

Relationshipsවලට තිත තබන ඔබ නොසිතන සනීපාරක්ෂක පුරුදු
ආදර සබඳතා බිඳවැටීමට හෝ නව ආදර සබඳතාවක් ආරම්භ කිරීමට බාධාවක් වීමට පුද්ගලයන්ගේ පෞද්ගලික සනීපාරක්ෂක පුරුදු ප්‍රධාන හේතුවක් විය හැකි බව නව සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

ඔස්ට්‍රේලියානුවන්ට අවශ්‍ය අවස්ථාවේදී දැරිය හැකි මිලකට සෞඛ්‍ය සේවා ලබාගැනීම පහසු කිරීමේ අරමුණින් ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජය නව දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.
Medicare Services නමින් ආරම්භ කර ඇති මෙම වැඩසටහන මඟින් දැනට පවතින 1800MEDICARE සේවාව, පුළුල් කළ Bulk Billing පහසුකම් සහ Medicare Urgent Care Clinics පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට නියමිතයි.
ඒ අනුව, හදිසි නොවන සෞඛ්‍ය ගැටලු සඳහා ලියාපදිංචි හෙද නිලධාරියෙකුගෙන් නොමිලේ උපදෙස් ලබාගැනීමට 1800MEDICARE සේවාව ඔස්සේ දවසේ පැය 24 පුරා අවස්ථාව හිමිවනවා.

මෙම සේවාව ලබාගැනීමට Medicare කාඩ්පතක් අවශ්‍ය නොවන අතර, ඔස්ට්‍රේලියාවේ සිටින ඕනෑම අයෙකුට 1800 633 422 යන අංකය ඇමතීමෙන් හෝ 1800MEDICARE නිල වෙබ් අඩවිය ඔස්සේ සෞඛ්‍ය උපදෙස් ලබාගත හැකි වෙනවා. එමෙන්ම, මීට පෙර my health app ලෙස හැඳින්වූ 1800MEDICARE app නම් ජංගම යෙදුම (App) හරහා ද සෞඛ්‍ය තොරතුරු සහ අනෙක් පහසුකම් ලබාගැනීමට අවස්ථාව පවතිනවා.
මේ අතර, Bulk Billing පහසුකම් පුළුල් කිරීමත් සමඟ Medicare සඳහා සුදුසුකම් ඇති රෝගීන්ට තමන්ගේ මුදලින් ගෙවීමට සිදුවන වෛද්‍ය වියදම් අඩුකරගැනීමට වැඩි අවස්ථාවක් හිමිව තිබෙනවා.
රජයේ දත්ත අනුව, ඔස්ට්‍රේලියානුවන්ගෙන් 97%ක් පමණ Bulk Billing පහසුකම් සපයන වෛද්‍ය මධ්‍යස්ථානයකට මිනිත්තු 20ක රිය ගමනකින් ළඟා විය හැකි ප්‍රදේශවල ජීවත් වන බවයි වාර්තා වන්නේ. ඒ අනුව, Medicare සඳහා සුදුසුකම් ඇති ජනතාවට තමන්ගේ මුදලින් ගෙවීමට සිදුවන වෛද්‍ය වියදම් අවම කරගනිමින් සෞඛ්‍ය සේවා ලබාගැනීමට වැඩි අවස්ථාවක් පවතිනවා.
එමෙන්ම, ජීවිතයට තර්ජනයක් නොවන නමුත් කඩිනම් ප්‍රතිකාර අවශ්‍ය රෝග සහ තුවාල සඳහා ප්‍රතිකාර සපයන Medicare Urgent Care Clinics 137ක් මේ වනවිට රට පුරා ක්‍රියාත්මක වන බවයි සඳහන් වන්නේ. මෙම මධ්‍යස්ථාන සතියේ දින හතේම දීර්ඝ වේලාවක් විවෘතව පවතින අතර, කලින් වේලාවක් වෙන්කරගැනීම හෝ වෙනත් වෛද්‍යවරයෙකුගේ පෙර නිර්දේශයක් අවශ්‍ය වන්නේ නැහැ.
නව දැනුවත් කිරීමේ වැඩසටහන රූපවාහිනී, සමාජ මාධ්‍ය සහ අනෙකුත් ප්‍රචාරණ මාධ්‍ය ඔස්සේ රට පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි රජය දැනුම්දෙන්නේ.
බටහිර ඔස්ට්‍රේලියාවේ Perth නගරයට ආසන්න Ellenbrook ප්‍රදේශයේදී 13 හැවිරිදි පිරිමි දරුවෙකුට තරුණයන් පිරිසක් විසින් පහරදුන් බව කියන සිද්ධියකට විරෝධය පළ...
ඔස්ට්‍රේලියාවේ ජාතික ගුවන් සේවය වන Qantas, Sydney සිට දකුණු අප්‍රිකාවේ ජනප්‍රිය සංචාරක නගරයක් වන Cape Town දක්වා ප්‍රථම වරට අතරමැදි...
ඔස්ට්‍රේලියාවේ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යමින් පවතින අතර, පසුගිය ඔක්තෝබර් 28 සහ 29 දින නිකුත් වූ නවතම ආර්ථික...
නොවැම්බර් 28 වැනිදා පැවැත්වෙන වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයේදී Labor පක්ෂයට අයත් ප්‍රධාන ආසන කිහිපයක් දිනාගනිමින් පාර්ලිමේන්තුවේ බල තුලනය වෙනස් කිරීමට Greens...
ඔස්ට්‍රේලියාවේ ඓතිහාසික හමුදා කඳවුරු කිහිපයක් පෞද්ගලික අංශයට විකිණීමට ගෙන තිබූ තීරණය වෙනස් කිරීමට අගමැති ඇන්තනි ඇල්බනීසිගේ රජය තීරණය කර තිබෙනවා....
Perth ගුවන්තොටුපොළේදී ගුවන් යානයක කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට පහරදුන් බවට චෝදනා එල්ල වූ 57 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමේ සිදුවීමක් වාර්තා වෙනවා....
ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකට අද (07) සහ හෙට (08) දිනවල තද සුළං, අධික වැසි සහ ගිගුරුම් සහිත කුණාටු ඇතිවිය හැකි බවට...
ඔස්ට්‍රේලියාවේ Adelaide නගරයේ දකුණු ප්‍රදේශයක සිදුවූ බිහිසුණු රිය අනතුරකින් 29 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (06) අලුයම 4ට පමණ...
මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් ගුවන් යානා ඉන්ධන මිල අඛණ්ඩව ඉහළ මට්ටමක පැවතීමත් සමඟ ගුවන් ටිකට්පත් මිල තවදුරටත් ඉහළ දැමීමට සිදුවිය...

ආදර සබඳතා බිඳවැටීමට හෝ නව ආදර සබඳතාවක් ආරම්භ කිරීමට බාධාවක් වීමට පුද්ගලයන්ගේ පෞද්ගලික සනීපාරක්ෂක පුරුදු ප්‍රධාන හේතුවක් විය හැකි බව නව සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

ලොව ප්‍රබලතම AI තාක්ෂණයන් සංවර්ධනය කරන සමාගම් සඳහා අනිවාර්ය ආරක්ෂක නීති හඳුන්වාදීමට ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජය අද (10) සැලසුම් ප්‍රකාශයට පත් කර තිබෙනවා. අගමැති Anthony Albanese

මෙල්බන් නගරයට ඊසාන දෙසින් පිහිටි Lilydale Airport ආසන්නයේදී සැහැල්ලු ගුවන් යානයක් මෝටර් රථයක ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. අද පස්වරු 2.30ට පමණ

නොවැම්බර් 28 වැනිදා පැවැත්වෙන වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයේදී Labor පක්ෂයට අයත් ප්‍රධාන ආසන කිහිපයක් දිනාගනිමින් පාර්ලිමේන්තුවේ බල තුලනය වෙනස් කිරීමට Greens පක්ෂය සූදානම් වෙනවා. දැනට වික්ටෝරියා

ඔස්ට්‍රේලියාවේ අලුතින් ආරම්භ කරන ව්‍යාපාරවලට ද විදේශීය පුහුණු ශ්‍රමිකයන් සඳහා Skills in Demand හෙවත් Subclass 482 වීසා යටතේ Sponsorship ලබාදීමට හැකියාව පවතින බව සංක්‍රමණ නීති

ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම ගුවන් සේවා සමාගමක් වන Qantas සමාගම, සිය ආයතනික රැකියා 850කට පමණ බලපෑම් එල්ල විය හැකි නව ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්මක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.