Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායිකා ශෂිකලා සිරිවර්ධන Victoria ප්‍රාන්තයේ Plenty Valley Cricket Clubහි පූර්ණකාලීන පුහුණුකාරිනියක ලෙස කටයුතු කිරීම ආරම්භ කර තිබෙනවා.

ඇය 2026-27 ක්‍රිකට් තරග වාරයේදී එම සමාජයේ කාන්තා කණ්ඩායම් පුහුණු කිරීමේ වගකීම භාරගෙන ඇති අතර, මීට පෙර එහි නායිකා සහ පුහුණුකාරිනිය ලෙස කටයුතු කර තිබුණා.

Cricket Australia නිල වෙබ් අඩවියට අදහස් දක්වමින් ඇය සඳහන් කර ඇත්තේ තරුණ ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා වර්ධනය කිරීමට දායක වීම තමන්ට විශාල සතුටක් බවයි.

Advertisement

2020 කාන්තා T20 ලෝක කුසලානයෙන් පසු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් ශෂිකලා, ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායමේ පුහුණු කටයුතුවලට ද දායක වී තිබෙනවා.

පසුව ඔස්ට්‍රේලියාවට පැමිණි ඇය Brisbane හි Wynnum-Manly ක්‍රිකට් සමාජයට එක්වූ අතර, 2024 වසරේදී Melbourneහි Box Hill Cricket Club සමඟ ද කටයුතු කර තිබුණා.

Banner 01

2003 වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය ආරම්භ කළ ශෂිකලා, එක්දින ජාත්‍යන්තර තරගවලදී ලකුණු 2,029ක් සහ කඩුලු 124ක් ලබාගෙන ඇති අතර, එම තරග රටාවේ ලකුණු 1,000ක් සහ කඩුලු 100ක් ඉක්මවූ එකම ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස ද ඉතිහාසයට එක්ව සිටිනවා.

ඉදිරියේදී ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත මට්ටමේ පුහුණුකාරිනියක ලෙස හෝ ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරිනිය ලෙස කටයුතු කිරීම තම අරමුණ බව ද ඇය ප්‍රකාශ කර තිබෙනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

සිඩ්නි නගරය ඇතුළු නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රධාන මාර්ග සහ උමං මාර්ගවල සාමාන්‍ය ධාවන වේගය මනින කැමරා පද්ධතිය පුළුල් කිරීම...

වික්ටෝරියා ප්‍රාන්තයේ රජයේ රෝහල්වල හදිසි ප්‍රතිකාර ලබාගැනීමට රෝගීන්ට බලා සිටීමට සිදුවන කාලය අඩු කිරීම සඳහා ඩොලර් බිලියන 1.5ක නව සෞඛ්‍ය...

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ගුවන් සේවාවක් වන Qantas සමාගමේ ගුවන් තොටුපොළ ground crew සේවකයින් සිය ගණනක් අද පැය 24ක දීපව්‍යාප්ත වැඩ වර්ජනයක්...

ඔස්ට්‍රේලියාවේ උද්ධමනය අපේක්ෂා කළ කාලයට වඩා දිගු කාලයක් ඉහළ මට්ටමක පැවතිය හැකි බව සංචිත බැංකුවේ (RBA) අධිපතිනි Michele Bullock පවසනවා....

2026 ඔස්ට්‍රේලියානු MotoGP තරඟාවලියේ අවසන් වටය අවලංගු කර තිබෙනවා. වික්ටෝරියා ප්‍රාන්තයේ Philip Island ධාවන පථයේ පැවැත්වීමට නියමිතව තිබූ මෙම තරගාවලියට...

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ Emergency Services Minister සහ Frankston ප්‍රදේශය නියෝජනය කරන Labor මන්ත්‍රී Paul Edbrooke හට එල්ල වූ තර්ජනයක් සම්බන්ධයෙන්...

ඔස්ට්‍රේලියාවේ දිගුකාලීන රෝගවලින් පෙළෙන පුද්ගලයන්ට ප්‍රතිකාර කිරීමේදී ඖෂධවලට අමතරව ව්‍යායාම ද විධිමත් ප්‍රතිකාර ක්‍රමයක් ලෙස නිර්දේශ කිරීමට වෛද්‍යවරුන් දිරිමත් කළ...

ඔස්ට්‍රේලියාවේ නිවාස මිලදී ගැනීමේ වියදම් ඉහළ යාම හමුවේ, නිවසක් ඉදිකිරීමට කැමති පුද්ගලයන් ආකර්ෂණය කරගැනීම සඳහා Queensland ප්‍රාන්තයේ කුඩා නගරයක් විශේෂ...

ඔස්ට්‍රේලියාවේ සේවක අයිතිවාසිකම් සම්බන්ධයෙන් ලැබෙන නිර්නාමික පැමිණිලි සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. Fair Work Ombudsman ආයතනයේ 2025–26 වාර්ෂික වාර්තාවට...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායිකා ශෂිකලා සිරිවර්ධනට ඔස්ට්‍රේලියාවේ නව පුහුණුකාර තනතුරක්

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායිකා ශෂිකලා සිරිවර්ධනට ඔස්ට්‍රේලියාවේ නව පුහුණුකාර තනතුරක්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායිකා ශෂිකලා සිරිවර්ධන Victoria ප්‍රාන්තයේ Plenty Valley Cricket Clubහි පූර්ණකාලීන පුහුණුකාරිනියක ලෙස කටයුතු කිරීම ආරම්භ කර තිබෙනවා. ඇය 2026-27

Read More »

වැටුප් වැඩි කරන්නැයි ඉල්ලා කැන්බරාහි රාජ්‍ය සේවකයන් වැඩවර්ජනයක

ඔස්ට්‍රේලියාවේ Canberra නුවර රාජ්‍ය සේවකයන් 1,000කට ආසන්න පිරිසක් වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා අද දැවැන්ත වැඩ වර්ජනයක නිරත වී තිබෙනවා. පැය දෙකක කාලයක් පැවති මෙම

Read More »

මෙල්බන්හි සතියක් වයසැති බිළිඳෙකු ඇතුළු දරුවන් දෙදෙනෙක් අතුරුදන්

මෙල්බන්හි අතුරුදන් වූ කුඩා දරුවන් දෙදෙනෙකු සොයාගැනීම සඳහා වික්ටෝරියා පොලිසිය මහජන සහාය ඉල්ලා තිබෙනවා. සතියක් වයසැති Daniel සහ වසරක් වයසැති Ilham නමැති මෙම දරුවන් දෙදෙනා

Read More »

NSWහි සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටෙයි – නියමුවා ජීවිතක්ෂයට

New South Wales ප්‍රාන්තයේ වයඹදිග ප්‍රදේශයක සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටීමෙන් එහි නියමුවා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. Bourke නගරයට කිලෝමීටර් 190ක් පමණ වයඹ දෙසින් පිහිටි Wanaaring

Read More »

ඔස්ට්‍රේලියාව මිසයිල ආරක්ෂාවට සැරසෙයි – Iron Dome ගැනත් සාකච්ඡා

ලොව පුරා යුද ගැටුම්වලදී ප්‍රහාරක ඩ්‍රෝන යානා භාවිතය ඉහළ යාමත් සමඟ, සිය ගුවන් ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා ඊශ්‍රායලයේ Iron Dome පද්ධතියට සම්බන්ධ Interceptor මිසයිල මිලදී

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom