Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ මාධ්‍ය සහ සංගීත ආයතන රැසක් එක්ව AI සමාගම්වලට එරෙහිව නව ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙනවා.

ඊට හේතුව වී ඇත්තේ, AI සමාගම් තම තාක්ෂණය දියුණු කිරීම සඳහා මාධ්‍ය ආයතන පළ කරන පුවත්, ගායකයන්ගේ ගීත, ලේඛකයන්ගේ පොත් සහ වෙනත් නිර්මාණ භාවිත කිරීමයි.

උදාහරණයක් ලෙස, AI පද්ධතියකට ප්‍රශ්නයක් ඇසූ විට පිළිතුරු ලබාදීමට එය පුහුණු කිරීම සඳහා විශාල වශයෙන් අන්තර්ජාලයේ පළවූ පුවත්, ලිපි සහ වෙනත් තොරතුරු භාවිත කරන නමුත්, එම තොරතුරු සහ නිර්මාණ සකස් කළ පුද්ගලයන්ට හෝ ආයතනවලට නිසි අවසරයක් හෝ ගෙවීමක් නොමැතිව ඒවා භාවිත කිරීම අසාධාරණ බවයි ඔස්ට්‍රේලියානු මාධ්‍ය ආයතන පවසන්නේ.

Advertisement

Seven, Nine, Foxtel සහ The Guardian ඇතුළු ආයතන රැසක් එක්ව “Not AI’s to Take” නමින් ආරම්භ කළ ව්‍යාපාරය හරහා AI සමාගම්වලට එරෙහිව නීති දැඩි කරන ලෙසට ඔවුන් Albanese රජයයෙන් ඉල්ලා තිබෙනවා.

AI සමාගම්, නිර්මාණ භාවිත කරමින් ආදායම් උපයන විට එම නිර්මාණවල සැබෑ අයිතිකරුවන්ට ද සාධාරණ ගෙවීමක් ලැබිය යුතු බවයි ඔවුන් පවසන්නේ.

Banner 01

ඔස්ට්‍රේලියාවේ මාධ්‍ය සහ නිර්මාණ ක්ෂේත්‍රය ඩොලර් බිලියන 70ක පමණ ආර්ථික වටිනාකමක් ඇති ක්ෂේත්‍රයක් වන අතර, ලක්ෂ 6කට ආසන්න පිරිසක් එහි රැකියාවල නිරත වන බව ද ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මේ සම්බන්ධයෙන් රජය ගන්නා ඉදිරි තීරණය ඔස්ට්‍රේලියාවේ මාධ්‍යවේදීන්, ගායකයන්, ලේඛකයන් සහ අනෙකුත් නිර්මාණකරුවන්ගේ අනාගතයට වැදගත් වනු ඇති බව‍යි සඳහන්.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියානු භූමියේදී ඔස්ට්‍රේලියාවට එරෙහි එක්දින ජාත්‍යන්තර තරගයකදී සංචාරක කණ්ඩායමක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව අලුත් කිරීමට එංගලන්ත කණ්ඩායම සමත්...

Victoria ප්‍රාන්තයේ Geelong Botanic Gardensහි වගා කර ඇති ලොව දුර්ලභම මල් වර්ග අතරට අයත් දැවැන්ත Corpse Flower මල පිපීමට සූදානම්...

විදේශයන්හි ජීවත්වන ශ්‍රී ලාංකිකයන්ගේ පවුල්වල සාමාජිකයන්ට ගාස්තු අය කිරීමකින් තොරව ද්විත්ව පුරවැසිභාවය ලබාදීමට ශ්‍රී ලංකා රජය නව යෝජනාවක් ඉදිරිපත් කර...

  ඔස්ට්‍රේලියාවේ රාජ්‍ය සේවකයන් සඳහා වාර්ෂිකව වැය කරන මුදල ඩොලර් බිලියන 266.1ක් දක්වා ඉහළ යාමත් සමඟ රජයේ වියදම් අඩු කිරීම...

ඔස්ට්‍රේලියාවේ වෛද්‍යවරුන් සහ හෙදියන් සඳහා පළකරන රැකියා දැන්වීම් සංඛ්‍යාව 19.2%කින් ඉහළ ගොස් තිබෙනවා. Jobs and Skills Australia ආයතනය නොවැම්බර් 13...

ලෝක ප්‍රකට Cambridge Dictionary විසින් 2026 වසරේ ඉංග්‍රීසි වචනය ලෙස ‘Human’ යන වචනය තෝරාගෙන තිබෙනවා. AI තාක්ෂණය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමත්...

Coles සහ Woolworths සුපිරි වෙළඳසැල්වල අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ගණන් සාධාරණද යන්න සොයා බැලීමට ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම වන ACCC විශේෂ විමර්ශනයක්...

ඔස්ට්‍රේලියාවේ Queensland සහ New South Wales ප්‍රාන්තවල මිලියන ගණනක ජනතාවට ඉදිරි දින කිහිපය තුළ දරුණු ගිගුරුම් සහිත වැසි, විනාශකාරී සුළං...

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර ගුවන් ගමන් සඳහා පවතින ඉහළ ඉල්ලුම හේතුවෙන්, නොවැම්බර් 15 වැනිදා සිට Melbourne බලා ක්‍රියාත්මක කරන...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

AI සමාගම්වලට ඔස්ට්‍රේලියාවෙන් ප්‍රබල අභියෝගයක්

AI නිසා ඔස්ට්‍රේලියාවේ විදුලි බිල්පත් 20%කින් ඉහළට?

ඔස්ට්‍රේලියාවේ AI තාක්ෂණය සඳහා භාවිත කරන Data Centres සංඛ්‍යාව වේගයෙන් ඉහළ යාමත් සමඟ 2035 වසර වනවිට විදුලි මිල සියයට 20කින් පමණ ඉහළ යාමේ අවදානමක් පවතින

Read More »

Cricket Bats සහ කඩු අරන් මෙල්බන්හි පාරක් මැද දරුණු ගැටුමක්

මෙල්බන් බටහිර ප්‍රදේශයේ දී Baseball හා Cricket Bats සහ කඩු රැගෙන පුද්ගලයන් 20 දෙනෙකු පමණ සම්බන්ධ වූ දරුණු ගැටුමකින් පුද්ගලයන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා ඇති

Read More »

Cricket Bats සහ කඩු අරන් මෙල්බන්හි පාරක් මැද දරුණු ගැටුමක්

මෙල්බන් බටහිර ප්‍රදේශයේ දී Baseball හා Cricket Bats සහ කඩු රැගෙන පුද්ගලයන් 20 දෙනෙකු පමණ සම්බන්ධ වූ දරුණු ගැටුමකින් පුද්ගලයන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා ඇති

Read More »

ඔස්ට්‍රේලියාවේ Skilled Visa අයදුම්කරුවන්ට වැදගත් දැනුම්දීමක්

ඔස්ට්‍රේලියාවේ Skilled Visa සඳහා Expression of Interest (EOI) ඉදිරිපත් කර ඇති හෝ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන පුද්ගලයන්ට වැදගත් වෙනසක් සිදු කිරීමට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව

Read More »

AI සමාගම්වලට ඔස්ට්‍රේලියාවෙන් ප්‍රබල අභියෝගයක්

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ මාධ්‍ය සහ සංගීත ආයතන රැසක් එක්ව AI සමාගම්වලට එරෙහිව නව ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙනවා. ඊට හේතුව වී ඇත්තේ, AI සමාගම් තම තාක්ෂණය

Read More »

ඔස්ටේලියාවේ ප්‍රසිද්ධ උපදේශන අංශයේ සමාගමක රැකියා රැසක් කප්පාදුවට

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ ගිණුම්කරණ සහ ව්‍යාපාර උපදේශන සමාගමක් වන KPMG Australia තවත් සේවකයන් 230 දෙනෙකුගේ රැකියා කප්පාදු කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව, 2026 වසර

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom