

වික්ටෝරියා කුලී නිවාස ආරවුල් විසඳීමේ සේවාවටත් වැඩි ඉල්ලුමක්
ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ කුලී නිවැසියන් සහ නිවාස හිමියන් අතර ඇතිවන ආරවුල් කඩිනමින් විසඳීම සඳහා හඳුන්වා දුන් Rental Dispute Resolution Victoria සේවාව තුළත් දැන් මාස ගණනක

නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට පෙර නිකුත් වූ නවතම ජනමත සමීක්ෂණයකින් පාලක Labor පක්ෂයට ලැබෙන සහයෝගය සියයට 22ක් දක්වා පහත වැටී ඇති බව අනාවරණය වී තිබෙනවා.
Lighthouse Tracking Poll ජනමත සමීක්ෂණයට අනුව, Liberal–National Coalition පක්ෂ සන්ධානය සියයට 31ක සහයෝගයක් ලබා පළමු ස්ථානයේ පසුවන අතර, One Nation පක්ෂය සියයට 23ක් ලබා දෙවැනි ස්ථානයට පැමිණ තිබෙනවා.
මෙම ප්‍රතිඵල අනුව, අගමැති Ben Carrollගේ නායකත්වයෙන් යුත් Labor පක්ෂය ප්‍රධාන පක්ෂ තුන අතර තුන්වැනි ස්ථානයට පත්ව තිබීම විශේෂත්වයක්.

එමෙන්ම Labor රජය නැවත බලයට පත්වීමට සුදුසු බව විශ්වාස කරන්නේ සමීක්ෂණයට සහභාගී වූවන්ගෙන් සියයට 23ක් පමණක් බව ද වාර්තා වනවා.
පක්ෂ නායකයන් පිළිබඳ ජනතා ප්‍රසාදය සලකා බැලීමේදී Liberal නායිකා Jess Wilsonගේ ශුද්ධ ප්‍රසාද අගය +9ක් ලෙසත්, ප්‍රාන්ත අගමැති Ben Carrollගේ අගය -21ක් ලෙසත් සටහන් වී තිබෙනවා.
මේ අතර, මෙල්බන් නගරයේ Dandenong, Kalkallo, Werribee සහ Point Cook වැනි සාම්ප්‍රදායික Labor බලප්‍රදේශවල මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා පක්ෂය සැලකිය යුතු මුදලක් වැය කරමින් සිටින බව ද අනාවරණය වී තිබෙනවා.
Monash විශ්වවිද්‍යාලයේ දේශපාලන විශ්ලේෂක Zareh Ghazarian පෙන්වා දෙන්නේ මෙම ප්‍රතිඵල Labor පක්ෂයට මැතිවරණ ව්‍යාපාරයේදී මුහුණදීමට ඇති අභියෝග පෙන්නුම් කරන බවයි.
ඔක්තෝබර් 19 සිට නොවැම්බර් 1 දක්වා ඡන්දදායකයන් 1,289 දෙනෙකු සම්බන්ධ කරගෙන මෙම සමීක්ෂණය සිදුකර ඇති අතර, එහි වාර්තාගත දෝෂ සීමාව සියයට 3.3ක්.
කෙසේ වෙතත්, මෙම සංඛ්‍යා එක් ජනමත සමීක්ෂණයක ප්‍රතිඵල පමණක් වන අතර, නොවැම්බර් 28 මැතිවරණයේ අවසන් ප්‍රතිඵලය ලෙස සැලකිය නොහැකියි.
ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ Shepparton නගරයේ රාජකාරියෙන් බැහැරව සිටි 19 හැවිරිදි පොලිස් නිලධාරියෙකුට සහ ඔහුගේ මිතුරෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයන් අටදෙනෙකු...
ඇමරිකා එක්සත් ජනපදයේ Kentucky ප්‍රාන්තයේ Louisville නගර සභා මැතිවරණයට ශ්‍රී ලාංකික සම්භවයක් ඇති Melina Hettiaratchi ඉදිරිපත් වී තිබෙනවා. ඇයගේ පියා...
ඔස්ට්‍රේලියාවේ වෙරළ තීරයන්හි Four-Wheel Drive (4WD) වාහන ධාවනය කරන රියදුරන්ට අද සිට නව සෘතුමය සීමා ක්‍රියාත්මක වන අතර, නීති උල්ලංඝනය...
ඔස්ට්‍රේලියාවේ කුලී නිවාස අර්බුදය තවදුරටත් උග්‍ර වෙමින් පවතින බව නවතම වාර්තාවකින් හෙළිවී තිබෙනවා. විශේෂත්වය වන්නේ පූර්ණකාලීනව රැකියාවල නිරත වන අත්‍යවශ්‍ය...
ඔස්ට්‍රේලියාවේ පළමු නිවස මිලදී ගැනීම සඳහා Superannuation විශ්‍රාම ඉතුරුම් මුදල් කලින් ලබාගැනීමට අවසර දීමේ යෝජනාව සම්බන්ධයෙන් ලිබරල් පක්ෂය තුළ මතභේදයක්...
ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ පිහිටි Gippsland කලාපය, 2027 වසර සඳහා ලොව හොඳම සංචාරක ගමනාන්ත 41 අතර 39 වැනි ස්ථානය හිමිකරගෙන තිබෙනවා....
Melbourne හි වසර 32ක් පුරා පාරිභෝගිකයන් අතර ජනප්‍රියව පැවති ජපන් අවන්හලක් සිය ව්‍යාපාර කටයුතු නතර කර තිබෙනවා. මෙලෙස වසා දමා...
ඔස්ට්‍රේලියාවේ Telstra සමාගමේ පාරිභෝගිකයන් රැසකගේ දුරකථනවලට නොලැබුණු ඇමතුම් පිළිබඳ SMS දැනුම්දීම් විශාල සංඛ්‍යාවක් එකවර ලැබීමේ සිදුවීමක් වාර්තා වී තිබෙනවා. එම...
ඔස්ට්‍රේලියාවේ Uber සමාගමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය වෙත ඩොලර් මිලියන 81කට අධික Payroll Tax මුදලක් ගෙවීමට සිදුවන බව මහාධිකරණය...

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ කුලී නිවැසියන් සහ නිවාස හිමියන් අතර ඇතිවන ආරවුල් කඩිනමින් විසඳීම සඳහා හඳුන්වා දුන් Rental Dispute Resolution Victoria සේවාව තුළත් දැන් මාස ගණනක

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ Mallee කලාපයට බලපෑ දැඩි හිම කැට සහිත කුණාටුවකින් ගොවිබිම් රැසකට විශාල හානියක් සිදුව තිබෙනවා. මෙම කුණාටුව හේතුවෙන් අස්වැන්න නෙළීමට සූදානම්ව තිබූ තිරිඟු,

Melbourne හි Fairfield ප්‍රදේශයේ පිහිටි Thomas Embling Hospital රෝහලේ හෙදියකට රෝගියෙකු විසින් ලිංගික අතවරයක් සිදුකළ බවට චෝදනා එල්ල වී තිබෙනවා. මෙම සිදුවීම මේ සතියේදී සිදුව

ඔස්ට්‍රේලියාවේ 2025 වසරේදී දරු උපත් සංඛ්‍යාව 299,903ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය 2024 වසරට සාපේක්ෂව උපත් 7,585ක හෙවත් 2.6%ක වැඩිවීමක්. විශේෂත්වය වන්නේ වසර 100කට පෙර

මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් ගුවන් යානා ඉන්ධන මිල අඛණ්ඩව ඉහළ මට්ටමක පැවතීමත් සමඟ ගුවන් ටිකට්පත් මිල තවදුරටත් ඉහළ දැමීමට සිදුවිය හැකි බවට ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ගුවන්

2027 වසර සඳහා South Australia ප්‍රාන්තයේ Australian of the Year සම්මානය ඉරාන සම්භවයක් ඇති ඔස්ට්‍රේලියානු විශේෂඥ වෛද්‍යවරියක වන Dr Fariba Behnia-Willison වෙත පිරිනමා තිබෙනවා. ඊයේ