Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

යුද ගැටුම්, ස්වාභාවික විපත් සහ Cyber Attacks වැනි හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා සෑම ඔස්ට්‍රේලියානු පවුලක්ම අවම වශයෙන් දින තුනකට ප්‍රමාණවත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සූදානම් කර තබාගත යුතු බව හිටපු ඔස්ට්‍රේලියානු ආරක්ෂක හමුදා සාමාජිකයෙකු වන Travis Goldie පෙන්වා දෙනවා.

Red Cross ආයතනය සිදුකළ සමීක්ෂණයකට අනුව, ඔස්ට්‍රේලියානුවන් තිදෙනෙකුගෙන් එක් අයෙකු හදිසි ආපදාවකදී කළ යුතු දේ පිළිබඳ ප්‍රමාණවත් විශ්වාසයක් නොමැති බව ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව පානීය ජලය, කල්තබාගත හැකි ආහාර, අත්‍යවශ්‍ය ඖෂධ, විදේශ ගමන් බලපත්‍ර සහ හැඳුනුම්පත් ඇතුළු වැදගත් ලියකියවිලි පහසුවෙන් රැගෙන යා හැකි හදිසි බෑගයක සූදානම් කර තබාගැනීම වැදගත් බව ඔහු පවසනවා.

Advertisement

විශේෂයෙන් දියවැඩියාව වැනි රෝගී තත්ත්වයන් ඇති පවුලේ සාමාජිකයන්ගේ ඖෂධ සහ විශේෂ ආහාර අවශ්‍යතා පිළිබඳව ද සැලකිලිමත් විය යුතු බව සඳහන්.

මීට අමතරව විදුලිබලය හෝ ජංගම දුරකථන සන්නිවේදන ජාල බිඳවැටෙන අවස්ථාවක හදිසි නිවේදන ලබාගැනීම සඳහා බැටරිවලින් ක්‍රියාත්මක වන හෝ අතින් ආරෝපණය කළ හැකි AM/FM Radio යන්ත්‍රයක් තබාගැනීම ඉතා වැදගත් බව Travis Goldie අවධාරණය කරනවා.

Banner 01

අමතර බැටරි, Power Banks සහ කුඩා Solar Chargers වැනි උපකරණ ද හදිසි අවස්ථාවකදී ප්‍රයෝජනවත් විය හැකියි.

කෙසේ වෙතත්, භාණ්ඩ රැස්කර තබාගැනීමට වඩා හදිසි අවස්ථාවකදී නිවසින් ඉවත් විය යුතු ආකාරය, ආරක්ෂිත මාර්ග සහ පවුලේ සාමාජිකයන් හමුවිය යුතු ස්ථාන පිළිබඳ කල්තියා සැලසුමක් සකස් කර තිබීම වඩාත් වැදගත් බව Goldie පෙන්වා දෙනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ Melbourne නගර මධ්‍යයේ ආහාර බෙදාහැරීමේ සේවකයෙකු පසුගියදා පිහි ඇනුමකින් ඝාතනය වීමට පෙර, සිදුවූ දේ දැක්වෙන නව CCTV දර්ශන පෙළක්...

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට දින 15ක් ඉතිරිව තිබියදී, නවතම ජනමත සමීක්ෂණයකින් ප්‍රාන්ත අගමැති Ben Carrollගේ Labor පක්ෂයට තවදුරටත් පසුබෑමක් පෙන්නුම් කර...

ඔස්ට්‍රේලියාවේ Qantas ගුවන් සේවය වෙනුවෙන් නිර්මාණය කෙරෙන විශේෂ ගුවන් යානයක් පැය 24කට අධික කාලයක් නොනවත්වා පියාසර කරමින් නව Guinness ලෝක...

ලොව අභ්‍යවකාශ තාක්ෂණයේ ඓතිහාසික ජයග්‍රහණයක් සනිටුහන් කරමින් Elon Muskට අයත් SpaceX සමාගම, පෘථිවිය වටා ගමන් කළ Starship අභ්‍යවකාශ යානයක් ප්‍රථම...

Melbourne හි බස් නැවතුම්පොළවලට සිදුකරන හානි කිරීම් සහ විනාශකාරී ක්‍රියා සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. පසුගිය මාස 12 තුළ Victoria ප්‍රාන්තයේ...

ඔස්ට්‍රේලියාවේ ඉදිරි මාස කිහිපය තුළ ආහාර සහ පාන වර්ගවල මිල සියයට 7කින් පමණ ඉහළ යා හැකි බවට ප්‍රධාන ආහාර බෙදාහැරීමේ...

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ Bendigo රෝහලේ රෝගීන් 11 දෙනෙකුගේ මොළයේ මරණ තහවුරු කිරීමේ දී නියමිත වෛද්‍ය මාර්ගෝපදේශ නිසි ලෙස අනුගමනය කර...

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරු Usman Khawaja සිය ස්වයං චරිතාපදානයෙන් කළ ආන්දෝලනාත්මක හෙළිදරව්වලට පිළිතුරු ලබාදීමට ඔස්ට්‍රේලියානු නායක Pat Cummins...

වික්ටෝරියා ප්‍රාන්තයේ Labor රජය යටතේ ක්‍රියාත්මක කළ Big Build ඉදිකිරීම් ව්‍යාපෘතිවල දූෂණ සහ වෘත්තීය සමිති බලපෑම් පිළිබඳ Royal Commission විමර්ශනයේදී...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

හදිසි ආපදාවකට සූදානම් වන්න – ඔස්ට්‍රේලියානුවන් නිවසේ තබාගත යුතු දේ මෙන්න

Coles එකට සයිබර් ප්‍රහාරයක් – පාරිභෝගිකයන්ට විශේෂ ඊමේල් පණිවිඩයක්

ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම සුපිරි වෙළෙඳසැල් ජාලයක් වන Coles සමාගම සයිබර් ආරක්ෂණ සිදුවීමකට මුහුණ දී ඇති අතර, ඒ සම්බන්ධයෙන් සිය පාරිභෝගිකයන් දැනුවත් කිරීමට විශේෂ ඊමේල් පණිවිඩයක් යොමු

Read More »

මෙල්බන් නගර මධ්‍යයේ සිඟමන් යැදීම ගැන දැඩි කතාබහක්

Melbourne CBD ප්‍රදේශයේ සිඟමන් යැදීමේ සිදුවීම් සංඛ්‍යාව නීති වෙනස් කිරීමෙන් පසු තුන් ගුණයකට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව නව දත්ත මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

ගර්භණී මව්වරුන්ගේ වියදම අඩු කරන්න වික්ටෝරියා රජයෙන් සැලසුමක්

Victoria ප්‍රාන්තයේ ගර්භණී කාන්තාවන්ට සිදුකරන විශේෂිත රුධිර පරීක්ෂණ නොමිලේ ලබාදීමට Labor පක්ෂය නව යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත Victoria ප්‍රාන්ත මැතිවරණයෙන්

Read More »

රට ඇතුළේ අයට මුල් තැන – පිටරටින් එන Skilled Visa අයදුම්කරුවන්ට බලපෑමක්

ඔස්ට්‍රේලියාවට විදේශයන්හි සිට Skilled Visa සඳහා අයදුම් කරන පුද්ගලයන්ට වඩා, දැනටමත් ඔස්ට්‍රේලියාව තුළ සිටින අයදුම්කරුවන්ට ප්‍රමුඛතාව ලබාදෙන වීසා ප්‍රතිපත්තිය තවදුරටත් ක්‍රියාත්මක කරන බව ෆෙඩරල් රජය

Read More »

ඔස්ට්‍රේලියාවේ නගරයෙන් ඈතට යන තරමට ආයු කාලය අඩුවෙනවාද?

ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශවල ජීවත් වන ජනතාවගේ ආයු අපේක්ෂාව Melbourne වැසියන්ට සාපේක්ෂව වසර 5ත් 7ත් අතර කාලයකින් අඩු බව නව සෞඛ්‍ය දත්ත මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

Subclass 600, 601 සහ 651 වීසා සඳහා නව කොන්දේසියක්

ඔස්ට්‍රේලියාවේ Visitor Visa ලබාගැනීමට අපේක්ෂා කරන පුද්ගලයන්ට බලපාන නව වීසා නීති සංශෝධනයක් නොවැම්බර් 28 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතයි. ඒ අනුව Subclass 600 Visitor Visa

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom