංග ව්‍යාප්ත කිරීමට උත්සාහ...

දේශගුණික විපර්යාස සහ ගෝලීය උණුසුම ඉහළ යෑම හේතුවෙන් ගුවන් ගමන්වලට බලපාන අහිතකර වායුගෝලීය තත්ත්වයන් කල්තියා හඳුනා ගැනීම වඩාත් අසීරු වෙමින්...

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ජනගහනයෙන් 76.8%ක්ම Greater Melbourne කලාපයේ ජීවත් වන බව නවතම ජනගහන දත්ත පෙන්වා දෙනවා. Australian Bureau of Statistics...

Uber Elite නමින් නව සුඛෝපභෝගී මගී ප්‍රවාහන සේවාවක් ඔස්ට්‍රේලියාවේ හඳුන්වාදීමට Uber සමාගම පියවර ගෙන තිබෙනවා. මෙම සේවාව, පළමුව Sydney වලින්...

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට තවත් දින අටක් ඉතිරිව තිබියදී, මෙවර පූර්ව ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා ඡන්දදායකයන්ගේ ඉහළ උනන්දුවක් දක්නට ලැබෙනවා....

මෙම සතියේ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රැසකට දැඩි වර්ෂාපතනයක් සහ ප්‍රබල ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා කාර්යාංශය (BOM) පවසනවා....

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ මාධ්‍ය සහ සංගීත ආයතන රැසක් එක්ව AI සමාගම්වලට එරෙහිව නව ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙනවා. ඊට හේතුව වී...

වයස අවුරුදු 65 සහ ඊට වැඩි ඔස්ට්‍රේලියානුවන්ට ලබාදෙන පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණ සහනාධාරය අඩු කිරීමට ෆෙඩරල් රජය ඉදිරිපත් කළ යෝජනාව සෙනෙට්...

Victoria ප්‍රාන්තයේ හොඳම රජයේ ද්විතීයික පාසල් 100 ඇතුළත් නව ශ්‍රේණිගත කිරීමක් Herald Sun පුවත්පත විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ස්ථිර රැකියාවට වඩා Casual රැකියාවට කැමති ඔස්ට්‍රේලියානුවන්

වෛද්‍ය පුහුණුවක් නොමැතිව Freebirth 200කට සහාය දුන් කාන්තාවක්

වෛද්‍යවරුන්ගේ සහාය නොමැතිව නිවසේදී සිදු කළ දරු ප්‍රසූති දෙකකින් බිළිඳුන් තිදෙනෙකු මියයාම සම්බන්ධයෙන් නිව් සවුත් වේල්ස්හි මරණ පරීක්ෂණ විභාගයක් පැවැත්වෙනවා. මෙම දරු ප්‍රසූති සඳහා සහාය

Read More »

Coca-Cola පානය කරන ඔස්ට්‍රේලියානුවන්ට විශේෂ අනතුරු ඇඟවීමක්

නිෂ්පාදන සහ ඇසුරුම්කරණ දෝෂයක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ අලෙවි කළ Coca-Cola Zero Sugar තොගයක් වෙළෙඳපොළෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. Coca-Cola Classic ලේබලය සහිත කෑන් තුළට වැරදීමකින්

Read More »

පන්දුව පළුදු කිරීමේ සිද්ධිය ගැන Khawajaගෙන් තවත් හෙළිදරව්වක්

2018 වසරේ දකුණු අප්‍රිකාවේදී සිදුවූ පන්දුව පළුදු කිරීමේ (Sandpapergate) සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක Usman Khawaja තවත් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කර තිබෙනවා. The Grade Cricketer

Read More »

මෙල්බන්හි දැවැන්ත ගින්නක් – දුම්රිය ගමනාගමනයටත් බාධා

මෙල්බන්හි නිරිතදිග Williamstown ප්‍රදේශයේ මෝටර් රථ අලුත්වැඩියා සහ පැරණි වාහන කොටස් ගලවන මධ්‍යස්ථානයක දැවැන්ත ගින්නක් හටගෙන තිබෙනවා. Racecourse Roadහි පිහිටි මෙම ස්ථානයේ පස්වරැවේ ගින්න හටගෙන

Read More »

ලිංගික අපරාධ 9කට චෝදනා ලැබූ සිඩ්නි ගුරුවරියට අධිකරණයෙන් අලුත් අවසරයක්

සිඩ්නිහි ප්‍රමුඛ පෙළේ පෞද්ගලික පාසලක් වන Newington Collegeහි සිසුවෙකු ලිංගික අපයෝජනයට ලක් කළ බවට චෝදනා එල්ල වී ඇති හිටපු ගුරුවරියක් අද (25) Burwood ප්‍රාදේශීය අධිකරණය

Read More »

නිවාස මිල පහළ ගියත් සැබෑ නොවන ඔස්ට්‍රේලියානුවන්ගේ නිවාස සිහිනය

ඔස්ට්‍රේලියාව පුරා නිවාස මිල පහළ යමින් පැවතිය ද පළමු නිවස මිලදී ගැනීම සඳහා අවශ්‍ය මුදල් ඉතිරි කර ගැනීමට දශකයකට වැඩි කාලයක් ගතවන බව නවතම වාර්තාවකින්

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom