

වැඩි වන ඉන්ධන මිල සමග EV සඳහා ඔස්ට්රේලියාව තුළ දැඩි ඉල්ලුමක්
ඔස්ට්රේලියාවේ ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ පාවිච්චි කළ විදුලි මෝටර් රථ සඳහා ඇති ඉල්ලුම වේගයෙන් ඉහළ යමින් පවතින බව වාර්තා වනවා. 2026 ඔක්තෝබර් 17 වැනිදා

ඔස්ට්රේලියාවේ ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ පාවිච්චි කළ විදුලි මෝටර් රථ සඳහා ඇති ඉල්ලුම වේගයෙන් ඉහළ යමින් පවතින බව වාර්තා වනවා.
2026 ඔක්තෝබර් 17 වැනිදා පළ වූ මාධ්ය වාර්තාවකට අනුව, පාවිච්චි කළ විදුලි මෝටර් රථවල වටිනාකම ගැනුම්කරුවන් අපේක්ෂා කළ මට්ටමට වඩා හොඳින් පවත්වා ගැනීමට සමත්ව තිබෙන බවයි පැවසෙන්නේ.
මෙම ප්රවණතාව පැහැදිලිව පෙන්නුම් කළ අවස්ථාවක් ලෙස, කොන්ක්රීට් ඉසීමේ සිදුවීමකින් හානි වූ, අලුත්වැඩියා කළ හැකි BYD විදුලි මෝටර් රථ 40ක් සම්බන්ධ වෙන්දේසියක් හඳුන්වා දිය හැකි අතර ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ එම වෙන්දේසිය කෙරෙහි දහස් ගණනක පිරිසකගේ අවධානය යොමු වූ බව සඳහන් වනවා.

වෙන්දේසි සමාගමක් වන Pickles පවසන පරිදි, අලුත්වැඩියා කළ නොහැකි බවට තීරණය කළ විදුලි මෝටර් රථවලින් කොටස් සහ නැවත භාවිත කළ හැකි බැටරි ලබා ගැනීම සඳහා ලැබුණු මිල ගණන්, සමාන පෙට්රල් වාහනවලට සාපේක්ෂව 16%කින් ඉහළ ගොස් තිබෙනවා.
අලුත්වැඩියා කළ හැකි විදුලි මෝටර් රථ සඳහා එම මිල වෙනස 71%ක් දක්වා ඉහළ ගොස් ඇති බව ද වාර්තා වනවා.
Pickles සමාගමේ පරීක්ෂණවලට අනුව, වසර 5ක් පමණ පැරණි විදුලි මෝටර් රථ බැටරිවල ආරෝපණ ධාරිතාව සාමාන්යයෙන් 93%ක් පමණ මට්ටමක පවතින බව සඳහන්.
අඩු ධාවන වියදම්, මිලෙන් අඩු විදුලි මෝටර් රථ මාදිලි වෙළෙඳපොළට පැමිණීම සහ ඉන්ධන මිල පිළිබඳ පවතින අවිනිශ්චිතතාව හේතුවෙන් වැඩි පිරිසක් පාවිච්චි කළ විදුලි මෝටර් රථ වෙත යොමු වෙමින් සිටින බව විශේෂඥයෝ පෙන්වා දෙනවා.
කෙසේ වෙතත්, ඔස්ට්රේලියාවේ ආරෝපණ මධ්යස්ථාන ප්රමාණවත් නොවීම සහ භාවිතයෙන් ඉවත් කරන බැටරි ප්රතිචක්රීකරණය කිරීම සඳහා වඩාත් ශක්තිමත් පද්ධති අවශ්ය වීම තවදුරටත් පවතින අභියෝග ලෙස හඳුනාගෙන තිබෙන බවයි වාර්තා වෙන්නේ.
මෙම තත්ත්වය පෙන්නුම් කරන්නේ ජීවන වියදම ඉහළ යාම ඔස්ට්රේලියානු ජනතාවගේ වාහන තෝරාගැනීම් කෙරෙහි ද සැලකිය යුතු බලපෑමක් සිදු කරන බවයි.
පරිසර හිතකාමී බවට අමතරව, ඉන්ධන වියදම් අඩු කර ගැනීමේ අවශ්යතාව ද හේතුවෙන් විදුලි මෝටර් රථ දැන් බොහෝ දෙනෙකුට ප්රායෝගික විකල්පයක් බවට පත්වෙමින් ඇති බවයි පැවසෙන්නේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අසනීපයෙන් රෝහල්ගත කර ඇති බවට පැතිර යන ආරංචි සම්පූර්ණයෙන්ම අසත්ය බව ඔහුගේ මාධ්ය ප්රකාශක නීතිඥ මනෝඡ්...
ඔස්ට්රේලියාවේ ස්ථිර පදිංචි වීසා හිමි පුද්ගලයන් විදේශගත වීමට පෙර තම වීසා බලපත්රයේ ගමන් කිරීමේ අවසරය පිළිබඳව අවධානය යොමු කරන ලෙස...
උසස් අධ්යාපනය සඳහා ඔස්ට්රේලියාවට පැමිණ මාස දෙකක් පමණ ගතවූ 22 හැවිරිදි බංග්ලාදේශ ජාතික සිසුවියක් බටහිර ඔස්ට්රේලියාවේ සිදුවූ මාරක රිය අනතුරකින්...
2026 වසරේ නොබෙල් සාම ත්යාගය දකුණු අප්රිකානු ජාතිකයෙකු වන Navi Pillay විසින් දිනාගෙන තිබෙනවා. ඉන්දියානු සම්භවයක් සහිත දකුණු අප්රිකාවේ ඉපදුනු...
ඔස්ට්රේලියාවේ Centrelink ශිෂ්ය දීමනා ලබන සිසුන්ට තම පාඨමාලා අවසන් වන දිනය පිළිබඳ තොරතුරු යාවත්කාලීන කරන ලෙස දැනුම් දී තිබෙනවා. පාඨමාලාව...
නියමිත කාලයට පෙර උපත ලබන නොමේරූ ළදරුවන්ගේ හුස්ම ගැනීමේ අපහසුතා අවම කිරීම සඳහා කැෆේන් (Caffeine) භාවිත කරන වඩාත් ආරක්ෂිත සහ...
ඔස්ට්රේලියාවේ ජීවත් වන සංක්රමණික සහ සරණාගත කාන්තාවන් 350,000කට ආසන්න පිරිසක් තමන් සතු අධ්යාපනික සුදුසුකම් සහ වෘත්තීය කුසලතාවලට වඩා පහළ මට්ටමේ...
ඕස්ට්රේලියාවේ Victoria ප්රාන්තය හරහා ස්ථිර පදිංචිය (Permanent Residency – PR) ලබාගැනීමට බලාපොරොත්තු වන පුහුණු ශ්රමිකයන් සඳහා 2026–27 Skilled Migration වැඩසටහනේ...
සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටි ශ්රී ලාංකික තරුණයෙකු වන අනෝජන් සිවරාසාට එරෙහි මරණ දඬුවමේ තීන්දුව එරට ශ්රේෂ්ඨාධිකරණය විසින්...

ඔස්ට්රේලියාවේ ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ පාවිච්චි කළ විදුලි මෝටර් රථ සඳහා ඇති ඉල්ලුම වේගයෙන් ඉහළ යමින් පවතින බව වාර්තා වනවා. 2026 ඔක්තෝබර් 17 වැනිදා

තම දරුවන් සිව්දෙනාගේ මවක ලෙස පවුලේ වගකීම් ඉටු කරන අතරම, නිවාස අහිමිව අසරණ තත්ත්වයට පත්ව සිටින ජනතාවට සහන සැලසීම වෙනුවෙන් සතියකට රාත්රී හතරක් සහ තමන්ට

දේශගුණික විපර්යාස හේතුවෙන් ඉහළ යන උෂ්ණත්වය හමුවේ කඩල අස්වැන්න ආරක්ෂා කරගැනීම සඳහා නව කඩල ප්රභේද සංවර්ධනය කිරීම වේගවත් කිරීමට ඔස්ට්රේලියානු විද්යාඥයන් පර්යේෂණයක් සිදුකර තිබෙනවා. University

ඔස්ට්රේලියාවේ රැකියා වෙළෙඳපොළ දුර්වල වීම, විදේශීය පුහුණු ශ්රමිකයන් මෙරටට ආකර්ෂණය කරගැනීමට අභියෝගයක් විය හැකි බවට අවධානය යොමුව තිබෙනවා. විරැකියා අනුපාතය 4.7%ක් දක්වා ඉහළ යාමත් සමඟ,

ඔස්ට්රේලියාවේ ගම්බද ප්රදේශවල ජීවත් වන කාන්තාවන්ගේ තනිකම අඩු කරමින් අලුත් මිතුරු සබඳතා ගොඩනගා ගැනීමට උපකාරී වන වැඩසටහනක් රට පුරා ව්යාප්ත වී තිබෙනවා. Jackie Elliott විසින්

ඔස්ට්රේලියාවේ මෙල්බන් නගරය සහ ඒ අවට ප්රදේශ රැසක නිවාස මිල ඉදිරි වසර පහ තුළ සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බව නව දත්ත විශ්ලේෂණයකින් අනාවරණය