Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ Uber සමාගමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය වෙත ඩොලර් මිලියන 81කට අධික Payroll Tax මුදලක් ගෙවීමට සිදුවන බව මහාධිකරණය (High Court of Australia) අද තීන්දු කර තිබෙනවා.

Uber රියදුරන්ට ගෙවනු ලබන ගාස්තු Payroll Tax නීතිය යටතේ වැටුප් ලෙස සැලකිය හැකි බවට අධිකරණය බහුතර තීන්දුවකින් තීරණය කිරීමත් සමඟ මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

2015 සිට 2020 දක්වා මූල්‍ය වර්ෂවලදී Uber රියදුරන්ට ගෙවූ මුදල් සම්බන්ධයෙන් නිව් සවුත් වේල්ස් බදු අධිකාරිය විසින් ඩොලර් මිලියන 81.5කට ආසන්න බදු තක්සේරුවක් නිකුත් කර තිබුණා.

Advertisement

කෙසේ වෙතත්, Uber සමාගම අධිකරණය හමුවේ තර්ක කර තිබුණේ තමන් මගීන්ගෙන් මුදල් එකතු කර සේවා ගාස්තුව අඩු කිරීමෙන් පසු ඉතිරි මුදල රියදුරන් වෙත ලබාදෙන අතරමැදි ගෙවීම් නියෝජිතයෙකු පමණක් බවයි.

එබැවින් එම ගෙවීම් සාමාන්‍ය සේවක වැටුප් ලෙස සලකා Payroll Tax අය කිරීම නීත්‍යනුකූල නොවන බවට Uber සමාගම තර්ක කළද, මහාධිකරණය එම අභියාචනය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Banner 01

අදාළ නීතිය අනුව Uber සහ රියදුරන් අතර පවතින ගිවිසුම් යටතේ රියදුරන්ට ගෙවනු ලබන මුදල් Payroll Tax සඳහා වැටුප් ලෙස සැලකිය හැකි බවයි අධිකරණය තීරණය කර ඇත්තේ.

මෙම නඩුවට අදාළ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත බදු කොමසාරිස්වරයාගේ නීති වියදම්ද Uber සමාගම විසින් ගෙවිය යුතු බවට නියෝග කර තිබෙනවා.

මේ අතර, මෙම ඓතිහාසික තීන්දුව Uber සමාගමට පමණක් නොව, Uber Eats, DoorDash සහ අනෙකුත් ඩිජිටල් වේදිකා හරහා ස්වාධීන කොන්ත්‍රාත්කරුවන් සමඟ කටයුතු කරන ව්‍යාපාරවලටද ඉදිරියේදී බලපෑම් ඇති කළ හැකි බව නීති විශේෂඥයන් පෙන්වා දෙනවා.

කෙසේ වෙතත්, මෙම තීන්දුවෙන් සියලුම Uber රියදුරන් ස්ථිර සේවකයන් බවට පත්වන බවක් අදහස් නොවන අතර, එය නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Payroll Tax නීතිය යටතේ බදු වගකීම් සම්බන්ධයෙන් ලබාදුන් තීන්දුවක් වනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ Canberra නුවර රාජ්‍ය සේවකයන් 1,000කට ආසන්න පිරිසක් වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා අද දැවැන්ත වැඩ වර්ජනයක නිරත වී තිබෙනවා....

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ Gippsland කලාපයෙන් මාසයක් ඇතුළත වාර්තා වූ 18 වැනි භූමිකම්පාව ඊයේ රාත්‍රියේ සිදුව තිබෙනවා. මැග්නිටියුඩ් ඒකක 3.5ක ප්‍රබලත්වයෙන්...

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් නායිකා Sophie Molineux, ඉන්දියාවේ Women’s Premier League (WPL) තරඟාවලිය සඳහා වූ ක්‍රීඩිකා වෙන්දේසියේදී වැඩිම මිලක් හිමි කරගත් ක්‍රීඩිකාව...

ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන Helen Hainesට එල්ල වූ ප්‍රහාරය, ලොව පුරා ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වන තර්ජන පිළිබඳ අනතුරු ඇඟවීමක් බව ඔස්ට්‍රේලියානු...

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක Glenn Maxwell ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා. 38 හැවිරිදි Maxwell ජාත්‍යන්තර...

ඔස්ට්‍රේලියාවේ NSW ප්‍රාන්තයේ Byron Bay ප්‍රදේශයට දකුණින් සිදුවූ වාහන අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තවත් අයෙකු බරපතළ තුවාල ලබා තිබෙනවා. අනතුර...

ඔස්ට්‍රේලියාවෙන් ආරම්භ වී ලොව පුරා ජනප්‍රියත්වයට පත්වූ Canva Software සමාගම සිය වසර 13ක ඉතිහාසයේ දැවැන්තම ආයතනික ප්‍රතිව්‍යුහගත කිරීමක් ප්‍රකාශයට පත්කර...

Sydney නගරයේ ඩොලර් මිලියන 10ක් වටිනා සුඛෝපභෝගී නිවසක පැවැති Halloween සාදයක් පාලනයෙන් තොරවීම හේතුවෙන් පොලීසිය මැදිහත් වී එය නතර කර...

ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාතය යළිත් ඉහළ දැමීමට Reserve Bank of Australia හෙවත් RBA පියවර ගනු ඇතැයි ආර්ථික විශේෂඥයන් අපේක්ෂා කරනවා. අද...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

Uber රියදුරන්ගේ ගෙවීම් ගැන ඓතිහාසික නඩු තීන්දුවක්

Uber රියදුරන්ගේ ගෙවීම් ගැන ඓතිහාසික නඩු තීන්දුවක්

ඔස්ට්‍රේලියාවේ Uber සමාගමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය වෙත ඩොලර් මිලියන 81කට අධික Payroll Tax මුදලක් ගෙවීමට සිදුවන බව මහාධිකරණය (High Court of Australia) අද තීන්දු

Read More »

ඔස්ට්‍රේලියාවේ Canva සමාගමෙන් රැකියා කප්පාදුවක්

ඔස්ට්‍රේලියාවෙන් ආරම්භ වී ලොව පුරා ජනප්‍රියත්වයට පත්වූ Canva Software සමාගම සිය වසර 13ක ඉතිහාසයේ දැවැන්තම ආයතනික ප්‍රතිව්‍යුහගත කිරීමක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. අද නිවේදනය කළ මෙම

Read More »

එක් රැයකින් $ මිලියන 60ක ධනවතෙක් – තවමත් නොදන්නා වාසනාවන්තයා කවුද?

ඔස්ට්‍රේලියාවේ Oz Lotto ලොතරැයි දිනුම් ඇදීමෙන් ඩොලර් මිලියන 60ක දැවැන්ත jackpot ත්‍යාගය දිනාගත් පුද්ගලයා මෙතෙක් හඳුනාගෙන නොමැති බව වාර්තා වනවා. අඟහරුවාදා රාත්‍රියේ පැවති 1707 වැනි

Read More »

මෙල්බන්හි බිහිසුණු අනතුරක් – මෝටර් රථයක් දෙකට කැඩෙයි

මෙල්බන්හි ගිනිකොනදිග Keysborough ප්‍රදේශයේ අද අලුයම සිදුවූ බිහිසුණු රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. Keysboroughහි Cheltenham Road සහ Bracknell Street ආසන්නයේදී

Read More »

පොලී අනුපාත ඉහළ යාමත් සමඟ රජයේ වියදම් අඩු කිරීමට ඇල්බනීසිගෙන් අලුත් සැලසුමක්

ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාත යළි ඉහළ දැමීමට ගත් තීරණයත් සමඟ වසර අවසන් වීමට පෙර රජයේ වියදම් අඩු කිරීම සඳහා නව ක්‍රියාමාර්ග සොයා බැලීමේ අවශ්‍යතාව තහවුරු වී

Read More »

ඔස්ට්‍රේලියානුවන් දෙදෙනාගේ මරණ තහවුරු වෙයි – ස්පාඤ්ඤ දුම්රිය අනතුරේ අලුත්ම තොරතුරු

ස්පාඤ්ඤයේ මධ්‍යම ප්‍රදේශයේ සිදුවූ දරුණු අධිවේගී දුම්රිය අනතුරෙන් ඔස්ට්‍රේලියානු ජාතිකයන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් 69 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට බලධාරීන් නිවේදනය කර තිබෙනවා. පසුගිය

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom