Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ 2025 වසරේ වාර්තා වූ මරණවලින් 10%කට වැඩි ප්‍රමාණයකට හේතුව ඩිමෙන්ෂියා රෝගී තත්ත්වය බව Australian Bureau of Statistics පවසනවා.

එම වසරේදී ඩිමෙන්ෂියා සහ ඇල්සයිමර් යන රෝග හේතුවෙන් පුද්ගලයන් 19,000කට වැඩි පිරිසක් මියගොස් ඇති අතර, 2024 වසරේ සිට ඩිමෙන්ෂියා රෝගී තත්වය ඔස්ට්‍රේලියාවේ මරණ සඳහා ප්‍රධානතම හේතුව බවට පත්ව තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ සමස්ත මරණ සංඛ්‍යාව 2025 වසරේදී 188,421ක් ලෙස වාර්තා වී ඇති අතර, මරණ සඳහා දෙවැනි ප්‍රධානතම හේතුව වී ඇත්තේ හෘදයට රුධිරය සැපයීම අඩාල වීමෙන් ඇති වන හෘද රෝගයි.

Advertisement

මරණ සඳහා ප්‍රධානතම හේතු පහ අතරට මොළයේ රුධිර නාල ආශ්‍රිත රෝග, පෙනහළු පිළිකා සහ දිගුකාලීන ශ්වසන රෝග ද ඇතුළත් වන අතර, එම රෝග පහට සමස්ත මරණවලින් තුනෙන් එකක් පමණ අයත් වෙනවා.

මේ අතර, 2025 වසරේදී ඔස්ට්‍රේලියාවේ සියදිවි නසාගැනීම් හේතුවෙන් පුද්ගලයන් 3,283ක් මියගොස් තිබෙනවා. එය පෙර වසරට සාපේක්ෂව සුළු අඩුවීමක් වන අතර, එම මරණවලින් 73.9%ක් පිරිමි පුද්ගලයන් බවයි වාර්තා වන්නේ.

Banner 01

කෙසේ වෙතත්, ආදිවාසී සහ Torres Straitහි දූපත්වාසී ජනතාව අතර සියදිවි නසාගැනීම් ඉහළ ගොස් ඇති අතර, එම කණ්ඩායමෙන් වාර්තා වූ මරණ සංඛ්‍යාව 320ක් ලෙස සටහන් වී තිබෙනවා.

එමෙන්ම, මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව ද 2024 වසරේ 2,007 සිට 2025 වසරේදී 2,063 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කෙසේ වෙතත්, සමස්තයක් ලෙස ඔස්ට්‍රේලියාවේ මරණ අනුපාතය අඩු වී ඇති අතර, එය කොවිඩ් වසංගතයට පෙර පැවති මට්ටමට යළි ළඟා වෙමින් පවතින බවයි ABS ආයතනය පෙන්වා දෙන්නේ.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

වික්ටෝරියා ප්‍රාන්තයේ රජයේ රෝහල්වල හදිසි ප්‍රතිකාර ලබාගැනීමට රෝගීන්ට බලා සිටීමට සිදුවන කාලය අඩු කිරීම සඳහා ඩොලර් බිලියන 1.5ක නව සෞඛ්‍ය...

2026 වසරේ ඔස්ට්‍රේලියාවේ ලිංගික නිදහස වැඩිම නගරය ලෙස මෙල්බන් නගරය නම් කර තිබෙනවා. Erobella පර්යේෂණ කණ්ඩායම විසින් ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර...

ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාත නැවතත් ඉහළ දැමීමේ හැකියාව පිළිබඳ අවධානය යොමුව තිබෙනවා. Reserve Bank of Australia නියෝජ්‍ය අධිපති Andrew Hauser පෙන්වා...

ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම් ඉහළ යාම හේතුවෙන් රැකියාවල නිරත පුද්ගලයන් සහ කුඩා ව්‍යාපාර හිමියන් පවා ණය ගැටලුවලට මුහුණ දෙන බව නව...

ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම් ඉහළ යාම හමුවේ, නත්තල් සාප්පු සවාරි සඳහා වැයවන මුදල අඩු කරගැනීමට පාරිභෝගිකයන්ට සහනයක් ලබාදීමේ අරමුණින් Woolworths සුපිරි...

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු කිහිපයක් සේවක සංඛ්‍යාව අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ බැංකු ක්ෂේත්‍රයේ රැකියා සුරක්ෂිතභාවය පිළිබඳ දැඩි අවධානයක් යොමු වී...

ඕස්ට්‍රේලියාවේ Student Visa (Subclass 500) සහ Student Guardian Visa (Subclass 590) සම්බන්ධයෙන් 2026 ඔක්තෝබර් 2 වැනිදා සිට නව නීති ක්‍රියාත්මක...

ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන ජාත්‍යන්තර සිසුන්ට ඔස්ට්‍රේලියානු ඩොලර් 250 බැගින් වටිනා විද්‍යුත් තෑගි කාඩ්පත් දිනාගැනීමේ අවස්ථාවක් හිමිව තිබෙනවා. ඒ සඳහා Study...

ඔස්ට්‍රේලියාවේ Permanent Residency (PR) හිමි පුද්ගලයින් විදේශ සංචාරවල නිරත වීමේදී තම වීසා බලපත්‍රයේ නැවත ඔස්ට්‍රේලියාවට ඇතුළුවීමේ අවසරය පිළිබඳ විශේෂ අවධානයක්...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියාවේ ඔබත් මේ රෝගයෙන් පෙළෙනවාද? කඩිනම් පියවරක් ගන්න විශේෂ දැනුම්දීමක්

Melbourne සමාගමක් විධායක නිෂ්පාදනයෙන් දායක වූ සිංහල චිත්‍රපටය

ප්‍රසාදි අබේගුණරත්නගේ අධ්‍යක්ෂණයෙන් සහ තිර රචනයෙන් නිර්මාණය වූ “අහස තරම්” (Ahasa Tharam) චිත්‍රපටය 2026 සැප්තැම්බර් 30 වැනිදා සිට ශ්‍රී ලංකාවේ සිනමාහල්වල තිරගත වීම ආරම්භ කළා.

Read More »

AI හමුවේ අවදානමට ලක්වන ඔස්ට්‍රේලියාවේ රැකියා

ඔස්ට්‍රේලියාවේ අනාගත රැකියා වෙළෙඳපොළ තුළ කෘත්‍රිම බුද්ධි තාක්ෂණය හේතුවෙන් රැකියා අවස්ථා සහ වෘත්තීය තේරීම් වෙනස් විය හැකි බවට අවධානය යොමුව තිබෙනවා. Jobs and Skills Australia

Read More »

ඔස්ට්‍රේලියාවට එන්න විදෙස් සිසුන්ගේ කැමැත්ත දැඩි ලෙස පහළට

ඔස්ට්‍රේලියාව ජාත්‍යන්තර සිසුන්ගේ ප්‍රමුඛතම අධ්‍යාපනික ගමනාන්තයක් ලෙස පවතින ආකර්ෂණය පසුගිය මාස හය තුළ සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බව IDP Education ආයතනයේ නව වාර්තාවකින්

Read More »

ඇමෙරිකාවේ න්‍යෂ්ටික සබ්මැරීනයක් ඔස්ට්‍රේලියාවට

ඔස්ට්‍රේලියාව, ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍යය අතර ඇතිකරගත් AUKUS ආරක්ෂක ගිවිසුම යටතේ ඔස්ට්‍රේලියාවේ ස්ථානගත කිරීමට තෝරාගත් පළමු ඇමෙරිකානු න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීනය බටහිර ඔස්ට්‍රේලියාවට පැමිණ තිබෙනවා.

Read More »

ට්‍රැවිස් හෙඩ් සහ ඇලෙක්ස් කේරිගේ දැවැන්ත බිතු සිතුවමක් ඇඩිලේඩ්හිදී විවෘත කෙරේ

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් තරු වන ට්‍රැවිස් හෙඩ් සහ ඇලෙක්ස් කේරි ඇතුළත් දැවැන්ත බිතු සිතුවමක් ඇඩිලේඩ් නුවරදී විවෘත කිරීමට ක්‍රිකට් ඔස්ට්‍රේලියා ආයතනය කටයුතු කර තිබේ. මෙම බිතු

Read More »

ඔස්ට්‍රේලියාවේ වීසා අවලංගු කිරීමට හේතුවන Section 501 නීතිය ගැන ඔබ දැනුවත්ද?

ඔස්ට්‍රේලියාවේ පවතින සංක්‍රමණ නීති අනුව ඇතැම් අපරාධවලට වරදකරුවන් වූ පුද්ගලයන්ගේ වීසා ප්‍රතික්ෂේප කිරීමට හෝ දැනට පවතින වීසා අවලංගු කිරීමට ආගමන බලධාරීන්ට නීතිමය බලතල පවතිනවා. 1958

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom