Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සුපිරි වෙළෙඳසැල් ජාලයන්ට අභියෝග කරමින් මෙල්බන්හි ප්‍රකෝටිපති ව්‍යාපාරික Adrian Portelli සිය පළමු LMCT+ සුපිරි වෙළෙඳසැල විවෘත කර තිබෙනවා.

මෙල්බන්හි Deer Park ප්‍රදේශයේ පිහිටි මෙම සුපිරි වෙළෙඳසැල විවෘත කළ අවස්ථාවේ විශාල පාරිභෝගික පිරිසක් පැමිණ සිටි අතර, භාණ්ඩ රැගෙන යන ට්‍රොලි පවා ප්‍රමාණවත් නොවූ බව වාර්තා වනවා.

මෙහිදී ලූනු කිලෝවක් ඩොලර් 1.50කට සහ කොත්තමල්ලි මිටියක් ඩොලර් 1කට වැනි අඩු මිල ගණන් යටතේ අලෙවි කර ඇති අතර, තක්කාලි ඇතුළු ඇතැම් එළවළු වර්ග අනෙකුත් සුපිරි වෙළෙඳසැල්වල මිලට වඩා අඩකටත් අඩුවෙන් අලෙවි කර තිබෙනවා.

Advertisement

කෙසේ වෙතත්, සියලුම භාණ්ඩ අනෙකුත් වෙළෙඳසැල්වලට වඩා ලාභදායී නොවන අතර, ඇතැම් මස් වර්ගවල මිල ඉහළ මට්ටමක පවතින බව ද අනාවරණය වී තිබෙනවා.

මෙම විශේෂ මිල සහන ලබාගැනීම සඳහා පාරිභෝගිකයන් වසරකට ඩොලර් 99ක පමණ සාමාජික ගාස්තුවක් ගෙවිය යුතු අතර, එම සාමාජිකත්වය හරහා LMCT+ ඉන්ධන පිරවුම්හල්වලින් ද සහන මිලට ඉන්ධන ලබාගැනීමට අවස්ථාව හිමිවනවා.

Banner 01

Adrian Portelli පවසන්නේ තමන්ගේ ඉන්ධන පිරවුම්හල් බොහොමයක් දැනට ලාභ නොලබන බවත්, නව සුපිරි වෙළෙඳසැල් ව්‍යාපාරයෙන්ද ආරම්භයේදී ලාභයක් අපේක්ෂා නොකරන බවයි.

ඔහුගේ ප්‍රධාන අරමුණ වැඩි පිරිසක් LMCT+ සාමාජිකත්වයට එක්කර ගැනීම වන අතර, ඉදිරියේදී ඔස්ට්‍රේලියාවේ සියලුම ප්‍රාන්තවල ඉන්ධන පිරවුම්හල් සහ සුපිරි වෙළෙඳසැල් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචි වීසා හිමි පුද්ගලයන් විදේශගත වීමට පෙර තම වීසා බලපත්‍රයේ ගමන් කිරීමේ අවසරය පිළිබඳව අවධානය යොමු කරන ලෙස...

ඕස්ට්‍රේලියානු සුපිරි පිතිකරු ස්ටීව් ස්මිත්, දකුණු අප්‍රිකාවට එරෙහි පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනයේදී හිස් ආවරණයට පන්දුවක් වැදීම හේතුවෙන් කම්පන තත්ත්වයක්...

  ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය බලාපොරොත්තුවෙන් සිටින පුහුණු ශ්‍රමිකයන්ට වැදගත් නිවේදනයක් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, Skilled...

ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍ය, ආබාධිත සහ ප්‍රජා සේවා ක්ෂේත්‍රවල සේවකයන්ගේ වැටුප් වැඩිවීම් සඳහා ෆෙඩරල් රජය ඩොලර් මිලියන 630ක අරමුදලක් වෙන් කර තිබෙනවා....

Victoria ප්‍රාන්තයේ නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත මැතිවරණය ඉලක්ක කරගනිමින් ග්‍රාමීය ප්‍රදේශවල ඡන්දදායකයන්ගේ සහය දිනාගැනීමට දේශපාලන පක්ෂ අතර තරගය තීව්‍ර වෙමින්...

Perth සහ Mandurah ප්‍රදේශවල පෙට්‍රල් මිල අද, ඔක්තෝබර් 7 සිට ඉහළ ගොස් ඇති අතර, Perth හි සාමාන්‍ය Unleaded Petrol මිල...

Services Australia නව දැනුම්දීමකට අනුව Centrepay භාවිත කළ හැකි භාණ්ඩ සහ සේවා කිහිපයක් 2026 නොවැම්බර් 1 සිට වෙනස් වෙනවා. ඒ...

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණිකයන් සංඛ්‍යාව විශාල ලෙස අඩු කිරීමේ යෝජනාවට ව්‍යාපාරික ක්ෂේත්‍රයෙන් එල්ලවන විරෝධතාවලට විපක්ෂ නායක Angus Taylor දැඩි ප්‍රතිචාරයක් දක්වා තිබෙනවා....

ඇමරිකාවේදී පුද්ගලයෙකුට වෙඩි තබා මරණ දඬුවම ක්‍රියාත්මක කරන ආකාරය අන්තර්ජාලය ඔස්සේ සජීවීව විකාශය කිරීමට සැලසුම් කර ඇති අතර, එම දර්ශන...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියාවේ Supermarketsවලට අභියෝග කරන මෙල්බන් කෝටිපතියා

ඔස්ට්‍රේලියාවේ Supermarketsවලට අභියෝග කරන මෙල්බන් කෝටිපතියා

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සුපිරි වෙළෙඳසැල් ජාලයන්ට අභියෝග කරමින් මෙල්බන්හි ප්‍රකෝටිපති ව්‍යාපාරික Adrian Portelli සිය පළමු LMCT+ සුපිරි වෙළෙඳසැල විවෘත කර තිබෙනවා. මෙල්බන්හි Deer Park ප්‍රදේශයේ පිහිටි

Read More »

Jacket එකේ Zip එක වසාගන්නැයි මගියෙකුට කී සිද්ධියකට ගුවන් සමාගමක් සමාව ඉල්ලයි

Virgin Australia ගුවන් යානයකට ගොඩවීමට සූදානම් වූ කාන්තාවකට තම පියයුරු ප්‍රදේශය ආවරණය වන පරිදි ජැකට්ටුවේ zip එක වසාගන්නා ලෙස ගුවන් සේවිකාවක් දැනුම්දීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ආන්දෝලනයක් මතුව

Read More »

ඔස්ට්‍රේලියාවට ඉතිහාසයේ දරුණුතම El Nino තත්ත්වයක්?

ඔස්ට්‍රේලියාව ඇතුළු ලෝකයේ රටවල් රැසකට බලපෑම් කළ හැකි ඉතිහාසයේ ප්‍රබලතම El Niño කාලගුණ තත්ත්වයක් මේ වනවිට පැසිෆික් සාගරයේ වර්ධනය වෙමින් පවතින බවත්, ඉදිරියේදී මෙවැනි දරුණු

Read More »

Qantas නවසීලන්ත ගුවන් ගාස්තු පහළ දමයි

නවසීලන්තයේ නිවාඩුවක් ගත කිරීමට සැලසුම් කරන ඔස්ට්‍රේලියානුවන්ට Qantas ගුවන් සමාගම විශේෂ දීමනාවක් හඳුන්වාදී තිබෙනවා. Tourism New Zealand ආයතනය සමඟ එක්ව හඳුන්වා දී ඇති මෙම සතියක ප්‍රවර්ධන

Read More »

ඔස්ට්‍රේලියාව, විරැකියාව වැඩිම වේගයෙන් ඉහළ යන රටක් බවට පත්වෙයිද?

ලෝකයේ දියුණු රටවල් අතර 2027 වසර වනවිට විරැකියා අනුපාතය වැඩිම ප්‍රමාණයකින් ඉහළ යාමට ඉඩ ඇති රටක් ලෙස ඔස්ට්‍රේලියාව හඳුනාගෙන ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF)

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom