Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

 

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන් සඳහා ක්‍රියාත්මක දැඩි student visa නීති සංශෝධනය කිරීමට labor රජය පියවර ගනිමින් සිටින බවට සදහන් වී තිබෙනවා .

විශේෂයෙන් දකුණු ආසියානු රටවලින් පැමිණීමට අපේක්ෂා කරන සිසුන්ගේ මූල්‍ය සුදුසුකම් සහ visa අයදුම්පත් ඇගයීමේ ක්‍රමවේදය නැවත සමාලෝචනය කිරීමට රජය සූදානම් වන බවටයි වාර්තා වන්නේ .

Advertisement

2024 වසරේ හඳුන්වා දුන් දැඩි පරීක්ෂණ ක්‍රමවේදයෙන් පසු student visa ප්‍රතික්ෂේප කිරීම් ඉහළ ගොස් ඇති අතර, පසුගිය මූල්‍ය වර්ෂයේදී අයදුම්කරුවන්ගෙන් 24.2% කට වැඩි පිරිසකගේ visa ප්‍රතික්ෂේප වී තිබෙන බවටයි සදහන් .

එම කාලසීමාවේදී නේපාලයෙන් ඉදිරිපත් කළ student visa අයදුම්පත් අතරින් 51% කට වැඩි ප්‍රමාණයක් ද, ඉන්දියාවෙන් ඉදිරිපත් කළ අයදුම්පත් අතරින් 40%කට වැඩි ප්‍රමාණයක් ද ප්‍රතික්ෂේප වී ඇති බවටයි වැඩිදුරටත් සදහන් කරන්නේ .

Banner 01

මේ අතර, ඔස්ට්‍රේලියාවේ government universities වලට අලුතින් ඇතුළත් වන ජාත්‍යන්තර සිසුන් සංඛ්‍යාව මේ වසරේ 18% කින් පමණ පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කරන අතර, එමඟින් වසර තුනක් තුළ විශ්වවිද්‍යාල ආදායමට ඔස්ට්‍රේලියානු ඩොලර් බිලියන දෙකක පමණ බලපෑමක් ඇති විය හැකි බවයි විශ්ලේෂකයන් පවසන්නේ .

නව සංශෝධන යටතේ සිසුන්ගේ මූල්‍ය හැකියාව තහවුරු කිරීම සඳහා පැහැදිලි මාර්ගෝපදේශ හඳුන්වා දීම මෙන්ම, පාඨමාලා ගාස්තු සහ ජීවන වියදම් සඳහා අවශ්‍ය මුදල් තැන්පත් කිරීමේ ක්‍රමයක් ද සලකා බලමින් සිටින අතර, ඒ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල සහ අධ්‍යාපන නියෝජිතයන් සමඟ නොවැම්බර් මාසයේදී සාකච්ඡා කිරීමට නියමිත බවටයි labor රජය පවසන්නේ .

කෙසේ වෙතත්, student visa ක්‍රමයේ අක්‍රමිකතා වැළැක්වීම සඳහා ක්‍රියාත්මක දැඩි ප්‍රතිපත්තිය අත්හැරීමට labor රජය සූදානම් නොමැති බවත්, අව්‍යාජ ජාත්‍යන්තර සිසුන්ට ඔස්ට්‍රේලියාවට පැමිණීමේ අවස්ථා අඩාල නොවන පරිදි නීති සංශෝධනය කිරීම මෙහි අරමුණ බවටයි වාර්තා වන්නේ .

Join on WhatsApp channel

උණුසුම් පුවත්

Tattoo ගසා ගැනීමේදී ඇතිවන වේදනාව මඟහරවා ගැනීම සඳහා ඔස්ට්‍රේලියානුවන් අතර නව ප්‍රවණතාවක් වර්ධනය වෙමින් පවතිනවා. ඒ අනුව ඇතැම් ඔස්ට්‍රේලියානුවන් සම්පූර්ණ...

ඔස්ට්‍රේලියාවේ පවතින සංක්‍රමණ නීති අනුව ඇතැම් අපරාධවලට වරදකරුවන් වූ පුද්ගලයන්ගේ වීසා ප්‍රතික්ෂේප කිරීමට හෝ දැනට පවතින වීසා අවලංගු කිරීමට ආගමන...

ඔස්ට්‍රේලියාවේ වෛද්‍ය ක්ෂේත්‍රයේ නව තාක්ෂණික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, Sydney හි සිටින ශල්‍ය වෛද්‍යවරයෙකු China හි Shanghai නගරයේ පිහිටි ශල්‍ය රොබෝවක්...

මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් ලෝක ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ ඔස්ට්‍රේලියානුවන්ට සාමාන්‍යයෙන් එක් අයෙකුට ඩොලර් 500කට වැඩි අමතර ඉන්ධන වියදමක්...

ඔස්ට්‍රේලියාවේ 2026 වසරේ දරුවන්ගේ සතිය හෙවත් Children’s Week අදින් ඇරඹෙනවා. ඒ අනුව මෙම Children’s Week 2026 අද එනම් ඔක්තෝම්බර් 24...

ඔස්ට්‍රේලියාවේ Melbourne නගරයේ ගිනිකොනදිග ප්‍රදේශයේ (South-East) පිහිටි ට්‍රක් රථ නැවැත්වීමේ ස්ථානයක් නීති විරෝධී ලෙස කසළ බැහැර කිරීම වැළැක්වීමේ අරමුණින් වසා...

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් තරු වන ට්‍රැවිස් හෙඩ් සහ ඇලෙක්ස් කේරි ඇතුළත් දැවැන්ත බිතු සිතුවමක් ඇඩිලේඩ් නුවරදී විවෘත කිරීමට ක්‍රිකට් ඔස්ට්‍රේලියා ආයතනය...

ඔස්ට්‍රේලියාවේ Working Holiday Visa නීතිවල සිදුකරන නව වෙනස්කම් හේතුවෙන්, ග්‍රාමීය ප්‍රදේශ වල රැකියා කිරීමට පැමිණෙන තරුණ විදේශිකයන්ගේ සංඛ්‍යාව අඩුවිය හැකි...

ඔස්ට්‍රේලියාව මුහුණ දෙන ආර්ථික අභියෝග එක රැයකින් විසඳිය නොහැකි බව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීසි පවසනවා. දේශීය හා ජාත්‍යන්තර වශයෙන් පවතින ආර්ථික...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියානු student Visa නීති සංශෝධනයට labor රජය සූදානම්

ඔස්ට්‍රේලියානු වීසා අයදුම්කරුවන්ට අලුත් ක්‍රමවේදයක්

ඔස්ට්‍රේලියානු වීසා අයදුම්කරුවන්ගේ අනන්‍යතාව තහවුරු කිරීම සඳහා ක්‍රියාත්මක කරන Biometrics Collection Program එක රටවල් 60කට ආසන්න සංඛ්‍යාවකට ව්‍යාප්ත කර ඇති බව ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව

Read More »

Sydney මගීන්ට සුබ ආරංචියක් – අලුත් Metro දුම්රිය සේවාව අද සිට

Sydney නගරයේ ප්‍රධාන පොදු ප්‍රවාහන ව්‍යාපෘතියක් වන Sydney Metro City & Southwest දුම්රිය ව්‍යාපෘතියේ අවසන් අදියර අද නිල වශයෙන් ජනතා අයිතියට පත් කර තිබෙනවා. වසර

Read More »

ඔස්ට්‍රේලියාවේ දිගම Water Slide එක මෙල්බන්වලට

ඔස්ට්‍රේලියාවේ දිගම Mat-Racing Water Slide එක මෙම Summer එකේදී මෙල්බන් ආසන්නයේ විවෘත කිරීමට සැලසුම් කර තිබෙනවා. මෙල්බන් නගරයට උතුරින් පිහිටි Whittlesea ප්‍රදේශයේ Funfields Themepark Parkහි

Read More »

අද Sydney Airport යනවාද? ගුවන් මගීන්ට විශේෂ දැනුම්දීමක්

ඔස්ට්‍රේලියාවේ කාර්යබහුලම ගුවන්තොටුපොළක් වන Sydney Airportහි ආරක්ෂක සේවකයන් අද වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරනවා. United Workers Union වෘත්තීය සමිතියට අයත් සේවකයන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එක්වන්නේ වැටුප්

Read More »

Australia Post අනාගතය අවිනිශ්චිතයි – වසර 217ක සේවාවට විශේෂ විමර්ශනයක්

ඔස්ට්‍රේලියාවේ වසර 217ක ඉතිහාසයක් ඇති ජාතික තැපැල් සේවාව වන Australia Post ආයතනයේ අනාගතය සම්බන්ධයෙන් විශේෂ පාර්ලිමේන්තු විමර්ශනයක් ආරම්භ කිරීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා. සීඝ්‍රයෙන්

Read More »

ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් 12ක් උතුරු කොරියාවට එරෙහිව නව සම්බාධක පනවයි

උතුරු කොරියාවේ නීතිවිරෝධී න්‍යෂ්ටික අවි සහ බැලස්ටික් මිසයිල වැඩසටහන්වලට මුදල් සැපයීම අඩපණ කිරීමේ අරමුණින් ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් 12ක් නව සම්බාධක ක්‍රියාත්මක කර තිබෙනවා. 2026 ඔක්තෝබර්

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom