ඔස්ට්රේලියාවේ Victoria ප්රාන්තය තුළ නීතිවිරෝධී ලෙස කසළ බැහැර කිරීම සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි සංඛ්යාව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා.
පසුගිය වසර තුළ පමණක් මෙවැනි පැමිණිලි 147,044ක් වාර්තා වී ඇති අතර, එය ඔස්ට්රේලියාවේ වෙනත් කිසිදු ප්රාන්තයකට වඩා ඉහළ අගයක්.
Melbourne හි St Albans, Richmond සහ Sunshine West ඇතුළු ප්රදේශ කිහිපයක් මෙම ගැටලුව බහුලව වාර්තා වන ස්ථාන ලෙස හඳුනාගෙන තිබෙනවා.
අතහැර දැමූ සෝෆා, මෙට්ට, ඉදිකිරීම් අපද්රව්ය මෙන්ම සෞඛ්යයට හානි කළ හැකි ඇතැම් ද්රව්ය ද අනවසරයෙන් බැහැර කරන කසළ අතරට ඇතුළත්.
මෙලෙස කසළ බැහැර කිරීමෙන් පරිසරයට හානි සිදුවනවාට අමතරව, ඒවා ඉවත් කිරීමේ වියදම ද පළාත් පාලන ආයතනවලට දැරීමට සිදුවනවා.
කසළ බැහැර කිරීමේ ගාස්තු ඉහළ යාම සහ නිසි ලෙස කසළ ඉවත් කරගැනීමට ඇති අපහසුතා මෙම තත්ත්වයට බලපාන හේතු ලෙස ද පෙන්වා දී තිබෙනවා.
මේ අතර, නීතිවිරෝධී කසළ බැහැර කරන පුද්ගලයන් හඳුනාගෙන නීතිමය පියවර ගැනීම සඳහා Victoria බලධාරීන් නිරීක්ෂණ ක්රියාමාර්ග සහ නව තාක්ෂණික ක්රමවේද තවදුරටත් පුළුල් කිරීමට අවධානය යොමු කර තිබෙනවා.