වික්ටෝරියා ප්රාන්තයේ රජයේ රෝහල්වල හදිසි ප්රතිකාර ලබාගැනීමට රෝගීන්ට බලා සිටීමට සිදුවන කාලය අඩු කිරීම සඳහා ඩොලර් බිලියන 1.5ක නව සෞඛ්ය සැලැස්මක් ලේබර් පක්ෂය අද ප්රකාශයට පත් කර තිබෙනවා.
නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත වික්ටෝරියා ප්රාන්ත මැතිවරණයෙන් යළි බලයට පත්වුවහොත් මෙම වැඩපිළිවෙළ ක්රියාත්මක කරන බවයි ප්රාන්ත අග්රාමාත්ය Ben Carroll ප්රකාශ කර ඇත්තේ.
ඒ අනුව Alfred, Austin, Royal Children’s, Footscray සහ Werribee Mercy ඇතුළු ප්රාන්තයේ රෝහල් 12ක හදිසි ප්රතිකාර අංශවල ධාරිතාව සියයට 25කින් ඉහළ නැංවීමට සැලසුම් කර තිබෙනවා.
මෙම වැඩපිළිවෙළ යටතේ හෙද හෙදියන් 750 දෙනෙකු ඇතුළු අතිරේක සෞඛ්ය සේවකයන් 1,500 දෙනෙකු බඳවා ගැනීමටත්, රෝගීන් සඳහා තවත් ඇඳන් පහසුකම් එක් කිරීමටත් යෝජනා කර තිබෙනවා.
එමඟින් රෝහල්වල හදිසි ප්රතිකාර සඳහා රෝගීන් බලා සිටින කාලය සියයට 20ක් දක්වා අඩු කිරීමට හැකිවනු ඇතැයි ලේබර් පක්ෂය අපේක්ෂා කරනවා.
මේ අතර, විපක්ෂ නායිකා Jess Wilson ප්රමුඛ ලිබරල් සන්ධානය ද රජයේ රෝහල්වල ශල්යකර්ම සඳහා පවතින පොරොත්තු ලේඛන අඩු කිරීම වෙනුවෙන් පෞද්ගලික රෝහල්වල සේවා ලබාගැනීමට ඩොලර් බිලියන 1.3ක විකල්ප සැලැස්මක් ඉදිරිපත් කර තිබෙනවා.
ඉදිරි ප්රාන්ත මැතිවරණයේදී සෞඛ්ය සේවා වැඩිදියුණු කිරීම ප්රධාන මැතිවරණ පොරොන්දුවක් බවට පත්ව ඇති අතර, මෙම සැලසුම් ක්රියාත්මක වීම මැතිවරණ ප්රතිඵලය මත තීරණය වනු ඇති.