ශ්රී ලාංකිකයන්ගේ පරම්පරා ගණනාවක ආදරය සහ විශ්වාසය දිනාගත් Elephant House සන්නාමය, මෙවර ඔස්ට්රේලියාව පුරා වෙසෙන ගායන හැකියාවන් ඇති ඔබ වෙනුවෙන් සුවිශේෂී සංගීත අත්දැකීමක් රැගෙන එනවා.
ශ්රී ලංකාවේ සිට අපට හුරුපුරුදු Elephant House අයිස්ක්රීම්, බීම වර්ග සහ තවත් නිෂ්පාදන රැසක් අද ඔස්ට්රේලියාවේදීත් රසවිඳීමට අවස්ථාව ලැබී තිබෙනවා. එම නිෂ්පාදන ඔස්ට්රේලියානු වෙළෙඳපොළට ගෙන ඒමට දායක වන Millennium Imports ආයතනය ද මෙහිදී විශේෂයෙන් සිහිපත් කළ යුතුයි.
එලෙස ශ්රී ලාංකික රසය ඔස්ට්රේලියාවට සමීප කළ Elephant House, දැන් ඔබේ ගායන දක්ෂතාවටත් අලුත් වේදිකාවක් විවෘත කිරීමට සූදානම්.
ඒ Elephant House POP STUDIO සංගීත වැඩසටහන හරහායි.
සිඩ්නි, මෙල්බර්න්, බ්රිස්බේන්, පර්ත්, ඇඩිලේඩ්, කැන්බරා ඇතුළු ඔස්ට්රේලියාවේ ඕනෑම ප්රදේශයක වෙසෙන ගීත ගායනයට දක්ෂ පුද්ගලයන්ට මෙම වැඩසටහන සඳහා ලියාපදිංචි විය හැකියි.
මෙම වැඩසටහනේ සියලු පටිගත කිරීම් මෙල්බර්න් නුවර පිහිටි AusLanka TV මැදිරි සංකීර්ණයේදී සිදුකිරීමට සැලසුම් කර තිබෙනවා.
වැඩසටහනේ සමස්ත සංවිධාන කටයුතු සහ තරගකරුවන් තෝරාගැනීම Elephant House කණ්ඩායම විසින් සිදුකරන අතර, ඔස්ට්රේලියාවේ මැදිරි පහසුකම් සහ පටිගත කිරීම් සම්බන්ධීකරණය සඳහා AusLanka TV එක්ව සිටිනවා.
වැඩසටහනට සම්බන්ධ වන්නේ කොහොමද?
පළමුව පහත සබැඳිය ඔස්සේ ඔබගේ නම සහ සම්බන්ධතා තොරතුරු ඇතුළත් කර ලියාපදිංචි විය යුතුයි.
ඉන් අනතුරුව මූලික තේරීම් වටය සඳහා ඔබ ගීතයක් ගායනා කරන වීඩියෝවක් ඉදිරිපත් කළ යුතු අතර, ඒ සඳහා අවශ්ය උපදෙස් ලියාපදිංචි වන අය වෙත ලබාදීමට නියමිතයි.
එලෙස ඉදිරිපත් වන ගායන වීඩියෝ Elephant House කණ්ඩායම විසින් ඇගයීමට ලක්කර, දක්ෂතම ගායක ගායිකාවන් 10 දෙනෙකු පමණ අවසන් වශයෙන් තෝරාගැනීමට සැලසුම් කර තිබෙනවා.
තෝරාගන්නා පිරිසට මෙල්බර්න් නුවර AusLanka TV මැදිරි සංකීර්ණයේදී ගායන ශිල්පිනී අමා ජයසිංහ සමඟ එක්ව ගීත ගායනා කිරීමට අවස්ථාව හිමිවනවා.
ඔබේ ගායන හැකියාව මෙතෙක් සීමා වී තිබුණේ නිවසට, මිතුරන් අතරට හෝ කුඩා වේදිකාවකට පමණක් නම්, දැන් එම හැකියාව තවත් ඉදිරියට රැගෙන යන්න අවස්ථාවක් උදාවී තිබෙනවා.
ඔස්ට්රේලියාවේ කොතැනක ජීවත් වුවත්, ඔබට ගීත ගායනා කිරීමේ දක්ෂතාවක් තිබෙනවා නම් මේ අවස්ථාව මඟහැර ගන්න එපා!
🎤 Elephant House POP STUDIO – ඔස්ට්රේලියාවේ සැඟවුණු ගායන තරු සොයා!
👇 ඔබත් අදම ලියාපදිංචි වන්න!
🔗 ලියාපදිංචි වීමේ සබැඳිය:
https://docs.google.com/forms/d/e/1FAIpQLSdfXeapfvOB2urx_bhS6YvDVkQqT85ohpDbPVsCc8AMiDYoTw/viewform?usp=publish-editor
Elephant House POP STUDIO | පටිගත කිරීම් – AusLanka TV මැදිරි සංකීර්ණය, මෙල්බර්න්