Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ ජනතාවට අයත් වුවත් මෙතෙක් ලබාගෙන නොමැති ඩොලර් මිලියන 716කට අධික මුදලක් පිළිබඳව බලධාරීන් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

මෙම මුදල් NSW ප්‍රාන්තයේ Revenue NSW ආයතනය භාරයේ පවතින අතර, ඉන් ඩොලර් මිලියන 310ක් පමණ NSW පදිංචිකරුවන්ට අයත් වනවා. ඉතිරි ඩොලර් මිලියන 406ක මුදල වෙනත් ප්‍රාන්තවල ජීවත් වන පුද්ගලයන් වෙනුවෙන් පවතින බවයි වාර්තා වන්නේ.

ආපසු නොලැබුණු මුදල්, වැඩිපුර ගෙවූ ගාස්තු, මුදල් ලබා නොගත් චෙක්පත්, කොටස් ලාභාංශ සහ ගිණුම්වල ඉතිරි වූ මුදල් මේ අතරට ඇතුළත්.

Advertisement

එමෙන්ම, ඔක්තෝබර් 31ට පෙර තවත් ඩොලර් මිලියන 166ක පමණ මුදලක් NSW රජය වෙත භාරදීමට අපේක්ෂා කරන බව සඳහන්.

2025 ජූලි මාසයේ සිදුකළ නීති වෙනස්කම් අනුව, ව්‍යාපාරික ආයතන තමන් සතුව ඇති හිමිකම් නොපෑ මුදල් වසර හයක් වෙනුවට වසර දෙකක් ඇතුළත ප්‍රකාශ කළ යුතු වනවා. ඔක්තෝබර් 31 දින නියමය අදාළ වන්නේ එම ව්‍යාපාරික ආයතනවල වාර්තා ඉදිරිපත් කිරීම සඳහායි.

Banner 01

ඔබටත් මුදල් හිමිදැයි දැනගැනීමට NSW රජයේ Unclaimed Money Register වෙබ් අඩවියට පිවිස තම නම නොමිලේ සෙවිය හැකියි.

ඔබේ නමට අදාළ මුදලක් හමු වුවහොත්, අනන්‍යතාව තහවුරු කරන ලේඛන සහ අදාළ සාක්ෂි ඉදිරිපත් කර අන්තර්ජාලය ඔස්සේ හිමිකම් ඉල්ලීමක් කළ හැකි අතර, අවශ්‍ය ලේඛන ලැබුණු පසු බොහෝ ඉල්ලීම් දින 28ක් ඇතුළත සකස් කරන බව බලධාරීන් පවසනවා.

#UnclaimedMoney #RevenueNSW #AustralianNews #MoneyTips

Join on WhatsApp channel

උණුසුම් පුවත්

වික්ටෝරියා ප්‍රාන්තයේ ගබ්සා සේවා සඳහා කාන්තාවන්ට දැරීමට සිදුවන වියදම් ඉවත් කර එම සේවා නොමිලේ ලබාදීමට ප්‍රාන්ත ලේබර් රජය නව මැතිවරණ...

සෞදි අරාබියේ පවතින අවදානම් සහගත ආරක්ෂක තත්ත්වය හේතුවෙන් එරටට සිදු කිරීමට නියමිත සියලු සංචාර කල් දමන ලෙස ඔස්ට්‍රේලියානු රජය සිය...

මෙල්බන්හි Royal Children’s Hospital රෝහලේ ළමා සෞඛ්‍ය සේවා පුළුල් කිරීම සඳහා වික්ටෝරියා රජය අමතර ඩොලර් මිලියන 66ක මුදලක් වෙන් කර...

අඟහරු ග්‍රහයාගේ චන්ද්‍රයෙකු වන Phobos ගෙන් පාෂාණ හා දූවිලි සාම්පල රැගෙන නැවත පෘථිවියට පැමිණීමේ අරමුණින් ලොව පළමු මෙහෙයුමක් ජපානය විසින්...

ඔස්ට්‍රේලියාවට Smart Glasses ආනයනය වසරකට තහනම් කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කිරීමට Greens පක්ෂය පියවර ගෙන තිබෙනවා. කැමරා සහිත ස්මාර්ට් කණ්ණාඩි හරහා...

Pauline Hanson නායකත්වය දරන One Nation පක්ෂයට ලැබෙන මහජන සහයෝගය අඛණ්ඩව ඉහළ යාමත් සමඟ අගමැති Anthony Albaneseගේ Labor රජය ඉදිරියේ...

Sydney නගරයේ පිහිටි ජනප්‍රිය Centennial Park හි පොකුණකින් දැවැන්ත මාළුවෙකු අල්ලාගෙන රැගෙන යන කාන්තාවකගේ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යාමත්...

සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටි ශ්‍රී ලාංකික තරුණයෙකු වන අනෝජන් සිවරාසාට එරෙහි මරණ දඬුවමේ තීන්දුව එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින්...

වික්ටෝරියා ප්‍රාන්තයේ නිවාසවලට අනවසරයෙන් ඇතුළුවන පුද්ගලයන්ට එරෙහිව නිවාස හිමියන්ට වැඩි නීතිමය බලතල ලබාදීමේ යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. ලිබර්ටේරියන් පක්ෂයේ මන්ත්‍රී...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියාවේ ඔබට අමතක වූ මුදල් තියෙනවාද?

ඔස්ට්‍රේලියාවේදී $200,000 කට වඩා ගන්න පුළුවන් රැකියා මෙන්න

ඔස්ට්‍රේලියාවේ ඉහළ වැටුප් ලබන රැකියා අතරින් වැඩිම ඉල්ලුමක් වාර්තා වන තනතුරු පිළිබඳ නව තොරතුරු අනාවරණය වී තිබෙනවා. රැකියා වෙළෙඳපොළේ දත්ත අනුව, Electrical Project Engineer තනතුරු

Read More »

Aged Care ක්ෂේත්‍රයට වෙනම Visa එකක් ඉල්ලයි

ඔස්ට්‍රේලියාවේ වැඩිහිටි සත්කාර ක්ෂේත්‍රය විදේශීය සේවකයන් මත දැඩිව රඳා පවතින අතර, සංක්‍රමණ සංඛ්‍යාව අඩු කිරීමේ යෝජනා හේතුවෙන් දැනටමත් පවතින සේවක හිඟය තවත් උග්‍ර විය හැකි

Read More »

ඔස්ට්‍රේලියාවේ විදේශීය ප්‍රජාවන්ට විමසිලිමත් වන්නැයි දැනුම්දෙයි

ඔස්ට්‍රේලියාවේ දේශපාලන, සමාජීය සහ ප්‍රජා කටයුතුවලට රහසිගතව බලපෑම් කිරීමට විදේශීය රාජ්‍යයන් දරන උත්සාහ පිළිබඳව එරට ෆෙඩරල් නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් යළිත් අනතුරු අඟවා තිබෙනවා. Australian

Read More »

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකුවක් රැකියා 2,500ක් කපා හරී

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකුවක් වන නැෂනල් ඔස්ට්‍රේලියා බැංකුව (NAB) සිය සේවක සංඛ්‍යාවෙන් 6%කට ආසන්න ප්‍රමාණයක් අඩු කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව 2027 මැද භාගය වන

Read More »

Helen Haines සිද්ධියෙන් යළි මතු වූ දේශපාලනඥයන්ගේ ආරක්ෂාව පිළිබඳ ගැටලුව

ඔස්ට්‍රේලියාවේ දේශපාලනඥයන්ට එල්ල වන තර්ජන සහ හිරිහැර ඉහළ යාම පිළිබඳ අනතුරු ඇඟවීම්, Independent MP Helen Haines අනතුරට ලක්වීමත් සමඟ යළිත් දැඩි අවධානයට ලක්ව තිබෙනවා. Victoria

Read More »

අඟහරුගේ චන්ද්‍රයාගෙන් පස් ගේන්න ඓතිහාසික මෙහෙයුමක් – ඔස්ට්‍රේලියාවත් එක්වෙයි

අඟහරු ග්‍රහයාගේ චන්ද්‍රයෙකු වන Phobos ගෙන් පාෂාණ හා දූවිලි සාම්පල රැගෙන නැවත පෘථිවියට පැමිණීමේ අරමුණින් ලොව පළමු මෙහෙයුමක් ජපානය විසින් දියත් කර තිබෙනවා.   Martian

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom