Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

South Australia ප්‍රාන්තයේ ක්‍රියාත්මක වන Edge Early Learning ආයතනයට අයත් Childcare Centres 6ක් හෙට (නොවැම්බර් 6) සිට ස්ථිරවම වසා දැමීමට තීරණය කර තිබෙනවා.

මෙම මධ්‍යස්ථාන මිලදී ගැනීමට සුදුසු ආයෝජකයෙකු සොයාගැනීමට නොහැකි වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති අතර, ඇතැම් දෙමාපියන්ට ඒ පිළිබඳ දැනුම් දී ඇත්තේ පැය 48කට ආසන්න කෙටි කාලයකට පෙරයි.

මෙලෙස වසා දැමීමට නියමිත මධ්‍යස්ථාන අතර Angle Vale ප්‍රදේශයේ මධ්‍යස්ථාන දෙකක් සහ Mount Barker, Seacombe Heights, Flagstaff Hill හා Port Augusta ප්‍රදේශවල මධ්‍යස්ථාන 4ක් ඇතුළත් වනවා.

Advertisement

Edge Early Learning ආයතනය පසුගිය අගෝස්තු මාසයේදී මූල්‍ය අර්බුදයක් හේතුවෙන් ස්වේච්ඡා පරිපාලනයට (Voluntary Administration) යොමු වූ අතර, එහි පරිපාලකයන් වන KordaMentha ආයතනය මධ්‍යස්ථාන රැසක් වෙනත් ආයතන වෙත විකිණීමට පියවර ගෙන තිබුණා.

Goodstart Early Learning ආයතනය මෙම මධ්‍යස්ථාන හය මිලදී ගැනීමට මුලින් සැලසුම් කළද, පසුව එම තීරණයෙන් ඉවත් වී ඇති අතර, වෙනත් ගැනුම්කරුවෙකු සොයාගැනීමට ගත් උත්සාහයන් ද අසාර්ථක වී තිබෙනවා.

Banner 01

මේ හේතුවෙන් දරුවන්ට වෙනත් Childcare Centres සොයාගැනීමට දෙමාපියන්ට සිදුව ඇති අතර, කෙටි දැනුම්දීමක් මත එවැනි විකල්ප සොයාගැනීම දැඩි අභියෝගයක් වී තිබෙනවා.

විශේෂයෙන් Port Augusta ප්‍රදේශයේ විකල්ප Childcare පහසුකම් සීමිත වීම හේතුවෙන් රැකියාවල නිරත දෙමාපියන් තවදුරටත් අසීරුතාවට පත්ව ඇති අතර, කලින් ගෙවා ඇති Childcare ගාස්තු ආපසු ලබාදීමට පරිපාලකයන් පොරොන්දු වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර පසුගිය ඔක්තෝබර් මාසයේදී ද ඔස්ට්‍රේලියාව පුරා Edge Early Learning ආයතනයට අයත් Childcare Centres 11ක් වසා දැමුණු අතර, නවතම වසා දැමීම් හයත් සමඟ එම සංඛ්‍යාව 17ක් දක්වා ඉහළ යනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ Brisbane සිට ජපානයේ Tokyo බලා පියාසර කරමින් තිබූ Jetstar ගුවන් යානයක්, මගියෙකුට ඇති වූ හදිසි වෛද්‍ය තත්ත්වයක් හේතුවෙන් යළි...

නවසීලන්තයේ සංචාරය කිරීමට බලාපොරොත්තු වන ඔස්ට්‍රේලියානුවන්ට වසර 13කට පසු ව වඩාත් වාසිදායක විනිමය අනුපාතයක් හිමිව තිබෙනවා. ඒ අනුව, ඔස්ට්‍රේලියානු ඩොලරයේ...

ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම ඉහළ යාමත් සමඟ ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමේදී මුදල් ඉතිරි කරගැනීමට පාරිභෝගිකයන් නව ක්‍රම සොයමින් සිටින පසුබිමක සුපිරි...

ඔස්ට්‍රේලියාවේ දිගම Mat-Racing Water Slide එක මෙම Summer එකේදී මෙල්බන් ආසන්නයේ විවෘත කිරීමට සැලසුම් කර තිබෙනවා. මෙල්බන් නගරයට උතුරින් පිහිටි...

කෘත්‍රිම බුද්ධිය හෙවත් AI තාක්ෂණය හේතුවෙන් Google මව් සමාගම වන Alphabet හි කොටස් වෙළෙඳපොළ වටිනාකම එක් දිනක් තුළ ඇමෙරිකානු ඩොලර්...

Melbourne නගරයේ Williamstown ප්‍රදේශයේ ක්‍රිකට් ක්‍රීඩා පිටියක තණතිල්ලට යම් පිරිසක් විසින් හානි සිදුකර තිබෙනවා. මෙම ක්‍රියාව සිදු කර ඇත්තේ ක්‍රීඩා...

ඔස්ට්‍රේලියාවේ Telstra සමාගමේ පාරිභෝගිකයන් රැසකගේ දුරකථනවලට නොලැබුණු ඇමතුම් පිළිබඳ SMS දැනුම්දීම් විශාල සංඛ්‍යාවක් එකවර ලැබීමේ සිදුවීමක් වාර්තා වී තිබෙනවා. එම...

Melbourne හි වසර 32ක් පුරා පාරිභෝගිකයන් අතර ජනප්‍රියව පැවති ජපන් අවන්හලක් සිය ව්‍යාපාර කටයුතු නතර කර තිබෙනවා. මෙලෙස වසා දමා...

Victoria ප්‍රාන්ත මැතිවරණයට පෙර දේශපාලන ප්‍රචාරණ කටයුතු සඳහා AI තාක්ෂණයෙන් නිර්මාණය කළ වීඩියෝ භාවිත කිරීම සම්බන්ධයෙන් දැඩි විවාදයක් මතුව තිබෙනවා....

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියාවේ තවත් Childcare Centres 6ක් වසා දමයි

අන්නාසි නිසා රැකියාව අහිමි වූ බ්‍රිස්බන් Chef

ඔස්ට්‍රේලියාවේ Brisbane නගරයේ අවන්හලක සේවය කළ ඉතාලි ජාතික Chef කෙනෙකු, පීසා සඳහා අන්නාසි එක් කිරීම ප්‍රතික්ෂේප කිරීම ඇතුළු සේවා ස්ථානයේ ඇති වූ ගැටලු කිහිපයක් හේතුවෙන්

Read More »

Summer එකටත් කළින් ඔස්ට්‍රේලියාව උණුසුම් වෙයි

Queensland ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට බලපා ඇති දැඩි උණුසුම් කාලගුණය පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ගිම්හාන සමය නිල වශයෙන් ආරම්භ වීමටත් පෙර ඇතිව තිබෙන මෙම

Read More »

වික්ටෝරියා මැතිවරණ අපේක්ෂකයෙකුගේ ප්‍රචාරක පුවරුවකට වෙඩි ප්‍රහාරයක්

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට තවත් සති කිහිපයක් ඉතිරිව තිබියදී, ස්වාධීන අපේක්ෂකයෙකුගේ මැතිවරණ ප්‍රචාරක පුවරුවක වෙඩි උණ්ඩ වැදුණු සලකුණු හමුවීම සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. වික්ටෝරියා

Read More »

කුලී නිවාස සොයන අයට ඔස්ට්‍රේලියාවෙන් නරක ආරංචියක්

ඔස්ට්‍රේලියාවේ කුලී නිවාස අර්බුදය තවදුරටත් උග්‍ර වෙමින් පවතින බව නවතම වාර්තාවකින් හෙළිවී තිබෙනවා. විශේෂත්වය වන්නේ පූර්ණකාලීනව රැකියාවල නිරත වන අත්‍යවශ්‍ය සේවකයන්ට පවා තම ආදායමට ගැළපෙන

Read More »

Mrs.Sri Lanka World 2026හි සුවිශේෂී ස්ථානයක් හිමිකරගත් Melbourneහි රොශ්නි සමරතුංග

Mrs. Sri Lanka World 2026 තරඟාවලියේ 4 වන ස්ථානය දිනා ගැනීමට Melbourneහි පදිංචි නිරූපිකාවක් වන රොශ්නි සමරතුංග සමත් වී තිබෙනවා. ඇය නිරූපිකාවක් මෙන්ම නිළියක් සහ

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom