Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ තරුණ පරපුර සමඟ සමීප සම්බන්ධතාවක් ගොඩනඟා ගැනීම සඳහා දේශපාලනඥයන් Social Media සහ ජනප්‍රිය අන්තර්ජාල නිර්මාණකරුවන් වැඩි වශයෙන් භාවිත කිරීමට පෙළඹී සිටිනවා.

කැන්බරා විශ්වවිද්‍යාලයේ අධ්‍යයනයකට අනුව වයස අවුරුදු 18ත් 24ත් අතර ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 48ක් TikTok හරහා ප්‍රවෘත්ති ලබාගන්නා අතර, ප්‍රවෘත්ති නරඹන ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 43ක් Social Media නිර්මාණකරුවන් සහ බලපෑම්කරුවන් හරහා පුවත් ලබාගන්නා බවයි අනාවරණය වී ඇත්තේ.

එමෙන්ම 2025 ජාතික තරුණ සමීක්ෂණයට අනුව තරුණ ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 73ක් රජයේ ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු Social Media ඔස්සේ ලබාගැනීමට කැමැත්ත පළ කර තිබෙනවා.

Advertisement

කෙසේ වෙතත්, Griffith විශ්වවිද්‍යාලයේ සන්නිවේදන විශේෂඥ ආචාර්ය Susan Grantham පෙන්වා දෙන්නේ මෙවැනි වීඩියෝ තරුණයන්ගේ දේශපාලන උනන්දුව වැඩි කිරීමට උපකාරී වුවද, ඒවා සැබවින්ම ඔවුන්ගේ ඡන්ද තීරණ වෙනස් කරන බවට මෙතෙක් ප්‍රමාණවත් පර්යේෂණ සාක්ෂි නොමැති බවයි.

Social Media හරහා දේශපාලනය තරුණ පරපුරට වඩාත් සමීප වීම ධනාත්මක ප්‍රවණතාවක් විය හැකි නමුත්, වැරදි තොරතුරු පැතිරීම සහ සංකීර්ණ දේශපාලන කරුණු අතිශය සරල කර ඉදිරිපත් කිරීමේ අවදානම පිළිබඳවද පර්යේෂකයන් අනතුරු අඟවනවා.

Banner 01

මේ අතර අගමැති Anthony Albanese පසුගියදා ජනප්‍රිය Social Media නිර්මාණකරුවන් දෙදෙනෙකු වන Swag On The Beat සමඟ හාස්‍යජනක වීඩියෝවකට එක්වීම ඔස්ට්‍රේලියාව පුරා විශේෂ අවධානයක් දිනාගෙන තිබෙනවා.

එම වීඩියෝවේදී තම දියණියගේ පෙම්වතා පළමු වරට හමුවන පියෙකුගේ චරිතයට පණ පොවන අගමැතිවරයා, දියණියගේ සිත රිදවුවහොත් පෙම්වතාගේ විශ්වවිද්‍යාල ණය නැවත පැනවීමට කටයුතු කරන බවයි විහිළුවෙන් ප්‍රකාශ කරන්නේ.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාව සහ European Union අතර යෝජිත නිදහස් වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ විපක්ෂ Coalition පක්ෂ සන්ධානය තුළ මතභේදයක් හටගෙන තිබෙනවා. ඒ,...

ඔස්ට්‍රේලියාවේ නවතම ජාත්‍යන්තර ගුවන් තොටුපළ වන Western Sydney International Airport අද නිල වශයෙන් මගීන් සඳහා විවෘත කරමින් සිය පළමු වාණිජ...

ඔස්ට්‍රේලියාවේ පොදු ප්‍රවාහන සේවා භාවිත කරන ආබාධ සහිත පුද්ගලයන්ට වැඩි පහසුකම් සැලසීම සඳහා නව ප්‍රවාහන ප්‍රමිතීන් හඳුන්වා දී තිබෙනවා. මෙම...

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබාගැනීම සඳහා ක්‍රියාත්මක Employer Nomination Scheme හෙවත් Subclass 186 වීසා වැඩසටහන යටතේ සේවායෝජකයා ඉදිරිපත් කරන නාමයෝජනාව ප්‍රතික්ෂේප...

ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළෙඳසැල් ජාලයක් වන ALDI වෙතින් අලෙවි කරන ජනප්‍රිය කිරි නිෂ්පාදනයක්, නරක් වීමේ අවදානමක් හේතුවෙන් වෙළෙඳපොළෙන් ඉවත් කර තිබෙනවා....

ඔස්ට්‍රේලියාවේ ඉහළ වැටුප් ලබන රැකියා අතරින් වැඩිම ඉල්ලුමක් වාර්තා වන තනතුරු පිළිබඳ නව තොරතුරු අනාවරණය වී තිබෙනවා. රැකියා වෙළෙඳපොළේ දත්ත...

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තය තුළ නීතිවිරෝධී ලෙස කසළ බැහැර කිරීම සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා. පසුගිය...

ඔස්ට්‍රේලියාවේ දුරකථන භාවිත කරන්නන් ඉලක්ක කරගත් වංචා ඇමතුම් මිලියන 24කට වැඩි ප්‍රමාණයක් සම්බන්ධයෙන් Vodafone හි මව් සමාගම වන TPG Telecom...

ඇදුම ඇතුළු ශ්වසන රෝගවලින් පීඩා විඳින පුද්ගලයන්ට වඩාත් පහසුවෙන් ඖෂධ ලබාදිය හැකි නවීන තාක්ෂණයක් මෙල්බන් විශ්වවිද්‍යාලයට සම්බන්ධ Misti නමැති නව...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

තරුණ ඡන්ද දිනාගන්න ඔස්ට්‍රේලියානු දේශපාලනඥයන් Social Media වෙත

ඔස්ට්‍රේලියාවේ ගීත ගායනයට දක්ෂ ඔබට Elephant House – AusLanka TV වෙතින් අවස්ථාවක්

ශ්‍රී ලාංකිකයන්ගේ පරම්පරා ගණනාවක ආදරය සහ විශ්වාසය දිනාගත් Elephant House සන්නාමය, මෙවර ඔස්ට්‍රේලියාව පුරා වෙසෙන ගායන හැකියාවන් ඇති ඔබ වෙනුවෙන් සුවිශේෂී සංගීත අත්දැකීමක් රැගෙන එනවා.

Read More »

මන්ත්‍රීවරුන්ගේ නිවාසවල ආරක්ෂාව වැඩි කිරීමට ප්‍රාන්ත රජයකින් තීරණයක්

ඔස්ට්‍රේලියාවේ දේශපාලනඥයන්ට එල්ල වන තර්ජන සහ ප්‍රචණ්ඩකාරී සිදුවීම් ඉහළ යාමත් සමඟ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තර කිරීමට නව පියවර රැසක් ප්‍රකාශයට පත් කර

Read More »

සිඩ්නි මාර්ගවල වේගය මනින අලුත් ක්‍රමයක් – දඩ මුදල් $ 3,000 ඉක්මවයි

සිඩ්නි නගරය ඇතුළු නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රධාන මාර්ග සහ උමං මාර්ගවල සාමාන්‍ය ධාවන වේගය මනින කැමරා පද්ධතිය පුළුල් කිරීම පිළිබඳව ප්‍රාන්ත රජයේ අවධානය යොමුව

Read More »

Hainesට එල්ල වූ ප්‍රහාරයෙන් පසු ඔස්ට්‍රේලියාවේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව ගැන අලුත් කතාබහක්

ඔස්ට්‍රේලියාවේ දේශපාලන විවාදවලදී භාවිත කරන ප්‍රකෝපකාරී ප්‍රකාශ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එල්ල වන තර්ජන අතර සෘජු සම්බන්ධතාවක් පවතින බව ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිස් කොමසාරිස් Krissy Barrett පවසනවා.

Read More »

පැය 24ම විවෘත සිඩ්නි නව ගුවන් තොටුපළෙන් ගුවන් ගමන් ඇරඹෙයි

ඔස්ට්‍රේලියාවේ නවතම ජාත්‍යන්තර ගුවන් තොටුපළ වන Western Sydney International Airport අද නිල වශයෙන් මගීන් සඳහා විවෘත කරමින් සිය පළමු වාණිජ ගුවන් ගමන ආරම්භ කර තිබෙනවා.

Read More »

ජලයේ පාවෙමින් තිබූ බෝට්ටුවක් නිසා හෙළිවූ වික්ටෝරියාවේ ඛේදවාචකය

වික්ටෝරියාවේ Geelong ආසන්නයේ kayak බෝට්ටුවකින් ගමන් කරමින් සිටියදී අතුරුදන් වූ 60 හැවිරිදි පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. East Geelong ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම පුද්ගලයාගේ සිරුර

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom