

Working Holiday Visa සීමා කිරීමේ සැලැස්ම කල් යයිද?
ඔස්ට්‍රේලියාවේ දෙවැනි සහ තෙවැනි වසරේ Working Holiday Visa ලබාගැනීම සඳහා හඳුන්වාදීමට සැලසුම් කළ Ballot ක්‍රමය ක්‍රියාත්මක කිරීම ලබන වසර දක්වා කල් දැමීමට ෆෙඩරල් රජය සූදානම්

ඔස්ට්‍රේලියාව ඇතුළු ලොව පුරා Rheumatic Heart Disease හෙවත් රූමැටික් හෘද රෝගය 2040 වසර වනවිට තුරන් කිරීමේ අරමුණින් ජාත්‍යන්තර සෞඛ්‍ය විශේෂඥයන් නව වැඩපිළිවෙළක් ඉදිරිපත් කර තිබෙනවා.
Perth නුවර පැවති ජාත්‍යන්තර සමුළුවකදී, ඉදිරිපත් කළ මෙම සැලැස්ම මගින් රෝගය කල්තියා හඳුනාගැනීම, ප්‍රතිකාර පහසුකම් පුළුල් කිරීම සහ රෝගය වැළැක්වීම සඳහා ජනතාව දැනුවත් කිරීම අපේක්ෂා කෙරෙනවා.
මෙම රෝගය සාමාන්‍යයෙන් බැක්ටීරියා ආසාදනයකින් පසුව ඇතිවිය හැකි Rheumatic Fever තත්ත්වය හේතුවෙන් හෘද කපාටවලට ස්ථිර හානි සිදුවීමෙන් ඇතිවන අතර, නිසි කලට ප්‍රතිකාර ලබාගැනීමෙන් එය වළක්වාගත හැකි බව වෛද්‍ය විශේෂඥයන් පවසනවා.

ඔස්ට්‍රේලියාවේ පුද්ගලයන් 12,000කට ආසන්න පිරිසක් මෙම හෘද රෝගයෙන් පෙළෙන හෝ මීට පෙර Rheumatic Fever තත්ත්වයට මුහුණදී ඇති බවයි වාර්තා වන්නේ.
විශේෂයෙන් ප්‍රතිකාර නොලැබෙන උගුරේ ඇතැම් බැක්ටීරියා ආසාදන හේතුවෙන් Rheumatic Fever ඇතිවිය හැකි බැවින්, උගුරේ ආසාදන සහ උණ වැනි රෝග ලක්ෂණ ඇතිවූ විට නිසි වෛද්‍ය උපදෙස් ලබාගැනීම වැදගත් බව සෞඛ්‍ය විශේෂඥයන් පෙන්වා දෙනවා.
මෙම රෝගය හේතුවෙන් ඇතිවන හෘද හානි ඇතැම් අවස්ථාවලදී බරපතළ සංකූලතා දක්වා වර්ධනය විය හැකි බැවින්, රෝගය කල්තියා හඳුනාගැනීම සහ ප්‍රතිකාර ලබාගැනීම කෙරෙහි විශේෂ අවධානයක් යොමුකර තිබෙනවා.
මේ අතර, ඔස්ට්‍රේලියාව 2031 වසර වනවිට මෙම රෝගය තුරන් කිරීමට ජාතික සැලැස්මක් සකස් කර තිබුණද, ඒ සඳහා අවශ්‍ය ඩොලර් මිලියන 689ක අරමුදලින් මෙතෙක් වෙන්කර ඇත්තේ සීමිත මුදලක් බව සෞඛ්‍ය විශේෂඥයන් පෙන්වා දෙනවා.
ලබන 28 වැනිදා පැවැත්වීමට නියමිත වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට සති තුනකටත් අඩු කාලයක් ඉතිරිව තිබියදී, Labor පක්ෂය ගත් මැතිවරණ තීරණයක් හේතුවෙන්...
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු හතරෙන් එකක් වන National Australia Bank හෙවත් NAB බැංකුව, වසර 14ක කාලයක් පුරා සිය සේවකයන් 66,000කට ආසන්න...
ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබියදී, ප්‍රධාන දේශපාලන පක්ෂ හතරක් වන Labor, Coalition, Greens සහ One Nation පක්ෂ ඉදිරිපත්...
2018 වසරේ දකුණු අප්‍රිකාවේ කේප්ටවුන්හිදී සිදුවූ ආන්දෝලනාත්මක පන්දුව පළුදු කිරීමේ සිද්ධිය හෙවත් Sandpapergate සිද්ධිය සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක...
ලොව පුරා Microsoft සේවා පැය 24කට ආසන්න කාලයක් බිඳවැටීමත් සමඟ ඔස්ට්‍රේලියානු ව්‍යාපාර සහ ආයතනවල සංවේදී තොරතුරු විශාල ප්‍රමාණයක් සාමාන්‍ය Cyber...
ගුවන් සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණයක් හඳුන්වා දෙමින්, නියමුවෙකු සහිතව හෝ රහිතව පියාසර කළ හැකි CE-25A විදුලි මගී ගුවන් යානයේ පළමු...
සුප්‍රසිද්ධ පිලිපීන ක්ෂණික ආහාර අවන්හල් ජාලයක් වන Jollibee, පළමු වරට ඔස්ට්‍රේලියාවේ අවන්හල් ආරම්භ කිරීමට සූදානම් වනවා. ඒ අනුව ඉදිරි වසර...
ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම ගුවන් සේවා සමාගමක් වන Qantas සමාගම, සිය ආයතනික රැකියා 850කට පමණ බලපෑම් එල්ල විය හැකි නව ප්‍රතිව්‍යුහගත කිරීමේ...
ඔස්ට්‍රේලියාවේ ඇතැම් ප්‍රාදේශීය ප්‍රදේශවල පවතින සේවක හිඟය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යය සමඟ සාකච්ඡා කළ බව අගමැති Anthony Albanese පවසනවා. Canberra හි පැවති...

ඔස්ට්‍රේලියාවේ දෙවැනි සහ තෙවැනි වසරේ Working Holiday Visa ලබාගැනීම සඳහා හඳුන්වාදීමට සැලසුම් කළ Ballot ක්‍රමය ක්‍රියාත්මක කිරීම ලබන වසර දක්වා කල් දැමීමට ෆෙඩරල් රජය සූදානම්

ඉන්දුනීසියාවේ සිදුවූ රික්ටර් මාපකයේ 6.6ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක කම්පන ඔස්ට්‍රේලියාවේ Darwin නුවර ඇතුළු ප්‍රදේශ රැසකට දැනී තිබෙනවා. අද උදෑසන 6.41ට පමණ ඉන්දුනීසියාවේ Tanimbar Islands ආසන්නයේ

ඔස්ට්‍රේලියාවේ වැඩිහිටියන්ට නිවසේදීම රැකවරණය ලබාදෙන නව Support at Home වැඩසටහන යටතේ සේවා ගාස්තු විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බවට චෝදනා එල්ල වී තිබෙනවා. නොවැම්බර් 1

Melbourne CBD ප්‍රදේශයේ සිඟමන් යැදීමේ සිදුවීම් සංඛ්‍යාව නීති වෙනස් කිරීමෙන් පසු තුන් ගුණයකට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව නව දත්ත මගින් අනාවරණ වී තිබෙනවා.

Victoria ප්‍රාන්තයේ ගර්භණී කාන්තාවන්ට සිදුකරන විශේෂිත රුධිර පරීක්ෂණ නොමිලේ ලබාදීමට Labor පක්ෂය නව යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත Victoria ප්‍රාන්ත මැතිවරණයෙන්

ඔස්ට්‍රේලියාවට විදේශයන්හි සිට Skilled Visa සඳහා අයදුම් කරන පුද්ගලයන්ට වඩා, දැනටමත් ඔස්ට්‍රේලියාව තුළ සිටින අයදුම්කරුවන්ට ප්‍රමුඛතාව ලබාදෙන වීසා ප්‍රතිපත්තිය තවදුරටත් ක්‍රියාත්මක කරන බව ෆෙඩරල් රජය