

මෙල්බන් නගර මධ්‍යයේ සිඟමන් යැදීම ගැන දැඩි කතාබහක්
Melbourne CBD ප්‍රදේශයේ සිඟමන් යැදීමේ සිදුවීම් සංඛ්‍යාව නීති වෙනස් කිරීමෙන් පසු තුන් ගුණයකට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව නව දත්ත මගින් අනාවරණ වී තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ Queensland සහ New South Wales ප්‍රාන්තවල මිලියන ගණනක ජනතාවට ඉදිරි දින කිහිපය තුළ දරුණු ගිගුරුම් සහිත වැසි, විනාශකාරී සුළං සහ විශාල හිම කැට පතිත වීමේ අවදානමක් පවතින බව කාලගුණ විද්‍යා කාර්යාංශය (BOM) අනතුරු අඟවා තිබෙනවා.
නොවැම්බර් 14 සිට 16 දක්වා කාලය තුළ මෙම අයහපත් කාලගුණික තත්ත්වය බලපෑ හැකි අතර, Queensland ප්‍රාන්තයේ ඇතැම් ප්‍රදේශවලට දැනටමත් මිලිමීටර් 100 ඉක්මවන වර්ෂාපතනයක් ලැබී ඇති බවයි වාර්තා වන්නේ.
අද (15) New South Wales ප්‍රාන්තයේ Coffs Harbour සහ Port Macquarie අවට ප්‍රදේශවලට සෙන්ටිමීටර් 5 ඉක්මවන විශාල හිම කැට සහ පැයට කිලෝමීටර් 120 ඉක්මවන විනාශකාරී සුළං ඇතිවීමේ අවදානමක් පවතින බව කාලගුණ විද්‍යාඥයන් පෙන්වා දෙනවා.

Sydney නගරයට ද ගිගුරුම් සහිත කුණාටු බලපෑ හැකි අතර, Brisbane, Gympie සහ South East Queensland ප්‍රදේශවලට හෙට (16) දිනයේදී තවදුරටත් දරුණු කුණාටු ඇතිවීමේ අවදානමක් පවතිනවා.
මෙම කාලගුණික තත්ත්වය හේතුවෙන් හදිසි ගංවතුර, ගස් කඩාවැටීම්, දේපළ හානි, විදුලි සැපයුම් බිඳවැටීම් සහ මාර්ග අවහිරවීම් සිදුවිය හැකි බවටයි බලධාරීන් අනතුරු අඟවා ඇත්තේ.
ගංවතුරෙන් යටවූ මාර්ගවල රිය ධාවනය නොකරන ලෙසත්, නිවාස අවට ඇති සැහැල්ලු භාණ්ඩ ආරක්ෂිතව තබාගන්නා ලෙසත් ජනතාවට උපදෙස් ලබාදී තිබෙනවා.
අවදානම් ප්‍රදේශවල ජීවත් වන ජනතාවට Bureau of Meteorology විසින් නිකුත් කරන නවතම කාලගුණ අනතුරු ඇඟවීම් පිළිබඳ නිරන්තර අවධානයෙන් සිටින ලෙස ද දැනුම් දී තිබෙනවා.
යුද ගැටුම්, ස්වාභාවික විපත් සහ Cyber Attacks වැනි හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා සෑම ඔස්ට්‍රේලියානු පවුලක්ම අවම වශයෙන් දින තුනකට ප්‍රමාණවත්...
ඔස්ට්‍රේලියාවේ තාවකාලික වීසා ලබාගැනීමට බලාපොරොත්තු වන විදේශිකයන්ට බලපාන තවත් වැදගත් සංක්‍රමණ නීති වෙනසක් අද සිට ක්‍රියාත්මක වී තිබෙනවා. ඒ අනුව...
Melbourne CBD ප්‍රදේශයේ ක්‍රියාත්මක Fast Food, Restaurants සහ Cafés ඇතුළු ව්‍යාපාරික ස්ථාන 30කට අධික සංඛ්‍යාවක් ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයේ (ATO) නිලධාරීන්ගේ...
ඔස්ට්‍රේලියානුවන්ට අවශ්‍ය අවස්ථාවේදී දැරිය හැකි මිලකට සෞඛ්‍ය සේවා ලබාගැනීම පහසු කිරීමේ අරමුණින් ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජය නව දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ...
ලොව ප්‍රධාන තාක්ෂණික සමාගමක් වන Microsoft සමාගමේ Outlook ඇතුළු ප්‍රධාන අන්තර්ජාල සේවා කිහිපයක ඇති වූ දැවැන්ත තාක්ෂණික බිඳවැටීමක් හේතුවෙන් ඔස්ට්‍රේලියාව...
ලබන 28 වැනිදා පැවැත්වීමට නියමිත වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට සති තුනකටත් අඩු කාලයක් ඉතිරිව තිබියදී, Labor පක්ෂය ගත් මැතිවරණ තීරණයක් හේතුවෙන්...
ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර ගුවන් ගමන් සඳහා පවතින ඉහළ ඉල්ලුම හේතුවෙන්, නොවැම්බර් 15 වැනිදා සිට Melbourne බලා ක්‍රියාත්මක කරන...
ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරු Usman Khawaja සිය ස්වයං චරිතාපදානයෙන් කළ ආන්දෝලනාත්මක හෙළිදරව්වලට පිළිතුරු ලබාදීමට ඔස්ට්‍රේලියානු නායක Pat Cummins...
ඔස්ට්‍රේලියාවේ නවතම ජනමත සමීක්ෂණවලට අනුව Liberal සහ National පක්ෂ සන්ධානයට ජනතා සහාය ඉහළ යමින් පවතින අතර, අගමැති Anthony Albaneseගේ Labor...

Melbourne CBD ප්‍රදේශයේ සිඟමන් යැදීමේ සිදුවීම් සංඛ්‍යාව නීති වෙනස් කිරීමෙන් පසු තුන් ගුණයකට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව නව දත්ත මගින් අනාවරණ වී තිබෙනවා.

Victoria ප්‍රාන්තයේ ගර්භණී කාන්තාවන්ට සිදුකරන විශේෂිත රුධිර පරීක්ෂණ නොමිලේ ලබාදීමට Labor පක්ෂය නව යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත Victoria ප්‍රාන්ත මැතිවරණයෙන්

ඔස්ට්‍රේලියාවට විදේශයන්හි සිට Skilled Visa සඳහා අයදුම් කරන පුද්ගලයන්ට වඩා, දැනටමත් ඔස්ට්‍රේලියාව තුළ සිටින අයදුම්කරුවන්ට ප්‍රමුඛතාව ලබාදෙන වීසා ප්‍රතිපත්තිය තවදුරටත් ක්‍රියාත්මක කරන බව ෆෙඩරල් රජය

ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශවල ජීවත් වන ජනතාවගේ ආයු අපේක්ෂාව Melbourne වැසියන්ට සාපේක්ෂව වසර 5ත් 7ත් අතර කාලයකින් අඩු බව නව සෞඛ්‍ය දත්ත මගින් අනාවරණ වී තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ Visitor Visa ලබාගැනීමට අපේක්ෂා කරන පුද්ගලයන්ට බලපාන නව වීසා නීති සංශෝධනයක් නොවැම්බර් 28 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතයි. ඒ අනුව Subclass 600 Visitor Visa

One Nation දේශපාලන පක්ෂයට සහ එහි නායිකා Pauline Hansonගේ ප්‍රතිපත්තිවලට එරෙහිව රටපුරා ශිෂ්‍ය විරෝධතා පැවැත්වීමත් සමඟ ඇය ඊට දැඩි ප්‍රතිචාරයක් දක්වා තිබෙනවා. Sydney නගරයේ Town