Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

Sydney නගරයේ පිහිටි ජනප්‍රිය Centennial Park හි පොකුණකින් දැවැන්ත මාළුවෙකු අල්ලාගෙන රැගෙන යන කාන්තාවකගේ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යාමත් සමඟ ඒ පිළිබඳව මේ වන විට දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා.

මෙම වීඩියෝවේ දැක්වෙන්නේ කාන්තාවක් තම උරහිස මත විශාල Carp මාළුවෙකු රැගෙන යන ආකාරයයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ඇතැම් සමාජ මාධ්‍ය පරිශීලකයන් කාන්තාව විවේචනය කර ඇති අතර, තවත් පිරිසක් පෙන්වා දෙන්නේ දේශීය ජල පද්ධතිවලට හානි කරන ආක්‍රමණශීලී මත්ස්‍ය විශේෂයක් ඉවත් කිරීමට ඇය කටයුතු කර ඇති බවයි.

Advertisement

කෙසේ වෙතත්, මෙම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් Greater Sydney Parklands ආයතනය සඳහන් කර ඇත්තේ Centennial Parklands තුළ මසුන් ඇල්ලීම තහනම් බවයි.

ජලයේ ගුණාත්මකභාවය, වනජීවීන්ගේ ආරක්ෂාව සහ උද්‍යානයට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙම තහනම ක්‍රියාත්මක වන බව එම ආයතනය පෙන්වා දී තිබෙනවා.

Banner 01

එමෙන්ම, Centennial Park හි පොකුණුවල සිටින Carp මත්ස්‍යයන් නැගෙනහිර ඔස්ට්‍රේලියාවේ බොහෝ මිරිදිය පද්ධතිවල දක්නට ලැබෙන ආක්‍රමණශීලී විශේෂයක් බව ද බලධාරීන් සඳහන් කරනවා.

මෙම මත්ස්‍යයන් ජලයේ ගුණාත්මකභාවය පහත හෙළීමටත්, දේශීය මත්ස්‍ය විශේෂවල වර්ධනයට බාධා කිරීමටත් හේතු විය හැකි බව Greater Sydney Parklands වෙබ් අඩවියේ සඳහන්.

මෙම ගැටලුව පාලනය කිරීම සඳහා මසුන් ඇල්ලීම, දැල් භාවිතය සහ විශේෂිත විද්‍යුත් ක්‍රම ඇතුළු විවිධ පාලන ක්‍රම අත්හදා බලා තිබෙනවා.

එම ක්‍රියාමාර්ග යටතේ Carp මත්ස්‍යයන් ටොන් ගණනක් ඉවත් කර තිබුණත්, එම මත්ස්‍ය ගහනය සම්පූර්ණයෙන්ම තුරන් කිරීමට මෙතෙක් හැකි වී නැහැ.

මේ අතර, New South Wales හි Department of Primary Industries and Regional Development ආයතනය ද පෙන්වා දෙන්නේ Carp මත්ස්‍යයන්ගේ ප්‍රජනන හැකියාව හේතුවෙන් සම්පූර්ණයෙන්ම තුරන් කිරීම අපහසු බවත්ය.

කෙසේ වෙතත්, Centennial Park තුළ මසුන් ඇල්ලීම තහනම් බැවින්, මෙම කාන්තාවගේ ක්‍රියාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ මතුව ඇති විවාදය තවදුරටත් සමාජයේ අවධානයට ලක්ව තිබෙනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ Centrelink ශිෂ්‍ය දීමනා ලබන සිසුන්ට තම පාඨමාලා අවසන් වන දිනය පිළිබඳ තොරතුරු යාවත්කාලීන කරන ලෙස දැනුම් දී තිබෙනවා. පාඨමාලාව...

Victoria ප්‍රාන්තයේ රජයේ පාසල්වල අධ්‍යාපනය සඳහා දෙමාපියන්ගෙන් ලබාගන්නා දායක මුදල් අනිවාර්ය නොවන බව පැහැදිලි කරන ලෙස පාසල් බලධාරීන්ට උපදෙස් ලබාදී...

තම දරුවන් සිව්දෙනාගේ මවක ලෙස පවුලේ වගකීම් ඉටු කරන අතරම, නිවාස අහිමිව අසරණ තත්ත්වයට පත්ව සිටින ජනතාවට සහන සැලසීම වෙනුවෙන්...

  වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් ප්‍රදේශය ආශ්‍රිතව සෙනසුරාදා පස්වරුවේ රික්ටර් මාපකයේ 3.0ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පා පසු කම්පනයක් වාර්තා වී තිබෙනවා. මෙය...

ඔස්ට්‍රේලියාවේ Centrelink ආයතනය මගින් ක්‍රියාත්මක කරන Assistance for Isolated Children (AIC) දීමනාව ලබාගන්නා දෙමාපියන් සහ භාරකරුවන් සඳහා වාර්ෂික තොරතුරු සමාලෝචන...

ඔස්ට්‍රේලියානුවන් තම ඇඳුම් අල්මාරිවල ගොඩගසාගෙන සිටින නමුත් කිසිදා භාවිත නොකරන ඇඳුම්වල ඇස්තමේන්තුගත වටිනාකම ඔස්ට්‍රේලියානු ඩොලර් බිලියන 15ක් පමණ වන බව...

සිඩ්නි නගරයේ Dulwich Hill ප්‍රදේශයෙන් වෙඩි හඬ ඇසුණු බවට ලැබුණු තොරතුරු හේතුවෙන් අද විශේෂ පොලිස් මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. දහවල්...

වයස අවුරුදු 65ට වැඩි ඔස්ට්‍රේලියානුවන්ගේ පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණ සඳහා රජය ලබාදෙන සහනාධාරය අඩු කිරීමට ඉදිරිපත් කළ පනත් කෙටුම්පතක් සෙනෙට් සභාවේදී...

උසස් අධ්‍යාපනය සඳහා ඔස්ට්‍රේලියාවට පැමිණ මාස දෙකක් පමණ ගතවූ 22 හැවිරිදි බංග්ලාදේශ ජාතික සිසුවියක් බටහිර ඔස්ට්‍රේලියාවේ සිදුවූ මාරක රිය අනතුරකින්...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

Sydneyහි Park එකකින් දැවැන්ත මාළුවෙකු රැගෙන ගිය කාන්තාව

ඔස්ට්‍රේලියාව ඉලක්ක කර එල්ල කළ සයිබර් ප්‍රහාරයක් ගැන අනාවරණයක්

ඔස්ට්‍රේලියාවේ සංවේදී න්‍යෂ්ටික පර්යේෂණ ආයතනයක් ඇතුළු රජයේ ආයතන සහ අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සම්බන්ධ ආයතන කිහිපයක් ඉලක්ක කර ගනිමින් සිදු කළ බව කියන සංකීර්ණ සයිබර් ඔත්තු

Read More »

Australia – EU වෙළඳ ගිවිසුම පිළිබඳව දේශපාලන මතභේදයක්

ඔස්ට්‍රේලියාව සහ European Union අතර යෝජිත නිදහස් වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ විපක්ෂ Coalition පක්ෂ සන්ධානය තුළ මතභේදයක් හටගෙන තිබෙනවා. ඒ, Liberal Party විසින් ගිවිසුමට විරුද්ධ

Read More »

Sydneyහි Park එකකින් දැවැන්ත මාළුවෙකු රැගෙන ගිය කාන්තාව

Sydney නගරයේ පිහිටි ජනප්‍රිය Centennial Park හි පොකුණකින් දැවැන්ත මාළුවෙකු අල්ලාගෙන රැගෙන යන කාන්තාවකගේ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යාමත් සමඟ ඒ පිළිබඳව මේ වන

Read More »

ඔස්ට්‍රේලියානු මුහුදු තීරය ආරක්ෂා කරන Ghost Shark

ඔස්ට්‍රේලියාවේ නාවික ආරක්ෂක හැකියාවන් තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, නවීන Ghost Shark ස්වයංක්‍රීය සබ්මැරීන සඳහා පුපුරණ ද්‍රව්‍ය රැගත් ගුවන් ඩ්‍රෝන සහ නවීන මුහුදු බෝම්බ භාවිත කිරීමේ

Read More »

Melbourneහි ප්‍රධානතම ගංගාවක් පිරිසිඳු කිරීමට දැවැන්ත ව්‍යාපෘතියක්

ඔස්ට්‍රේලියාවේ Melbourne නගරයේ ප්‍රධාන ජල මාර්ගයක් වන Yarra River ගඟ 2050 වන විට ජනතාවට ආරක්ෂිතව පිහිනීමට හැකි මට්ටමට පිරිසිදු කිරීමේ නව වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා.

Read More »

Helen මන්ත්‍රීවරියට එල්ල වූ ප්‍රහාරය විපක්ෂ නායක සහ Victoria අගමැති හෙළා දකී

ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මන්ත්‍රීනී Helen Haines ඉලක්ක කරගනිමින් සිදුවූ බවට වාර්තා වන ප්‍රහාරය සම්බන්ධයෙන් විපක්ෂ නායක Angus Taylor සිය දැඩි කනගාටුව සහ කම්පනය පළ කර තිබෙනවා.

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom