Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවට ආසන්න ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන සොලමන් දූපත් වෙත සංචාරය කරන පුද්ගලයන් සඳහා නව electronic visa system එකක් හඳුන්වාදීමත් සමඟ, ඔස්ට්‍රේලියානු සංචාරකයන්ට අමතර වියදමක් දැරීමට සිදුව තිබෙනවා.

නව ක්‍රමය යටතේ නිවාඩු ගතකිරීම, සංචාරක ස්ථාන නැරඹීම සහ විනෝදාත්මක කටයුතු සඳහා සොලමන් දූපත් වෙත යන සංචාරකයන්ට පිටත්වීමට පෙර online හරහා වීසා ලබාගැනීමට අවශ්‍ය වනවා.

මෙම සංචාරක වීසා සඳහා ඔස්ට්‍රේලියානු ඩොලර් 140ක පමණ ගාස්තුවක් අය කෙරෙන බවයි වාර්තා වන්නේ.

Advertisement

නව e-Visa ක්‍රමය 2025 ඔක්තෝබර් මාසයේ සිට සංවර්ධනය කර ඇති අතර, 2026 අගෝස්තු 23 වැනිදා සිට online හරහා වීසා අයදුම්පත් සහ ගෙවීම් භාරගැනීම ආරම්භ කර තිබෙනවා.

මෙම වීසා බලපත්‍රය වසරක කාලයක් සඳහා වලංගු වන අතර, එම කාලය තුළ කිහිපවරක් සොලමන් දූපත් වෙත ඇතුළුවීමට අවසර හිමිවනවා.

Banner 01

එක් සංචාරයකදී මාස තුනක් දක්වා එරට රැඳී සිටීමට ද හැකියාව පවතිනවා.

කෙසේ වෙතත්, Australian Traveller Media ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ Quentin Long පෙන්වා දෙන්නේ මෙම අධික වීසා ගාස්තුව හේතුවෙන් ඔස්ට්‍රේලියානු පවුල් වෙනත් සංචාරක ගමනාන්ත තෝරාගැනීමට පෙළඹිය හැකි බවයි.

පවුලක් ලෙස සංචාරය කරන විට වීසා සඳහා පමණක් සැලකිය යුතු මුදලක් වැයවීම සංචාරකයන්ට අමතර බරක් වන බවයි ඔහු සඳහන් කර ඇත්තේ.

2025 වසරේදී ඔස්ට්‍රේලියානුවන් 9,242 දෙනෙකු සොලමන් දූපත් වෙත සංචාරය කර ඇති අතර, එය පෙර වසරට සාපේක්ෂව සියයට 15.4ක වර්ධනයක්.

මේ අතර, Solomon Airlines ගුවන් සේවය Brisbane සිට සොලමන් දූපත්වල Honiara නගරය දක්වා ක්‍රියාත්මක කරන ගුවන් ගමන් සතියකට තුනක් දක්වා අඩුකර තිබීම ද සංචාරක කර්මාන්තයට අභියෝගයක් වී තිබෙනවා.

සොලමන් දූපත් සංචාරක ප්‍රවර්ධන ආයතනය ද නව වීසා ක්‍රමය හඳුන්වාදීමේදී ප්‍රමාණවත් තොරතුරු ලබානොදීම හේතුවෙන් සංචාරකයන් සහ ගුවන් සේවා අතර අවිනිශ්චිතතාවක් ඇතිවී තිබෙන බව පිළිගෙන තිබෙනවා.

ඒ අතරම, සොලමන් දූපත්වල ඉන්ෆ්ලුවෙන්සා වැනි රෝග ලක්ෂණ සහිත රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යාම සම්බන්ධයෙන් ද ඔස්ට්‍රේලියානු රජයේ Smartraveller සේවාව සංචාරකයන්ට සෞඛ්‍ය අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

උතුරු කොරියාවේ නීතිවිරෝධී න්‍යෂ්ටික අවි සහ බැලස්ටික් මිසයිල වැඩසටහන්වලට මුදල් සැපයීම අඩපණ කිරීමේ අරමුණින් ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් 12ක් නව සම්බාධක...

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ පැරණි ගිනි නිවන රථ වෙනුවට නව රථ 335ක් ලබාදීමට Liberal-National Coalition පක්ෂය යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. නොවැම්බර්...

  ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන් සඳහා ක්‍රියාත්මක දැඩි student visa නීති සංශෝධනය කිරීමට labor රජය පියවර ගනිමින් සිටින බවට සදහන් වී...

ලොව පුරා යුද ගැටුම්වලදී ප්‍රහාරක ඩ්‍රෝන යානා භාවිතය ඉහළ යාමත් සමඟ, සිය ගුවන් ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා ඊශ්‍රායලයේ Iron Dome...

වික්ටෝරියා ප්‍රාන්තය තුළ අලෙවි කළ Pasta නිෂ්පාදන වර්ග 6ක් ආපසු කැඳවීමට බලධාරීන් තීරණය කර තිබෙනවා. එම නිෂ්පාදන තුළ ලෝහ කොටස්...

Tasmania ප්‍රාන්තයට අයත් King Island දූපතේදී සංචාරකයන් 10 දෙනෙකු රැගත් කුඩා වෑන් රථයක් අනතුරට ලක්වීමෙන් තුවාල ලැබූ තිදෙනෙකු ගුවන් මගින්...

නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට මාසයක් පමණ ඉතිරිව තිබියදී නිකුත් වූ නවතම ජනමත සමීක්ෂණයකින් ලිබරල් සහ නැෂනල්...

ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16ට අඩු දරුවන්ට Social Media ගිණුම් භාවිත කිරීම තහනම් කරමින් හඳුන්වා දුන් නීතියට එරෙහිව ඉදිරිපත් කර ඇති...

වික්ටෝරියා ප්‍රාන්තයේ Wallan ප්‍රදේශයේ 15 හැවිරිදි දැරියක් අතුරුදන්ව ඇති බවට Social Media ඔස්සේ තොරතුරු පළවී තිබෙනවා. Krishleen Kaur නමැති මෙම...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියානු සංචාරකයන්ට අලුත් නීතියක් – නිවාඩුවකට යන්නත් අමතර වියදමක්

ඔස්ට්‍රේලියානු සංචාරකයන්ට අලුත් නීතියක් – නිවාඩුවකට යන්නත් අමතර වියදමක්

ඔස්ට්‍රේලියාවට ආසන්න ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන සොලමන් දූපත් වෙත සංචාරය කරන පුද්ගලයන් සඳහා නව electronic visa system එකක් හඳුන්වාදීමත් සමඟ, ඔස්ට්‍රේලියානු සංචාරකයන්ට අමතර වියදමක් දැරීමට

Read More »

ඔස්ට්‍රේලියානුවන් දෙදෙනාගේ මරණ තහවුරු වෙයි – ස්පාඤ්ඤ දුම්රිය අනතුරේ අලුත්ම තොරතුරු

ස්පාඤ්ඤයේ මධ්‍යම ප්‍රදේශයේ සිදුවූ දරුණු අධිවේගී දුම්රිය අනතුරෙන් ඔස්ට්‍රේලියානු ජාතිකයන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් 69 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට බලධාරීන් නිවේදනය කර තිබෙනවා. පසුගිය

Read More »

ලොව ආරක්ෂිතම සංචාරක රටවල් අතර ඔස්ට්‍රේලියාවට හිමි තැන වෙනස් වෙයි

2026 වසරේ ලොව සංචාරය කිරීමට වඩාත්ම ආරක්ෂිත රටවල් අතර දෙවැනි ස්ථානය හිමිකරගෙන සිටි ඔස්ට්‍රේලියාව, 2027 වසර සඳහා නිකුත් කළ නවතම ශ්‍රේණිගත කිරීමේදී තුන්වැනි ස්ථානයට පත්ව

Read More »

බ්‍රිතාන්‍යයේ PR සිහිනයට නව නීති – ලක්ෂ ගණනකට බලපෑම්

බ්‍රිතාන්‍යයේ සේවය කරන විදේශිකයන් ඇතුළු සංක්‍රමණිකයන්ට ස්ථිර පදිංචිය ලබාගැනීම සඳහා දැනට පවතින වසර 5ක අවම කාලය වසර 10ක් දක්වා දීර්ඝ කිරීමේ නව සංක්‍රමණික ප්‍රතිසංස්කරණ මාලාවක්

Read More »

ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වන තර්ජන ගැන ඔස්ට්‍රේලියානු අගමැතිගෙන් ලෝක නායකයන්ට අනතුරු ඇඟවීමක්

ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන Helen Hainesට එල්ල වූ ප්‍රහාරය, ලොව පුරා ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වන තර්ජන පිළිබඳ අනතුරු ඇඟවීමක් බව ඔස්ට්‍රේලියානු අගමැති Anthony Albanese පොදු රාජ්‍ය

Read More »

RBA පොලී වැඩි කළා – දැන් අනෙක් බැංකු මොනවා කරයිද?

ඔස්ට්‍රේලියානු සංචිත බැංකු (RBA) පොලී අනුපාතය ඉහළ දැමීමත් සමඟ ඔස්ට්‍රේලියාවේ බැංකු සිය ණය පොලී අනුපාත වෙනස් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව Macquarie බැංකුව ද

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom