Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

වික්ටෝරියා ප්‍රාන්තයේ පොලිස් ස්ථාන රැසක මහජන සේවා සීමා කිරීම සම්බන්ධයෙන් එල්ල වූ විරෝධතා හමුවේ, පොලිස් සේවා පුළුල් කිරීම සඳහා ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 370ක නව මැතිවරණ පොරොන්දුවක් Labor පක්ෂය ප්‍රකාශයට පත්කර තිබෙනවා.

නොවැම්බර් 28 වැනිදා පැවැත්වෙන ප්‍රාන්ත මැතිවරණයෙන් යළි බලයට පත්වුවහොත් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවයි වික්ටෝරියා ප්‍රාන්ත අග්‍රාමාත්‍ය Ben Carroll සඳහන් කරන්නේ.

ඒ අනුව ඩොලර් මිලියන 70ක් වැය කරමින්, පොලිස් ස්ථානවල මහජන සේවා කවුළු සඳහා අතිරේක පොලිස් නිලධාරීන් 200 දෙනෙකු බඳවා ගැනීමට සැලසුම් කර ඇති අතර, එමඟින් දැනට සීමා කර ඇති සේවා කාලය දීර්ඝ කිරීමට සහ ඇතැම් පොලිස් ස්ථාන නැවත මහජනතාවට විවෘත කිරීමට අපේක්ෂා කරනවා.

Advertisement

ඉතිරි ඩොලර් මිලියන 300 යටතේ Watergardens සහ Doncaster ප්‍රදේශවල නව පොලිස් ස්ථාන ඉදිකිරීමටත්, Keilor Downs සහ Greensborough පොලිස් ස්ථාන නැවත ඉදිකිරීමටත්, Moonee Ponds සහ Clayton පොලිස් ස්ථාන නවීකරණය කිරීමටත් යෝජනා කර තිබෙනවා.

වික්ටෝරියාවේ පොලිස් ස්ථාන 40කට වැඩි සංඛ්‍යාවක මහජන සේවා කවුළු වසා දැමීම හෝ විවෘතව පවතින කාලය සීමා කිරීම හේතුවෙන් ජනතාවට පොලිස් සේවා ලබාගැනීමේ දුෂ්කරතා මතුව ඇති පසුබිමක මෙම නිවේදනය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

Banner 01

කෙසේ වෙතත්, නව වැඩපිළිවෙළ යටතේ නැවත විවෘත කෙරෙන පොලිස් ස්ථාන මොනවාද යන්න Labor පක්ෂය මෙතෙක් නිශ්චිතව ප්‍රකාශ කර නොමැති අතර, අතිරේක සංචිත නිලධාරීන් සේවයේ යෙදවිය යුතු ස්ථාන තීරණය කිරීම Victoria Police ආයතනයට පැවරීමට නියමිතයි.

මීට අමතරව, නව පොලිස් නිලධාරීන් 1,500ක් බඳවා ගැනීම සහ Melbourne බටහිර ප්‍රදේශයේ නව පොලිස් පුහුණු ඇකඩමියක් ස්ථාපිත කිරීම ද Labor පක්ෂයේ මැතිවරණ සැලසුම් අතරට ඇතුළත් වනවා.

මේ අතර විපක්ෂ නායිකා Jess Wilson ප්‍රමුඛ Coalition සන්ධානය ද අතිරේක පොලිස් නිලධාරීන් 3,000ක් බඳවා ගැනීමට සහ මහජන සේවා සීමා කර ඇති පොලිස් ස්ථාන 40කට වැඩි සංඛ්‍යාවක් නැවත විවෘත කිරීමට පොරොන්දු වී තිබෙනවා.

ඒ අනුව, ප්‍රාන්තයේ මහජන ආරක්ෂාව සහ පොලිස් සේවා සඳහා ප්‍රවේශය නොවැම්බර් 28 මැතිවරණයේ ප්‍රධාන අවධානයට ලක්වන කරුණු අතරට එක්ව තිබෙනවා.

 

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ නිවාස ණය හිමියන්ට තවත් මූල්‍ය පීඩනයක් එල්ල කරමින්, එරට මහ බැංකුව වන Reserve Bank of Australia විසින් Cash Rate...

මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂ සමඟ චෝදනා ලබා සිටි ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් එම නඩුවෙන් නිදහස් කිරීමට...

ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16ට අඩු දරුවන්ට Social Media ගිණුම් භාවිත කිරීම තහනම් කරමින් හඳුන්වා දුන් නීතියට එරෙහිව ඉදිරිපත් කර ඇති...

ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම සහ පැරණිතම දෙපාර්තමේන්තු වෙළෙඳසැල් ජාලයක් වන David Jones දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණදීමත් සමඟ Perth නගරයේ වෙළෙඳසැල් තුනක් වසා...

ඔස්ට්‍රේලියාවේ පැරණිතම දෙපාර්තමේන්තු වෙළඳසැල් ජාලයක් වන David Jones, සිය වෙළඳසැල් 26ක් දක්වා වසා දැමීමට සූදානම් වන බවට වාර්තා පළ වී...

ඔස්ට්‍රේලියාවේ ඉහළ යන ජීවන වියදම් සහ නිවාස ණය පොලී අනුපාත හමුවේ, තමන් ප්‍රිය කරන දෛනික පහසුකම් අත්නොහැර වසරකට ඩොලර් 5,000කට...

නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට පෙර නිකුත් වූ නවතම ජනමත සමීක්ෂණයකින් පාලක Labor පක්ෂයට ලැබෙන සහයෝගය සියයට...

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබාගැනීමට අපේක්ෂා කරන Skilled Visa අයදුම්කරුවන්ට වැදගත් වන නව යාවත්කාලීන කිරීමක් Department of Home Affairs විසින් නිකුත්...

විදේශයන්හි සිට ඉදිරිපත් කරන ඇතැම් වීසා අයදුම්පත් සලකා බැලීමේදී ලබාදෙන ප්‍රමුඛතාව අඩු කිරීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කිරීමත් සමඟ ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

වික්ටෝරියා ප්‍රාන්තයේ ආරක්ෂාව ගැන දේශපාලන පක්ෂ අතර පුළුල් කතාබහක්

ඔස්ට්‍රේලියාවේ විදුලි කාර්මිකයන්ට ඉහළ ඉල්ලුමක් – පුහුණු ශ්‍රමිකයන්ට Skilled Visa අවස්ථාවන්

2030 වසර වන විට ඔස්ට්‍රේලියාවේ විදුලි සැපයුම් පද්ධතිය පවත්වාගෙන යාමට අවශ්‍ය විදුලි කාර්මිකයන්ගේ හිඟය බරපතළ ගැටලුවක් විය හැකි බවට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. පුනර්ජනනීය

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ආරක්ෂාව ගැන දේශපාලන පක්ෂ අතර පුළුල් කතාබහක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පොලිස් ස්ථාන රැසක මහජන සේවා සීමා කිරීම සම්බන්ධයෙන් එල්ල වූ විරෝධතා හමුවේ, පොලිස් සේවා පුළුල් කිරීම සඳහා ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 370ක නව මැතිවරණ

Read More »

වික්ටෝරියාවේ ප්‍රධාන විභාගයක ප්‍රශ්න පත්‍රයට සිසුන්ගෙන් සහ දෙමාපියන්ගෙන් චෝදනා

වික්ටෝරියා ප්‍රාන්තයේ 2026 වසරේ VCE Mathematical Methods විභාගයේ ප්‍රශ්න පත්‍රය අසාධාරණ ලෙස අපහසු වූ බවට සිසුන් සහ දෙමාපියන් චෝදනා කර තිබෙනවා. සිසුන් 17,000කට ආසන්න පිරිසක්

Read More »

මැතිවරණයෙන් පසු වික්ටෝරියානු තරුණයින්ගේ දැවෙන ගැටළුවක් විසඳෙයි ද?

වික්ටෝරියා ප්‍රාන්තයේ නිවාස අහිමි තරුණ තරුණියන් මුහුණ දෙන ගැටලු විසඳීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස සමාජ සේවා සහ තරුණ සේවා සංවිධාන රැසක් ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

බර අඩු කිරීමට භාවිතා කරන ඖෂධ වර්ග පිළිබඳව ඔස්ට්‍රේලියාවෙන් භයානක හෙළිදරව්වක්

බර අඩු කර ගැනීම සඳහා ලොව පුරා ජනප්‍රිය වී ඇති Ozempic සහ Wegovy ඖෂධ, නූපන් දරුවන්ගේ සෞඛ්‍යයට අවදානමක් ඇති කළ හැකි බවට නවතම පර්යේෂණයකින් හෙළි

Read More »

වික්ටෝරියාව ඇතුළු අනෙකුත් ප්‍රාන්ත වල අවම මිලකට නිවසක් මිලදී ගත හැකි නගර මෙන්න

ඔස්ට්‍රේලියාවේ නිවාස මිල ගණන් ඉහළ මට්ටමක පවතින පසුබිමක, ඩොලර් 300,000කට අඩුවෙන් නිවසක් මිලදී ගත හැකි ප්‍රදේශ 26ක් හඳුනාගෙන තිබෙනවා. Realestate.com.au වෙබ් අඩවිය මගීන් සිදු කළ

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom