Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ Permanent Residency (PR) හිමි පුද්ගලයින් විදේශ සංචාරවල නිරත වීමේදී තම වීසා බලපත්‍රයේ නැවත ඔස්ට්‍රේලියාවට ඇතුළුවීමේ අවසරය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතු බවට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.

PR වීසා හිමියෙකුට ඔස්ට්‍රේලියාවෙන් පිටවී නැවත පැමිණීමට Travel Facility නමින් හැඳින්වෙන අවසරයක් හිමිවන අතර, පළමු PR වීසා බලපත්‍රය සඳහා එය සාමාන්‍යයෙන් වසර 5කට සීමා වනවා.

මෙම කාලය අවසන් වූ පසු නැවත ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවශ්‍ය නම් Resident Return Visa හෙවත් RRV වීසා බලපත්‍රයක් ලබාගත යුතුයි.

Advertisement

එසේ නොමැතිව Visitor Visa හෝ ETA වීසා බලපත්‍රයක් යටතේ ඔස්ට්‍රේලියාවට නැවත පැමිණීම බරපතළ ප්‍රතිවිපාක ඇති කළ හැකි බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.

විශේෂයෙන් එවැනි තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයෙකුගේ ස්ථිර පදිංචි තත්ත්වයට, ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාගැනීමේ සුදුසුකම්වලට සහ Medicare සෞඛ්‍ය පහසුකම්වලට බලපෑම් එල්ල විය හැකියි.

Banner 01

එමෙන්ම සීමාවකින් තොරව රැකියාවක නිරත වීමේ අයිතිය සහ රජයේ වෙනත් ප්‍රතිලාභ ලබාගැනීමේ හැකියාව ද අහිමි වීමේ අවදානමක් පවතිනවා.

කෙසේ වෙතත්, PR හිමියෙකු ඔස්ට්‍රේලියාව තුළ රැඳී සිටින විට Travel Facility කාලය අවසන් වූ පමණින් ඔහුගේ හෝ ඇයගේ ස්ථිර පදිංචිය අහිමි වන්නේ නැහැ.

එහෙත් නැවත විදේශගත වීමට පෙර Travel Facility වලංගුභාවය පරීක්ෂා කිරීම අත්‍යවශ්‍ය වන අතර, එය අවසන් වී ඇත්නම් හෝ විදේශගතව සිටියදී අවසන් වීමට නියමිත නම් RRV වීසා ලබාගැනීමට කටයුතු කළ යුතුයි.

ඒ අනුව විදේශ සංචාරයකට පිටත්වීමට පෙර VEVO පද්ධතිය හරහා තම වීසා තොරතුරු පරීක්ෂා කරන ලෙස ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව PR හිමියන්ට දැනුම් දෙනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළෙඳසැල් ජාලයක් වන ALDI වෙතින් අලෙවි කරන ජනප්‍රිය කිරි නිෂ්පාදනයක්, නරක් වීමේ අවදානමක් හේතුවෙන් වෙළෙඳපොළෙන් ඉවත් කර තිබෙනවා....

ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව (DHA) නිකුත් කළ ශිෂ්‍ය වීසා මාර්ගෝපදේශයට අනුව, ඇතැම් විශේෂ අවස්ථාවලදී ඕස්ට්‍රේලියාවෙන් පිටත සිට නව ශිෂ්‍ය වීසා...

ඔස්ට්‍රේලියාවේ පාසල් තුළ සිසුන් අතර සිදුවන ලිංගික අනිසි හැසිරීම් සම්බන්ධයෙන් වාර්තා වූ සිදුවීම් සංඛ්‍යාව පිළිබඳ දැඩි අවධානයක් යොමුව තිබෙනවා. නවතම...

ඔස්ට්‍රේලියාවේ Greens පක්ෂය සියලුම බදු ගෙවන්නන්ට සතියකට ඩොලර් 21ක බදු සහනයක් ලබාදීමටත්, සුබසාධන දීමනා ඉහළ නැංවීමටත් එම පක්ෂයේ පළමු ප්‍රතිපත්ති...

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු කිහිපයක් සේවක සංඛ්‍යාව අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ බැංකු ක්ෂේත්‍රයේ රැකියා සුරක්ෂිතභාවය පිළිබඳ දැඩි අවධානයක් යොමු වී...

වික්ටෝරියාවේ ස්වාධීන මන්ත්‍රී Helen Hainesට Wangaratta හිදී එල්ල වූ බවට සැක කෙරෙන ඉලක්කගත වාහන ප්‍රහාරයෙන් පසු, ඇගේ දෙවන පාදයත් ශල්‍යකර්මයකින්...

ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාල උපාධිධාරීන්ගෙන් 91.8%ක් උපාධිය සම්පූර්ණ කර වසර තුනකට පසු පූර්ණකාලීන රැකියාවල නිරතව සිටින බව නවතම සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා. 2026...

ඔස්ට්‍රේලියාවේ New South Wales ප්‍රාන්තයේ සාද සහ උත්සවවලදී Helium වායුව පුරවා ඇති බැලුන් අහසට මුදාහරින පුද්ගලයන්ට $200ක ස්ථානීය දඩයක් පැනවීමට...

භින්නෝන්මාදය සහ ඔටිසම් තත්ත්වය වැනි සංකීර්ණ මානසික හා ස්නායු සංවර්ධන තත්ත්වයන් වලට බලපාන හේතු සෙවීම සඳහා ඔස්ට්‍රේලියානු පර්යේෂකයන් කුඩා මත්ස්‍ය...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

වැරදි වීසා එකකින් ඔස්ට්‍රේලියාවට ආවොත් ඔබේ PR එකත් අවදානමේ

ඔස්ට්‍රේලියාවට එන්න විදෙස් සිසුන්ගේ කැමැත්ත දැඩි ලෙස පහළට

ඔස්ට්‍රේලියාව ජාත්‍යන්තර සිසුන්ගේ ප්‍රමුඛතම අධ්‍යාපනික ගමනාන්තයක් ලෙස පවතින ආකර්ෂණය පසුගිය මාස හය තුළ සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බව IDP Education ආයතනයේ නව වාර්තාවකින්

Read More »

ඇමෙරිකාවේ න්‍යෂ්ටික සබ්මැරීනයක් ඔස්ට්‍රේලියාවට

ඔස්ට්‍රේලියාව, ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍යය අතර ඇතිකරගත් AUKUS ආරක්ෂක ගිවිසුම යටතේ ඔස්ට්‍රේලියාවේ ස්ථානගත කිරීමට තෝරාගත් පළමු ඇමෙරිකානු න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීනය බටහිර ඔස්ට්‍රේලියාවට පැමිණ තිබෙනවා.

Read More »

ට්‍රැවිස් හෙඩ් සහ ඇලෙක්ස් කේරිගේ දැවැන්ත බිතු සිතුවමක් ඇඩිලේඩ්හිදී විවෘත කෙරේ

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් තරු වන ට්‍රැවිස් හෙඩ් සහ ඇලෙක්ස් කේරි ඇතුළත් දැවැන්ත බිතු සිතුවමක් ඇඩිලේඩ් නුවරදී විවෘත කිරීමට ක්‍රිකට් ඔස්ට්‍රේලියා ආයතනය කටයුතු කර තිබේ. මෙම බිතු

Read More »

ඔස්ට්‍රේලියාවේ වීසා අවලංගු කිරීමට හේතුවන Section 501 නීතිය ගැන ඔබ දැනුවත්ද?

ඔස්ට්‍රේලියාවේ පවතින සංක්‍රමණ නීති අනුව ඇතැම් අපරාධවලට වරදකරුවන් වූ පුද්ගලයන්ගේ වීසා ප්‍රතික්ෂේප කිරීමට හෝ දැනට පවතින වීසා අවලංගු කිරීමට ආගමන බලධාරීන්ට නීතිමය බලතල පවතිනවා. 1958

Read More »

වේදනාවක් නැති Tattoo එකක් වෙනුවෙන් ආසියාවට යන ඔස්ට්‍රේලියානුවන්

Tattoo ගසා ගැනීමේදී ඇතිවන වේදනාව මඟහරවා ගැනීම සඳහා ඔස්ට්‍රේලියානුවන් අතර නව ප්‍රවණතාවක් වර්ධනය වෙමින් පවතිනවා. ඒ අනුව ඇතැම් ඔස්ට්‍රේලියානුවන් සම්පූර්ණ නිර්වින්දනය හෙවත් General Anaesthesia ලබාගෙන

Read More »

වැරදි වීසා එකකින් ඔස්ට්‍රේලියාවට ආවොත් ඔබේ PR එකත් අවදානමේ

ඔස්ට්‍රේලියාවේ Permanent Residency (PR) හිමි පුද්ගලයින් විදේශ සංචාරවල නිරත වීමේදී තම වීසා බලපත්‍රයේ නැවත ඔස්ට්‍රේලියාවට ඇතුළුවීමේ අවසරය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතු බවට ඔස්ට්‍රේලියානු

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom