Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

පිළිකා සෛල වර්ධනය පාලනය කිරීමට සහ රසායනික ප්‍රතිකාර හේතුවෙන් නිරෝගී රුධිර සෛලවලට සිදුවන හානිය අඩු කිරීමට උපකාරී විය හැකි නව ඖෂධයක් Adelaide University පර්යේෂකයන් විසින් නිපදවා තිබෙනවා.

AU2-94 ලෙස නම් කර ඇති මෙම ඖෂධය මඟින් පිළිකා සෛල බෙදීම පාලනය කිරීමට දායක වන CDK4 නම් එන්සයිමය ඉලක්ක කර ගන්නවා.

එමෙන්ම, රසායනික ප්‍රතිකාර අතරතුර රුධිර සෛල නිපදවන ඇටමිදුළුවලට සිදුවන හානිය අවම කිරීමටත් මෙම ඖෂධයට හැකියාවක් තිබිය හැකි බව පර්යේෂණවලින් පෙන්වා දී තිබෙනවා.

Advertisement

ඇටමිදුළුවලට සිදුවන හානි නිසා රුධිර සෛල අඩුවීම, රක්තහීනතාව සහ ආසාදන ඇතිවීම වැනි ගැටලු මතුවිය හැකියි.

මෙම නව සොයාගැනීම විශේෂයෙන්ම ප්‍රතිකාරවලට ප්‍රතිරෝධයක් දක්වන පිළිකා සඳහා අනාගතයේදී නව ප්‍රතිකාර අවස්ථා උදා කිරීමට ඉඩ සලසන බව පර්යේෂකයන්ගේ බලාපොරොත්තුවයි.

Banner 01

කෙසේ වෙතත්, මේ වනවිට ලැබී ඇති ප්‍රතිඵල මූලික පර්යේෂණ මත පදනම් වන අතර, මිනිසුන් තුළ ඖෂධයේ ආරක්ෂාව සහ සාර්ථකත්වය තහවුරු කර නැහැ.

මිනිස් සායනික පරීක්ෂණ ආරම්භ කිරීමට අවශ්‍ය අරමුදල් සපයා ගැනීම මෙහි ඉදිරි පියවරක් වන අතර, ඒවායේ ප්‍රතිඵල අනුව මෙම ඖෂධයේ සැබෑ ප්‍රයෝජනය තීරණය වනු ඇති.

#CancerResearch #MedicalResearch #AdelaideUniversity #CancerTreatment

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තය පුරා ඉදිරි ලැව්ගිනි සමයට මුහුණ දීම සඳහා වැඩසටහන් 700කට වැඩි සංඛ්‍යාවක් පැවැත්වීමට Country Fire Authority හෙවත් CFA...

ඔස්ට්‍රේලියාවේ විපක්ෂ සන්ධානය යෝජනා කර ඇති නව සංක්‍රමණ ප්‍රතිපත්තිය යටතේ වුවද ජාත්‍යන්තර සිසුන්ට වැඩිහිටි සත්කාර සේවයේ රැකියා කිරීමට අවස්ථාව පවතින...

ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවට පැමිණි ගුවන් මගියෙකු රැගෙන ආ අලි වසුරුවලින් නිපදවූ Fridge Magnets කිහිපයක් ඔස්ට්‍රේලියාවට රැගෙන යාමට අවසර ලබාදී...

Breast cancer ප්‍රතිකාර අවසන් කළ රෝගීන්ගේ පසු රැකවරණය වඩාත් පහසු සහ පුද්ගලික කිරීමට මෙල්බන්හි Royal Melbourne Hospital පර්යේෂකයන් නව digital...

ලොව පුරා කතෝලික ජනතාවගේ ආගමික නායකයා වන 14 වන ලියෝ පාප් වහන්සේට පෙනහළු පිළිකාවක් වැළඳී ඇති බව වතිකානුව නිල වශයෙන්...

වික්ටෝරියාහි වායු දූෂණය අවම කිරීම සඳහා නිවාසවල භාවිත කරන දැව උදුන් ක්‍රමයෙන් ඉවත් කිරීමට රජය පියවර ගත යුතු බව පිරිසිදු...

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අසනීපයෙන් රෝහල්ගත කර ඇති බවට පැතිර යන ආරංචි සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝඡ්...

One Nation පක්ෂයේ රැලියකදී එලි දක්වන ලද AI තාක්ෂනය මගින් සෑදු වීඩියෝ පටයක් සම්බන්ධව One Nation පක්ෂයේ වික්ටෝරියා ප්‍රාන්තයේ නියෝජ්‍ය...

අද රාත්‍රියේ ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසක අහස වර්ණවත් කරමින් දුර්ලභ Aurora Australis සංදර්ශනයක් දැකගැනීමේ අවස්ථාව පවතින බව කාලගුණ විද්‍යා කාර්යාංශය පවසනවා....

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

පිළිකා ප්‍රතිකාරයේ අතුරු ආබාධ අඩු කළ හැකි නව ඖෂධයක් ඔස්ට්‍රේලියාවෙන්

පාඨමාලා අවසන් කරන සිසුන්ට Centrelink වෙතින් දැනුම්දීමක්

ඔස්ට්‍රේලියාවේ Centrelink ශිෂ්‍ය දීමනා ලබන සිසුන්ට තම පාඨමාලා අවසන් වන දිනය පිළිබඳ තොරතුරු යාවත්කාලීන කරන ලෙස දැනුම් දී තිබෙනවා. පාඨමාලාව අවසන් වන දිනය වෙනස් වී

Read More »

පිළිකා ප්‍රතිකාරයේ අතුරු ආබාධ අඩු කළ හැකි නව ඖෂධයක් ඔස්ට්‍රේලියාවෙන්

පිළිකා සෛල වර්ධනය පාලනය කිරීමට සහ රසායනික ප්‍රතිකාර හේතුවෙන් නිරෝගී රුධිර සෛලවලට සිදුවන හානිය අඩු කිරීමට උපකාරී විය හැකි නව ඖෂධයක් Adelaide University පර්යේෂකයන් විසින්

Read More »

ඔස්ට්‍රේලියා ශිෂ්‍ය වීසා නීතිවලින් නිදහස් කාටද?

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා නීතිවල සිදු කළ නව වෙනස්කම් අතරතුර, ඇතැම් සිසුන්ට විශේෂ නිදහස් කිරීම් හිමිවන බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. 2026 ඔක්තෝබර් 2 සිට

Read More »

විදේශීය දේපළ හිමියන්ට සහන දීමට වික්ටෝරියා රජය සැරසෙයිද?

Victoria ප්‍රාන්තයේ විදේශීය දේපළ හිමියන්ගෙන් අය කරන බදු පිළිබඳව නැවත සලකා බැලීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා. අද ප්‍රකාශයට පත් කළ මෙම තීරණය යටතේ, විදේශීය

Read More »

ඔස්ට්‍රේලියාවේ වැඩිහිටියන්ගේ පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණය ගැන තීරණාත්මක පියවරක්

ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 65ට වැඩි පුද්ගලයන්ගේ පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණ සහනාධාරය අඩු කිරීමට ෆෙඩරල් රජය ඉදිරිපත් කළ යෝජනාව සෙනෙට් සභාවේදී පසුබැස තිබෙනවා. මෙම යෝජනාවට අදාළ පනත්

Read More »

Highway හදිසි අනතුරකින් ජාත්‍යන්තර සිසුවෙක් ජීවිතක්ෂයට

උසස් අධ්‍යාපනය සඳහා ඔස්ට්‍රේලියාවට පැමිණ මාස දෙකක් පමණ ගතවූ 22 හැවිරිදි බංග්ලාදේශ ජාතික සිසුවියක් බටහිර ඔස්ට්‍රේලියාවේ සිදුවූ මාරක රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. Tasnim Oishi

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom