Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

2018 වසරේදී ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩාව දැඩි ආන්දෝලනයකට ලක්කළ පන්දුව පළුදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ක්‍රිකට් ක්‍රීඩක David Warner වසර 8කට පසු සිය නිහඬතාව බිඳ තිබෙනවා.

හිටපු ඔස්ට්‍රේලියානු ක්‍රීඩක Usman Khawaja සිය නවතම ග්‍රන්ථයෙන් සිදුකළ හෙළිදරව් සියයට සියයක් නිවැරදි බවයි Warner සඳහන් කරන්නේ.

2018 වසරේ දකුණු අප්‍රිකාවේ කේප්ටවුන්හි පැවති ටෙස්ට් තරගයකදී වැලි කඩදාසි භාවිතයෙන් ක්‍රිකට් පන්දුවේ ස්වභාවය වෙනස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එවකට නායක Steve Smith සහ උපනායක David Warnerට වසරක තරග තහනමක් පනවා තිබුණා.

Advertisement

Cameron Bancroftට ද මාස නවයක තරග තහනමක් පැනවුණා.

කෙසේ වෙතත් Usman Khawaja සිය නවතම ග්‍රන්ථය වන Sabr හරහා චෝදනා කරන්නේ, පන්දුව පළුදු කිරීමේ සැලසුම පිළිබඳව ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයන් සහ පුහුණු කාර්ය මණ්ඩලය ද දැන සිටි බවයි.

Banner 01

මෙම ප්‍රකාශයට සම්පූර්ණ සහය පළකරමින් David Warner සඳහන් කරන්නේ, එවකට Cricket Australia ආයතනය සිදුකළ විමර්ශනය කඩිමුඩියේ සහ නිසි ක්‍රමවේදයකින් තොරව සිදුකර ඇති බවයි.

සිද්ධිය සිදුවූ අවස්ථාවේ Cameron Bancroft අසල සිටි Usman Khawajaගෙන් පවා විමර්ශන නිලධාරීන් නොවිමසීම පිළිබඳව වෝනර් ප්‍රශ්න කර තිබෙනවා.

එවැනි විමර්ශනයක් සම්පූර්ණ සහ සාධාරණ පරීක්ෂණයක් ලෙස පිළිගන්නේ කෙසේදැයි ඔහු විමසා සිටිනවා.

තමන්ගේ අරමුණ කිසිවෙකුට චෝදනා කිරීම නොව සිද්ධිය සම්බන්ධයෙන් සත්‍යය, වගවීම සහ විනිවිදභාවය තහවුරු කිරීම බවයි වෝනර් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මේ අතර වසර අටකට පසු මෙම සිද්ධිය යළි සාකච්ඡාවට ලක්වීම තම පවුලට ද දැඩි මානසික බලපෑමක් ඇතිකර ඇති ද බව ඔහු පවසනවා.

කෙසේ වෙතත් Cricket Australia ආයතනය සිය මුල් විමර්ශනයේ නිගමන තවදුරටත් ආරක්ෂා කරමින් සිටින අතර, කවාජාගේ චෝදනා ස්වාධීනව තහවුරු වී නැහැ.

මෙම නව හෙළිදරව් සමඟ 2018 පන්දුව පළුදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්ෂේත්‍රය තුළ යළිත් දැඩි අවධානයක් යොමුව තිබෙනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ලොව පුරා මැදිවියේ කාන්තාවන්ගෙන් සියයට 50ක් පමණ දිගුකාලීන ශාරීරික වේදනාවලින් පීඩා විඳින බව International Menopause Society (IMS) නිකුත් කළ නවතම...

ඇමරිකානු දේශපාලනයේ විශාල පෙරළියක් සිදුකරමින් 2026 Midterm Election හිදී Democratic පක්ෂය කොංග්‍රසයේ ප්‍රධාන ආයතන දෙක වන House of Representatives සහ...

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකට අද (07) සහ හෙට (08) දිනවල තද සුළං, අධික වැසි සහ ගිගුරුම් සහිත කුණාටු ඇතිවිය හැකි බවට...

ඔස්ට්‍රේලියාවේ Telstra සමාගමේ පාරිභෝගිකයන් රැසකගේ දුරකථනවලට නොලැබුණු ඇමතුම් පිළිබඳ SMS දැනුම්දීම් විශාල සංඛ්‍යාවක් එකවර ලැබීමේ සිදුවීමක් වාර්තා වී තිබෙනවා. එම...

ඔස්ට්‍රේලියාවේ දරුවන් ඉලක්ක කරගනිමින් Protein Powder සහ Protein Supplements අලෙවි කිරීම ඉහළ යමින් පවතින අතර, බොහෝ දරුවන්ට මෙවැනි අතිරේක පෝෂණ...

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ Mallee කලාපයට බලපෑ දැඩි හිම කැට සහිත කුණාටුවකින් ගොවිබිම් රැසකට විශාල හානියක් සිදුව තිබෙනවා. මෙම කුණාටුව හේතුවෙන්...

පෝලන්තයේ ප්‍රධාන සංචාරක නගරයක් වන Krakow හි සිදුවූ දරුණු වෙඩි තැබීමකින් පුද්ගලයින් හයදෙනෙකු මියගොස් තවත් 16 දෙනෙකු තුවාල ලබා තිබෙනවා....

2018 වසරේදී ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩාව දැඩි ආන්දෝලනයකට ලක්කළ පන්දුව පළුදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ක්‍රිකට් ක්‍රීඩක David Warner වසර 8කට...

යුරෝපය පුරා මගී ගුවන් යානා රැසක් ඉලක්ක කරමින් එල්ල වූ බෝම්බ තර්ජන මාලාවක් හේතුවෙන් ජාත්‍යන්තර ගුවන් සේවා ක්ෂේත්‍රයේ දැඩි ආරක්ෂක...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

2018 පන්දුව පළුදු කිරීමේ සිද්ධිය ගැන David Warnerත් කතා කරයි

Relationshipsවලට තිත තබන ඔබ නොසිතන සනීපාරක්ෂක පුරුදු

ආදර සබඳතා බිඳවැටීමට හෝ නව ආදර සබඳතාවක් ආරම්භ කිරීමට බාධාවක් වීමට පුද්ගලයන්ගේ පෞද්ගලික සනීපාරක්ෂක පුරුදු ප්‍රධාන හේතුවක් විය හැකි බව නව සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ AI තාක්ෂණයට අලුත් නීති – ජනතාවගේ ආරක්ෂාවට විශේෂ පියවරක්

ලොව ප්‍රබලතම AI තාක්ෂණයන් සංවර්ධනය කරන සමාගම් සඳහා අනිවාර්ය ආරක්ෂක නීති හඳුන්වාදීමට ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජය අද (10) සැලසුම් ප්‍රකාශයට පත් කර තිබෙනවා. අගමැති Anthony Albanese

Read More »

මෙල්බන්හිදී සැහැල්ලු ගුවන් යානයක් මෝටර් රථයක ගැටෙයි

මෙල්බන් නගරයට ඊසාන දෙසින් පිහිටි Lilydale Airport ආසන්නයේදී සැහැල්ලු ගුවන් යානයක් මෝටර් රථයක ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. අද පස්වරු 2.30ට පමණ

Read More »

වික්ටෝරියාවේ Labor බලය අඩු කරන්න Greens පක්ෂයෙන් දැවැන්ත සටනක්

නොවැම්බර් 28 වැනිදා පැවැත්වෙන වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයේදී Labor පක්ෂයට අයත් ප්‍රධාන ආසන කිහිපයක් දිනාගනිමින් පාර්ලිමේන්තුවේ බල තුලනය වෙනස් කිරීමට Greens පක්ෂය සූදානම් වෙනවා. දැනට වික්ටෝරියා

Read More »

ඔස්ට්‍රේලියාවේ අලුත් සමාගම්වලින් විදෙස් ශ්‍රමිකයන්ට Visa Sponsorship

ඔස්ට්‍රේලියාවේ අලුතින් ආරම්භ කරන ව්‍යාපාරවලට ද විදේශීය පුහුණු ශ්‍රමිකයන් සඳහා Skills in Demand හෙවත් Subclass 482 වීසා යටතේ Sponsorship ලබාදීමට හැකියාව පවතින බව සංක්‍රමණ නීති

Read More »

ඔස්ට්‍රේලියාවේ ගුවන් සේවා ක්ෂේත්‍රය තුළ රැකියා සිය ගණනකට බලපාන අලුත් සැලැස්මක්

ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම ගුවන් සේවා සමාගමක් වන Qantas සමාගම, සිය ආයතනික රැකියා 850කට පමණ බලපෑම් එල්ල විය හැකි නව ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්මක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom