Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සුපිරි වෙළෙඳසැල් ජාල දෙකක් වන Coles සහ Woolworths සම්බන්ධයෙන් සයිබර් ආරක්ෂක ගැටලු දෙකක් වාර්තා වීමත් සමඟ පාරිභෝගිකයන්ට විශේෂ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Coles සමාගම පසුගිය සති අන්තයේ සයිබර් ප්‍රහාරයකට ලක්ව ඇති බව තහවුරු කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් Australian Cyber Security Centre ඇතුළු ආයතන සමඟ විමර්ශන සිදුකරමින් සිටිනවා.

කෙසේ වෙතත්, පාරිභෝගිකයන්ගේ පෞද්ගලික තොරතුරු සොරාගෙන ඇති බවට හෝ Flybuys ගිණුම්වලට බලපෑමක් සිදුව ඇති බවට මෙතෙක් සාක්ෂි හමුවී නොමැති බව Coles පවසනවා.

Advertisement

මේ අතර, Woolworths සමාගමේ WISH Digital Gift Card භාවිත කරන පාරිභෝගිකයන් සිය ගණනකගේ ගිණුම්වලින් මුදල් අතුරුදන් වීමේ සිද්ධීන් වාර්තා වී තිබෙනවා.

ඇතැම් පාරිභෝගිකයන්ගේ Gift Cardවල තිබූ ඩොලර් 500ක් දක්වා මුදල්, ඔවුන් භාවිත කිරීමටත් පෙර වෙනත් ප්‍රාන්තවලදී වැය කර ඇති බවයි වාර්තා වන්නේ.

Banner 01

බලපෑමට ලක්වූ පාරිභෝගිකයන්ට අහිමි වූ මුදල් වෙනුවෙන් නව Gift Card ලබාදීම Woolworths සමාගම මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

මෙම සිදුවීම් දෙක එකිනෙකට සම්බන්ධ බවට මෙතෙක් සාක්ෂි හමුවී නොමැති අතර, විමර්ශන තවදුරටත් ක්‍රියාත්මකයි.

මේ අතර පාරිභෝගිකයන්ට තම ගිණුම්වල Passwords ආරක්ෂිතව තබාගන්නා ලෙසත්, සැකසහිත Email සහ SMS පණිවිඩවලින් ප්‍රවේශම් වන ලෙසත්, Digital Gift Cardවල ශේෂයන් නිරන්තරයෙන් පරීක්ෂා කරන ලෙසත් සයිබර් ආරක්ෂක විශේෂඥයන් උපදෙස් ලබාදී තිබෙනවා.

Woolworths Gift Card සම්බන්ධ ගැටලු ඇති පාරිභෝගිකයන්ට [email protected] ඔස්සේ සමාගම සම්බන්ධ කරගත හැකියි.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

Victoria ප්‍රාන්තයේ වෘත්තීය සමිති සහ Labor රජය අතර නව මතභේදයක් මතුව තිබෙනවා. අගමැති Ben Carrollගේ රජය සම්බන්ධයෙන්, ප්‍රධාන වෘත්තීය සමිති...

2018 වසරේදී ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩාව දැඩි අර්බුදයකට ඇද දැමූ පන්දුව පළුදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක David Warner...

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණය නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත අතර, ඡන්ද දායකයන්ට නොවැම්බර් 18 වැනිදා සිට කලින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව...

ඔස්ට්‍රේලියාවේ අත්‍යවශ්‍ය සහ ජීවිතාරක්ෂක ඖෂධ රැසක් නැවත නැවතත් හිඟවීම හේතුවෙන් වෛද්‍යවරුන් දැඩි කනස්සල්ල පළ කර තිබෙනවා. නව විශ්ලේෂණයකින් අනාවරණ වී...

යුද ගැටුම්, ස්වාභාවික විපත් සහ Cyber Attacks වැනි හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා සෑම ඔස්ට්‍රේලියානු පවුලක්ම අවම වශයෙන් දින තුනකට ප්‍රමාණවත්...

BBC, CNN, Zoom, Salesforce සහ Air France ඇතුළු ලොව ප්‍රකට ආයතන රැසක වෙබ් අඩවි හරහා පරිශීලකයන්ගේ රහස්‍ය තොරතුරු සොරකම් කිරීමට...

ඔස්ට්‍රේලියාවේ Australia Post ආයතනය, තැපැල් කාර්යාලවලින් පාර්සල් ලබාගැනීමේදී හැඳුනුම්පතක් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව ඇතැම් පාරිභෝගිකයන් සඳහා ඉවත් කරමින් නව පහසුකමක් හඳුන්වා...

ඔස්ට්‍රේලියාවේ ප්‍රතිජීවක ඖෂධවලින් පාලනය කිරීමට අපහසු බැක්ටීරියා ආසාදන පිළිබඳ වාර්තා ඉහළ යමින් පවතින බව Australian Medical Association නිකුත් කළ නවතම...

ඔස්ට්‍රේලියාවේ සාමාන්‍ය මෝටර් රථ හිමියන් ගෙවන ඉන්ධන බද්ද, ධනවතුන්ගේ පුද්ගලික ජෙට් ගුවන් යානා සඳහා අය කරන ඉන්ධන බද්දට වඩා 15...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

Coles සහ Woolworths පාරිභෝගිකයන්ට හදිසි අනතුරු ඇඟවීමක්

ඔස්ට්‍රේලියානු විශ්වවිද්‍යාල දෙකක් ලොව හොඳම දහය අතරට

ඔස්ට්‍රේලියාවේ Melbourne විශ්වවිද්‍යාලය 2027 වසර සඳහා නිකුත් කළ ලෝක විශ්වවිද්‍යාල තිරසාර සංවර්ධන ශ්‍රේණිගත කිරීම්වල ලොව 9 වැනි ස්ථානය දිනාගෙන තිබෙනවා. QS ආයතනය පසුගියදා නිකුත් කළ

Read More »

වෙනත් කාන්තාවකගේ ගර්භාෂයෙන් දරුවෙකු බිහිකර ගැනීමට ඔස්ට්‍රේලියාවෙන් නව නීති

ඔස්ට්‍රේලියාවේ Surrogacy සම්බන්ධ නීති පද්ධතියේ පුළුල් වෙනසක් සිදුකිරීම සඳහා නව නිර්දේශ 47ක් ඉදිරිපත් කර තිබෙනවා. Australian Law Reform Commission විසින් ඉදිරිපත් කළ මෙම නිර්දේශවල ප්‍රධාන

Read More »

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය Cheese සහ Chocolate සන්නාමයක් බංකොලොත්භාවයට

ටස්මේනියාවේ ජනප්‍රිය Cheese සහ Chocolate නිෂ්පාදන සන්නාමයක් වන Coal River Farm සමාගම මූල්‍ය අර්බුද හේතුවෙන් Voluntary Administration තත්ත්වයට පත්ව තිබෙනවා. 2015 වසරේදී ආරම්භ කළ මෙම

Read More »

BBC, CNN ඇතුළු ලොව ප්‍රකට වෙබ් අඩවි රැසකට සයිබර් ප්‍රහාරයක්

BBC, CNN, Zoom, Salesforce සහ Air France ඇතුළු ලොව ප්‍රකට ආයතන රැසක වෙබ් අඩවි හරහා පරිශීලකයන්ගේ රහස්‍ය තොරතුරු සොරකම් කිරීමට උත්සාහ කළ සයිබර් ප්‍රහාරයක් අනාවරණය

Read More »

ඔස්ට්‍රේලියාවේ වැටුප් වැඩිවීමත් ජීවන වියදම හමුවේ පරාජය වෙයිද?

ඔස්ට්‍රේලියාවේ සේවක වැටුප් වර්ධනය 2023 වසරේ අගභාගයෙන් පසු වාර්තා වූ වේගවත්ම මට්ටමට පැමිණ තිබෙනවා. නමුත් වැටුප් වැඩිවීමට වඩා වේගයෙන් භාණ්ඩ හා සේවා මිල ඉහළ යාම

Read More »

2026 වසරේ ලෝකයම කතා කළ වචනය

ලෝක ප්‍රකට Cambridge Dictionary විසින් 2026 වසරේ ඉංග්‍රීසි වචනය ලෙස ‘Human’ යන වචනය තෝරාගෙන තිබෙනවා. AI තාක්ෂණය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමත් සමඟ මිනිසාගේ අනන්‍යතාව සහ අනාගතය

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom