

නොමිලේ ආහාර වේලක් සොයා එන පිරිස ඉහළට – මෙල්බන් හි සංවේදී කතාවක්
Melbourne හි Footscray ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී සහ අවශ්‍යතා ඇති පුද්ගලයන්ට නොමිලේ ආහාර ලබාදුන් Lighthouse Cafe ආයතනය තාවකාලිකව වසා දැමීමට Salvation Army පියවර ගෙන තිබෙනවා. එම

Melbourne හි Footscray ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී සහ අවශ්‍යතා ඇති පුද්ගලයන්ට නොමිලේ ආහාර ලබාදුන් Lighthouse Cafe ආයතනය තාවකාලිකව වසා දැමීමට Salvation Army පියවර ගෙන තිබෙනවා.
එම ආයතනය විවෘත කර මාස පහක් වැනි කෙටි කාලයක් තුළ පැමිණෙන පිරිස අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා විශාල ලෙස ඉහළ යාම ඊට හේතුවයි.
ආරම්භයේදී දිනකට පුද්ගලයන් 50ත් 60ත් අතර පිරිසක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කළත්, මේ වන විට දිනකට සාමාන්‍යයෙන් පුද්ගලයන් 170ක් පමණ එහි පැමිණ තිබෙනවා.

එහෙත් එම ආපනශාලාවේ තිබූ එක් කාමරයකින් එකවර පහසුකම් සැලසිය හැකි වී ඇත්තේ පැමිණෙන පිරිසෙන් අඩකටත් අඩු ප්‍රමාණයකටයි.
ඒ අනුව වැඩි පිරිසකට සේවා සැලසිය හැකි සහ වෙනත් සමාජ සේවා ද එකම ස්ථානයකින් ලබාගත හැකි නව ස්ථානයක් සොයා ගැනීමට Salvation Army කටයුතු කරමින් සිටිනවා.
මෙම සේවාව ලබාගත් පුද්ගලයන් ආපනශාලාව වසා දැමීම පිළිබඳ කනස්සල්ල පළ කර ඇති අතර, එය තමන්ට අත්‍යවශ්‍ය සහනයක් වූ බව ද සඳහන් කර තිබෙනවා.
නව ස්ථානයක් සොයා ගන්නා තෙක් මේ මාසයේ අග භාගයේ සිට ජංගම ආහාර සහ සහාය සේවාවක් ආරම්භ කිරීමටත්, Footscray ප්‍රදේශයේම මෙම සේවාව නැවත පවත්වාගෙන යාමටත් Salvation Army සැලසුම් කර තිබෙනවා.
ලොව පුරා යුද ගැටුම්වලදී ප්‍රහාරක ඩ්‍රෝන යානා භාවිතය ඉහළ යාමත් සමඟ, සිය ගුවන් ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා ඊශ්‍රායලයේ Iron Dome...
ඔස්ට්‍රේලියානු සංචිත බැංකුව (RBA) විසින් පොලී අනුපාත ඉහළ දැමීමට ගත් තීරණය Victoria ප්‍රාන්තයේ වැඩකරන ජනතාවට දැඩි බලපෑමක් එල්ල වූ බව...
ඔස්ට්‍රේලියාවේ NSW ප්‍රාන්තයේ Byron Bay ප්‍රදේශයට දකුණින් සිදුවූ වාහන අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තවත් අයෙකු බරපතළ තුවාල ලබා තිබෙනවා. අනතුර...
ඔස්ට්‍රේලියාව මුහුණ දෙන ආර්ථික අභියෝග එක රැයකින් විසඳිය නොහැකි බව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීසි පවසනවා. දේශීය හා ජාත්‍යන්තර වශයෙන් පවතින ආර්ථික...
කෘත්‍රිම බුද්ධිය හෙවත් AI තාක්ෂණය හේතුවෙන් Google මව් සමාගම වන Alphabet හි කොටස් වෙළෙඳපොළ වටිනාකම එක් දිනක් තුළ ඇමෙරිකානු ඩොලර්...
2026 වසරේ ලොව සංචාරය කිරීමට වඩාත්ම ආරක්ෂිත රටවල් අතර දෙවැනි ස්ථානය හිමිකරගෙන සිටි ඔස්ට්‍රේලියාව, 2027 වසර සඳහා නිකුත් කළ නවතම...
ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් Labor රජය තුළ අභ්‍යන්තර මතභේද පවතින බවට පළවන වාර්තා හමුවේ, රජයේ එකමුතුකම පිළිබඳ අවධානය යොමුව තිබෙනවා. විශේෂයෙන්ම රජයේ...
අද (03) පැවැත්වීමට නියමිත Melbourne Cup අශ්ව ධාවන තරගය වෙනුවෙන් ඔස්ට්‍රේලියානුවන් මිලියන තුනකට අධික පිරිසක් ඔට්ටු ඇල්ලීමට සැලසුම් කර ඇති...
ඔස්ට්‍රේලියාවේ Canberra නුවර රාජ්‍ය සේවකයන් 1,000කට ආසන්න පිරිසක් වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා අද දැවැන්ත වැඩ වර්ජනයක නිරත වී තිබෙනවා....

Melbourne හි Footscray ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී සහ අවශ්‍යතා ඇති පුද්ගලයන්ට නොමිලේ ආහාර ලබාදුන් Lighthouse Cafe ආයතනය තාවකාලිකව වසා දැමීමට Salvation Army පියවර ගෙන තිබෙනවා. එම

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු හතරම නිවාස ණය සඳහා අය කරන විචල්‍ය පොලී අනුපාත ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව Reserve Bank of Australia විසින් ඊයේ

ශරීරයේ බර අඩු කිරීම සඳහා භාවිත කරන Wegovy ඖෂධය පෙත්තක් ලෙස ලබාදීමට ඔස්ට්‍රේලියානු ඖෂධ නියාමන අධිකාරිය (TGA) නිල අනුමැතිය ලබාදී තිබෙනවා. මෙම අනුමැතියත් සමඟ බර

ඔස්ට්‍රේලියානු ජනතාවගේ ගෘහස්ථ වියදම් සැප්තැම්බර් මාසයේදී යළි ඉහළ ගොස් ඇති අතර, ඒ සඳහා ඉන්ධන මිල සහ සෞඛ්‍ය සේවා වියදම් ඉහළ යාම ප්‍රධාන වශයෙන් බලපා ඇති

ඔස්ට්‍රේලියාවේ විපක්ෂ නායක Angus Taylor පළමු වරට වඩාත් කැමති අගමැතිවරයා තෝරාගැනීමේ ජනමත සමීක්ෂණයකදී ඇල්බනීසි අභිබවා ඉදිරියට පැමිණ තිබෙනවා. ඔක්තෝබර් 27 සිට නොවැම්බර් 3 දක්වා පුද්ගලයන්

ඔස්ට්‍රේලියාවේ Uber සමාගමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය වෙත ඩොලර් මිලියන 81කට අධික Payroll Tax මුදලක් ගෙවීමට සිදුවන බව මහාධිකරණය (High Court of Australia) අද තීන්දු