වයස අවුරුදු 65ට වැඩි ඔස්ට්රේලියානුවන්ගේ පෞද්ගලික සෞඛ්ය රක්ෂණ සඳහා රජය ලබාදෙන සහනාධාරය අඩු කිරීමට ඉදිරිපත් කළ පනත් කෙටුම්පතක් සෙනෙට් සභාවේදී ඉවත් කිරීමට විපක්ෂ සන්ධානය සහ ග්රීන්ස් පක්ෂය එක්ව පියවර ගෙන තිබෙනවා.
මෙම තීරණය හේතුවෙන් වැඩිහිටි ඔස්ට්රේලියානුවන් මිලියන 3කට අධික පිරිසකට වාර්ෂිකව ඩොලර් 410ක් දක්වා අමතර සෞඛ්ය රක්ෂණ වියදමක් දැරීමට සිදුවීමේ අවදානම තාවකාලිකව වැළකී තිබෙනවා.
ලබන අප්රේල් මාසයේ සිට ක්රියාත්මක කිරීමට යෝජනා කර තිබූ මෙම සහනාධාර කප්පාදුව යටතේ වයස අවුරුදු 65ත් 69ත් අතර පුද්ගලයන්ට වාර්ෂිකව ඩොලර් 205ක පමණ අමතර මුදලක් ද, වයස අවුරුදු 70ට වැඩි පුද්ගලයන්ට ඩොලර් 410ක් දක්වා අමතර මුදලක් ද ගෙවීමට සිදුවිය හැකි බව Canstar ආයතනයේ විශ්ලේෂණයකින් අනාවරණය වී තිබුණා.
මෙම යෝජනාව ක්රියාත්මක කළේ නම් ඉදිරි වසර 4 තුළ ෆෙඩරල් රජයට ඩොලර් බිලියන තුනක පමණ මුදලක් ඉතිරි කරගැනීමට හැකිවනු ඇති බව සඳහන්.
කෙසේ වෙතත්, ජීවන වියදම් ඉහළ ගොස් ඇති පසුබිමක වැඩිහිටි ජනතාවට තවත් මූල්ය බරක් පැටවීම අසාධාරණ බව පවසමින් විපක්ෂ සන්ධානය, ග්රීන්ස් පක්ෂය සහ ස්වාධීන සෙනෙට් සභික Jacqui Lambie මෙම යෝජනාවට විරෝධය පළ කර තිබෙනවා.
මේ අතර, සෞඛ්ය අමාත්ය Mark Butler මෙම තීරණය දැඩි ලෙස විවේචනය කරමින් එය දේශපාලන අරමුණු මත ගත් තීරණයක් බව ප්රකාශ කර ඇති අතර, පනත් කෙටුම්පත නැවත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය සැලසුම් කර ඇති බවයි සඳහන් කර ඇත්තේ.
ඒ අනුව, සෞඛ්ය රක්ෂණ සහනාධාර කප්පාදුව සම්පූර්ණයෙන් අවලංගු වී නොමැති අතර, එහි අවසන් තීරණය ඉදිරි පාර්ලිමේන්තු ක්රියාමාර්ග මත රඳා පවතිනවා.