Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඇමරිකාවේ Midterm මැතිවරණයෙන් ජනාධිපති Donald Trumpගේ Republican පක්ෂයට දැඩි පසුබෑමක් සිදුවුවද, ඔස්ට්‍රේලියාව ඇමරිකාව සමඟ පවත්වාගෙන යන සබඳතා වෙනස් නොකරන බව නියෝජ්‍ය අගමැති Richard Marles ප්‍රකාශ කර තිබෙනවා.

නොවැම්බර් 3 වැනිදා පැවති මැතිවරණයෙන් Democratic පක්ෂය ඇමරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ (House of Representatives) සහ සෙනෙට් සභාවේ (Senate) බහුතර බලය දිනාගෙන තිබෙනවා.

දශක ගණනාවක් Republican බලකොටු ලෙස සැලකුණු Texas සහ Kansas වැනි ප්‍රාන්තවල සෙනෙට් ආසන ද Democrats පක්ෂයට හිමිවීම විශේෂත්වයක්.

Advertisement

මෙම ප්‍රතිඵලයත් සමඟ ජනාධිපති Trumpගේ ඉදිරි දේශපාලන සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ හැකියාවට කොංග්‍රසය හරහා වැඩි සීමාවන් ඇතිවිය හැකි බව දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.

කෙසේ වෙතත්, ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අගමැති Richard Marles අවධාරණය කර ඇත්තේ ඇමරිකාවේ බලයේ සිටින්නේ කුමන පක්ෂය වුවත්, දෙරට අතර ආරක්ෂක සහ උපායමාර්ගික සබඳතා පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය බවයි.

Banner 01

මේ අතර, ඇමරිකාවේ ඉහළ යන ජීවන වියදම, ඉන්ධන මිල සහ ඉරාන යුද්ධය හේතුවෙන් ඇතිවූ ආර්ථික පීඩනය Republican පක්ෂයේ මැතිවරණ පසුබෑමට බලපෑ ප්‍රධාන සාධක අතර වන බව වාර්තා වනවා.

ඔස්ට්‍රේලියානු වෙළෙඳ අමාත්‍ය Don Farrell ද ප්‍රකාශ කර ඇත්තේ Trump පරිපාලනය හඳුන්වාදුන් ආනයන බදු හේතුවෙන් සාමාන්‍ය ඇමරිකානු පාරිභෝගිකයන්ට වැඩි මිලක් ගෙවීමට සිදුව ඇති බවයි.

ජීවන වියදම ඉහළ යාම ඕනෑම රටක මැතිවරණ ප්‍රතිඵලවලට බලපාන වැදගත් සාධකයක් බව ද, ඇමරිකානු මැතිවරණයෙන් ඔස්ට්‍රේලියාව ඇතුළු රටවලට පාඩම් ඉගෙනගත හැකි බව ද Richard Marles සඳහන් කර තිබෙනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඉදිරියේදී ඇතිවිය හැකි ලැව්ගිනි ඇතුළු ස්වභාවික ආපදා තත්ත්වයන්ට මුහුණදීම සඳහා ඔස්ට්‍රේලියානු ජනතාව වඩාත් සූදානම් විය යුතු බවට විශේෂඥයන් අනතුරු අඟවනවා....

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු හතරේ ගනුදෙනුකරුවන්ට අයත් ඩොලර් බිලියන 332කට ආසන්න මුදලක් කිසිදු පොලියක් නොලැබෙන ගිණුම්වල තැන්පත් කර ඇති බව හෙළි...

ඔස්ට්‍රේලියාවේ පැරණිතම දෙපාර්තමේන්තු වෙළඳසැල් ජාලයක් වන David Jones, සිය වෙළඳසැල් 26ක් දක්වා වසා දැමීමට සූදානම් වන බවට වාර්තා පළ වී...

2027 වසර සඳහා NSW Australian of the Year සම්මානය සමුද්‍ර විද්‍යාඥවරියක වන ආචාර්ය Vanessa Pirotta වෙත පිරිනමා තිබෙනවා. තල්මසුන්ගේ සෞඛ්‍ය...

  නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට තවත් මාසයකට අඩු කාලයක් ඉතිරිව තිබියදී, ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක ජනතාව...

ඔස්ට්‍රේලියාවේ NSW ප්‍රාන්තයේ සිඩ්නි නගරයේ ආරක්ෂාව තර කිරීම සඳහා අධිබලැති ගිනිඅවි රැගත් විශේෂ පොලිස් ඒකකයක් ඊයේ (01) සිට නිල වශයෙන්...

ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාත යළි ඉහළ දැමීමට ගත් තීරණයත් සමඟ වසර අවසන් වීමට පෙර රජයේ වියදම් අඩු කිරීම සඳහා නව ක්‍රියාමාර්ග...

AI තාක්ෂණය අධික ලෙස භාවිත කිරීම හේතුවෙන් දරුවන්ගේ සිතීමේ සහ ගැටලු විසඳීමේ හැකියාවන් දුර්වල වීමේ අවදානමක් පවතින බව විශේෂඥයන් අනතුරු...

ඔස්ට්‍රේලියාවෙන් ආරම්භ වී ලොව පුරා ජනප්‍රියත්වයට පත්වූ Canva Software සමාගම සිය වසර 13ක ඉතිහාසයේ දැවැන්තම ආයතනික ප්‍රතිව්‍යුහගත කිරීමක් ප්‍රකාශයට පත්කර...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ට්‍රම්ප්ට ඇමරිකාවේ බලය අහිමි වෙද්දී ඔස්ට්‍රේලියාවෙන් තීරණාත්මක ප්‍රකාශයක්

වික්ටෝරියා කුලී නිවාස ආරවුල් විසඳීමේ සේවාවටත් වැඩි ඉල්ලුමක්

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ කුලී නිවැසියන් සහ නිවාස හිමියන් අතර ඇතිවන ආරවුල් කඩිනමින් විසඳීම සඳහා හඳුන්වා දුන් Rental Dispute Resolution Victoria සේවාව තුළත් දැන් මාස ගණනක

Read More »

වික්ටෝරියා ගොවිබිම්වලට ගොල්ෆ් බෝල තරම් විශාල හිම කැට – අස්වැන්නට දැවැන්ත හානියක්

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ Mallee කලාපයට බලපෑ දැඩි හිම කැට සහිත කුණාටුවකින් ගොවිබිම් රැසකට විශාල හානියක් සිදුව තිබෙනවා. මෙම කුණාටුව හේතුවෙන් අස්වැන්න නෙළීමට සූදානම්ව තිබූ තිරිඟු,

Read More »

මෙල්බන් රෝහලක හෙදියකට ලිංගික අතවරයක්

Melbourne හි Fairfield ප්‍රදේශයේ පිහිටි Thomas Embling Hospital රෝහලේ හෙදියකට රෝගියෙකු විසින් ලිංගික අතවරයක් සිදුකළ බවට චෝදනා එල්ල වී තිබෙනවා. මෙම සිදුවීම මේ සතියේදී සිදුව

Read More »

දරුවන් හදන තීරණය ගැන ඔස්ට්‍රේලියානුවන්ගේ අලුත්ම ප්‍රවණතාව

ඔස්ට්‍රේලියාවේ 2025 වසරේදී දරු උපත් සංඛ්‍යාව 299,903ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය 2024 වසරට සාපේක්ෂව උපත් 7,585ක හෙවත් 2.6%ක වැඩිවීමක්. විශේෂත්වය වන්නේ වසර 100කට පෙර

Read More »

Qantas ගුවන් ටිකට්පත් මිල තවත් ඉහළ යන ලකුණු

මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් ගුවන් යානා ඉන්ධන මිල අඛණ්ඩව ඉහළ මට්ටමක පැවතීමත් සමඟ ගුවන් ටිකට්පත් මිල තවදුරටත් ඉහළ දැමීමට සිදුවිය හැකි බවට ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ගුවන්

Read More »

2027 වසරේ SAහි Australian of the Year සම්මානය ඉරාන සම්භවයක් ඇති වෛද්‍යවරියකට

2027 වසර සඳහා South Australia ප්‍රාන්තයේ Australian of the Year සම්මානය ඉරාන සම්භවයක් ඇති ඔස්ට්‍රේලියානු විශේෂඥ වෛද්‍යවරියක වන Dr Fariba Behnia-Willison වෙත පිරිනමා තිබෙනවා. ඊයේ

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom