

වෛද්‍ය පුහුණුවක් නොමැතිව Freebirth 200කට සහාය දුන් කාන්තාවක්
වෛද්‍යවරුන්ගේ සහාය නොමැතිව නිවසේදී සිදු කළ දරු ප්‍රසූති දෙකකින් බිළිඳුන් තිදෙනෙකු මියයාම සම්බන්ධයෙන් නිව් සවුත් වේල්ස්හි මරණ පරීක්ෂණ විභාගයක් පැවැත්වෙනවා. මෙම දරු ප්‍රසූති සඳහා සහාය

ඔස්ට්‍රේලියාවේ වාර්ෂික උද්ධමනය ඔක්තෝබර් මාසයේදී 4.9%ක් දක්වා ඉහළ ගොස් ඇති බව Australian Bureau of Statistics (ABS) අද (නොවැම්බර් 25) නිකුත් කළ නිල වාර්තාවෙන් අනාවරණය වී තිබෙනවා.
පසුගිය සැප්තැම්බර් මාසයේදී 4.3%ක් ලෙස වාර්තා වූ වාර්ෂික උද්ධමනය මෙලෙස ඉහළ ගොස් ඇත්තේ ආර්ථික විශ්ලේෂකයන්ගේ අපේක්ෂාවන් ද ඉක්මවා යමින්.
ඔක්තෝබර් මාසය තුළ පමණක් පාරිභෝගික මිල දර්ශකය 0.5%කින් ඉහළ ගොස් තිබෙනවා.

යටිතල උද්ධමනය මනින Trimmed Mean Inflation අගය ද 3.6% සිට 3.8% දක්වා ඉහළ ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.
නිවාස වියදම් 6.4%කින්, විදුලි ගාස්තු 25.2%කින් සහ ප්‍රවාහන වියදම් 10.6%කින් ඉහළ යෑම උද්ධමනය මෙලෙස ඉහළ යෑමට ප්‍රධාන වශයෙන් බලපා ඇති බවයි සදහන්.
ෆෙඩරල් රජය ලබාදුන් විදුලි බිල්පත් සහනාධාර අවසන් වීම සහ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යෑම මෙම තත්ත්වයට බලපා තිබෙනවා.
ඔස්ට්‍රේලියානු මහ බැංකුවේ 2%ත් 3%ත් අතර උද්ධමන ඉලක්කය තවදුරටත් ඉක්මවා යෑම හමුවේ දෙසැම්බර් 8 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිත පොලී අනුපාත තීරණය කෙරෙහි ද වැඩි අවධානයක් යොමුව තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ නගර සහ ප්‍රාදේශීය ප්‍රදේශ රැසක අද Homebirth සේවා සම්බන්ධයෙන් විරෝධතා පැවැත්වුණා. ඒ, ලබන වසරේ ජනවාරි පළමුවැනිදා සිට ක්‍රියාත්මක වීමට...
ඔස්ට්‍රේලියාවේ ජීවත්වන සෑම පුද්ගලයන් තිදෙනෙකුගෙන් එක් අයෙකුම විදේශයක උපත ලැබූ සංක්‍රමණිකයෙකු බව නවතම වාර්තාවකින් අනාවරණය වී තිබෙනවා. The Organisation for...
2027 වසරේදී ලොව සංචාරය කිරීමට හොඳම ස්ථාන 25 අතරට ඔස්ට්‍රේලියාවේ මෙල්බන් තෝරාගෙන තිබෙනවා. ලෝක ප්‍රකට National Geographic සඟරාව විසින් ප්‍රකාශයට...
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ මාධ්‍ය සහ සංගීත ආයතන රැසක් එක්ව AI සමාගම්වලට එරෙහිව නව ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙනවා. ඊට හේතුව වී...
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ සමාගම් වන NAB, REA Group සහ Bunnings යන සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන්, වික්ටෝරියා ප්‍රාන්තයේ ආර්ථිකය ශක්තිමත් කිරීම...
ජංගම දුරකථන ඔස්සේ දිගින් දිගටම අහිතකර පුවත් නැරඹීම ඇතුළු පාලනය කිරීමට අපහසු අන්තර්ජාල භාවිතය සෞඛ්‍යයට අහිතකර ලෙස බලපෑ හැකි බව...
ඔස්ට්‍රේලියාවේ උද්ධමන අනුපාතය තවදුරටත් ඉහළ යා හැකි බවට ප්‍රමුඛ පෙළේ ආර්ථික විශේෂඥයන් අනතුරු අඟවා තිබෙනවා. ලබන බදාදා එනම්, නොවැම්බර් 25...
ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම ටෙලිවිෂන් සහ ශ්‍රී ලාංකික ඩිජිටල් මාධ්‍ය ජාලය වන AusLanka TV, සිය AusLanka Live Mobile App හරහා ප්‍රසංග සහ...
2018 වසරේ දකුණු අප්‍රිකානු සංචාරයේදී සිදුවූ සුප්‍රකට පන්දුව පළුදු කිරීමේ සිද්ධිය (Sandpapergate) නැවතත් කරළියට පැමිණීමත් සමඟ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ නායක...

වෛද්‍යවරුන්ගේ සහාය නොමැතිව නිවසේදී සිදු කළ දරු ප්‍රසූති දෙකකින් බිළිඳුන් තිදෙනෙකු මියයාම සම්බන්ධයෙන් නිව් සවුත් වේල්ස්හි මරණ පරීක්ෂණ විභාගයක් පැවැත්වෙනවා. මෙම දරු ප්‍රසූති සඳහා සහාය

නිෂ්පාදන සහ ඇසුරුම්කරණ දෝෂයක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ අලෙවි කළ Coca-Cola Zero Sugar තොගයක් වෙළෙඳපොළෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. Coca-Cola Classic ලේබලය සහිත කෑන් තුළට වැරදීමකින්

2018 වසරේ දකුණු අප්‍රිකාවේදී සිදුවූ පන්දුව පළුදු කිරීමේ (Sandpapergate) සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක Usman Khawaja තවත් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කර තිබෙනවා. The Grade Cricketer

මෙල්බන්හි නිරිතදිග Williamstown ප්‍රදේශයේ මෝටර් රථ අලුත්වැඩියා සහ පැරණි වාහන කොටස් ගලවන මධ්‍යස්ථානයක දැවැන්ත ගින්නක් හටගෙන තිබෙනවා. Racecourse Roadහි පිහිටි මෙම ස්ථානයේ පස්වරැවේ ගින්න හටගෙන

සිඩ්නිහි ප්‍රමුඛ පෙළේ පෞද්ගලික පාසලක් වන Newington Collegeහි සිසුවෙකු ලිංගික අපයෝජනයට ලක් කළ බවට චෝදනා එල්ල වී ඇති හිටපු ගුරුවරියක් අද (25) Burwood ප්‍රාදේශීය අධිකරණය

ඔස්ට්‍රේලියාව පුරා නිවාස මිල පහළ යමින් පැවතිය ද පළමු නිවස මිලදී ගැනීම සඳහා අවශ්‍ය මුදල් ඉතිරි කර ගැනීමට දශකයකට වැඩි කාලයක් ගතවන බව නවතම වාර්තාවකින්