Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ රැකියා සොයන පුද්ගලයන්ට ලබාදෙන JobSeeker දීමනාව ඇතුළු රජයේ ආදායම් ආධාර ප්‍රමාණවත් නොවීම හේතුවෙන්, එම දීමනා මත යැපෙන බොහෝ පවුල් දරිද්‍රතාවට මුහුණ දී සිටින බව නව වාර්තාවකින් හෙළි වී තිබෙනවා.

ඔස්ට්‍රේලියානු සමාජ සේවා කවුන්සිලය සහ නිව් සවුත් වේල්ස් විශ්වවිද්‍යාලය එක්ව නිකුත් කළ මෙම වාර්තාවට අනුව, JobSeeker සහ Youth Allowance දීමනා මත යැපෙන පවුල්වල පුද්ගලයන් හතර දෙනෙකුගෙන් තිදෙනෙකු පමණ දරිද්‍රතා සීමාවට පහළින් ජීවත් වනවා.

ඔස්ට්‍රේලියාවේ දරිද්‍රතාවයෙන් පෙළෙන පුද්ගලයන් මිලියන 3.7ක් පමණ සිටින අතර, ඉන් මිලියන 1.9ක් පමණ රජයේ මූල්‍ය ආධාර මත යැපෙන පවුල්වල ජීවත් වන බව ද වාර්තාව පෙන්වා දෙනවා.

Advertisement

JobSeeker දීමනාව මත ප්‍රධාන වශයෙන් යැපෙන පවුල්වල පුද්ගලයන්ගෙන් 76%ක් දරිද්‍රතා සීමාවට පහළින් සිටින අතර, Youth Allowance ලබන පවුල්වල එම අගය 73%ක් සහ Parenting Payment ලබන පවුල්වල 71%ක් ලෙස වාර්තා වී තිබෙනවා.

තනි පුද්ගලයෙකු සඳහා නිවාස වියදම් අඩු කළ පසු සතියකට ඔස්ට්‍රේලියානු ඩොලර් 584කට අඩු ආදායමක් ලැබීම දරිද්‍රතා සීමාවට පහළින් ජීවත් වීමක් ලෙස මෙම වාර්තාවේ සලකා තිබෙනවා.

Banner 01

මේ හේතුවෙන් ආහාර, ප්‍රවාහන සහ අනෙකුත් අත්‍යවශ්‍ය වියදම් පියවා ගැනීමට නොහැකිව ඇතැම් පුද්ගලයන්ට ආහාර වේල් මඟහැරීමට පවා සිදුවන බවත්, රජයේ දීමනා සැලකිය යුතු ලෙස ඉහළ නැංවිය යුතු බවත් ඔස්ට්‍රේලියානු සමාජ සේවා කවුන්සිලය පවසනවා.

දීමනා වසරකට දෙවරක් ජීවන වියදමට අනුව ඉහළ දැමුවද, එම වැඩිවීම් පමණක් ප්‍රමාණවත් නොවන බව පෙන්වා දෙන මෙම වාර්තාව, අඩු ආදායම්ලාභීන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා රජයේ සහාය තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරනවා.

#JobSeeker #CostOfLiving #PovertyInAustralia #Centrelink #LivingCosts

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ජීවන වියදම ඉහළ යාම හමුවේ වුවද, 2027 වසරේදී සංචාර සඳහා වැඩි අවධානයක් යොමු කිරීමට ඔස්ට්‍රේලියානුවන් සූදානම් වන බව නව වාර්තාවකින්...

ඔස්ට්‍රේලියාවේ උද්ධමනය පාලනය කරගත නොහැකි වුවහොත් ආර්ථික අවපාතයක අවදානමක් ඇතිවිය හැකි බව සංචිත බැංකු අධිපති Michele Bullock පසුගියදා පිළිගෙන තිබෙනවා....

මෙල්බන් පුරා දින තුනක් ඇතුළත සිදුවූ සැකකටයුතු ගිනි තැබීම් මාලාවකින් මෝටර් රථ හයක් විනාශ වී නිවාස දෙකකට හානි සිදුව තිබෙනවා....

Melbourne Airport වෙතින් UberX රථයක් ලබාගත් මගියෙකු, තමන් නිවැරදි Uber රථයට නැග ඇති බව සිතා ගමන ආරම්භ කළත් පසුව රියදුරු...

මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් ලෝක ඉන්ධන මිල ඉහළ යමින් පවතින පසුබිමක, රුසියාවෙන් ඉන්ධන ආනයනය කිරීමට ඔස්ට්‍රේලියාව කිසිදු සූදානමක් නොමැති බව...

ශ්‍රී ලංකාවේ Australian College of Excellence හෙවත් ACE College ආයතනය සහ ඔස්ට්‍රේලියාවේ Murdoch University අතර නව අධ්‍යාපන හවුල්කාරිත්වයක් ආරම්භ කර...

ඔස්ට්‍රේලියාවේ Electric Vehicle අලෙවිය වාර්තාගත ලෙස ඉහළ යමින් ඇති අතර, නව දත්ත අනුව සෑම තත්පර 100කටම එක් EV එකක් අලෙවි...

ඔස්ට්‍රේලියානු නිවාස වෙළඳපොලේ සිදුවන විශාල වෙනස්කම් සමඟ ඔස්ට්‍රේලියාව තුළ නිවසක් මිලදී ගැනීම සඳහා පුද්ගලයෙකු සතු විය යුතු අවම වැටුප සම්බන්ධව...

ඔස්ට්‍රේලියානු විපක්ෂ නායක Angus Taylor ඉදිරිපත් කළ නව සංක්‍රමණ කප්පාදු සැලැස්ම One Nation පක්ෂයේ ප්‍රතිපත්ති අනුකරණය කිරීමක් බවට Pauline Hanson...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියාවේ දරිද්‍රතාවට මුහුණ දෙන පවුල් ගැන අනාවරණයක්

ඔස්ට්‍රේලියාවේ දරිද්‍රතාවට මුහුණ දෙන පවුල් ගැන අනාවරණයක්

ඔස්ට්‍රේලියාවේ රැකියා සොයන පුද්ගලයන්ට ලබාදෙන JobSeeker දීමනාව ඇතුළු රජයේ ආදායම් ආධාර ප්‍රමාණවත් නොවීම හේතුවෙන්, එම දීමනා මත යැපෙන බොහෝ පවුල් දරිද්‍රතාවට මුහුණ දී සිටින බව

Read More »

Flydubai සිද්ධිය හමුවේ ඔස්ට්‍රේලියාවේ වීසා නීති දැඩි කරන ලෙස ඉල්ලීම්

Flydubai ගුවන් යානයක් පැහැර ගැනීමට උත්සාහ කළ බවට චෝදනා එල්ල වී ඇති සහායක නියමුවෙකුගේ ඔස්ට්‍රේලියානු සබඳතා පිළිබඳ විමර්ශන හමුවේ, එරට ශිෂ්‍ය වීසා පරීක්ෂණ සහ ආරක්ෂක

Read More »

සංක්‍රමණිකයන්ගේ පැමිණීම අඩු කිරීමෙන් නිවාස කුලී පහළ යයිද?

ඔස්ට්‍රේලියාවේ නිවාස කුලී සහ ජීවන වියදම් ඉහළ යාමත් සමඟ සංක්‍රමණිකයන්ගේ පැමිණීම දැඩි ලෙස සීමා කළ යුතු බවට දේශපාලන යෝජනා ඉදිරිපත් වී තිබෙනවා. One Nation පක්ෂය

Read More »

දවසකට ඩොලර් මිලියන 24ක් ණය පොලී විතරක් ගෙවන වික්ටෝරියා ප්‍රාන්තය

වික්ටෝරියා ප්‍රාන්තයේ ණය බර 2030 වසර වනවිට ඕස්ට්‍රේලියානු ඩොලර් බිලියන 200කට ආසන්න විය හැකි බවට පුරෝකථනය කර තිබෙනවා. මේ වනවිට ප්‍රාන්තයේ ශුද්ධ ණය ප්‍රමාණය ඩොලර්

Read More »

ජීවන වියදම ගැන රජයට චෝදනා– One Nation ජනප්‍රියත්වයත් පහළට

ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම ඉහළ යාම සම්බන්ධයෙන් ෆෙඩරල් කම්කරු රජයට ජනතා චෝදනා එල්ල වෙද්දී, One Nation පක්ෂයේ ජනප්‍රියත්වය පහළ ගොස් ඇති බව නවතම Resolve Political Monitor

Read More »

ඔස්ට්‍රේලියාවේ නිවසක් මිලදී ගැනීමට අවශ්‍ය අවම වැටුප

ඔස්ට්‍රේලියානු නිවාස වෙළඳපොලේ සිදුවන විශාල වෙනස්කම් සමඟ ඔස්ට්‍රේලියාව තුළ නිවසක් මිලදී ගැනීම සඳහා පුද්ගලයෙකු සතු විය යුතු අවම වැටුප සම්බන්ධව නවතම වාර්තාවක් නිකුත් වී තිබෙනවා.

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom