Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඊශ්‍රායලයේ ජාත්‍යන්තර ගුවන්තොටුපළකට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ බවට චෝදනා එල්ල වී ඇති Flydubai ගුවන් සේවයේ සහාය නියමුවාට මෙල්බන්හි ආගමික මධ්‍යස්ථානයක් සමඟ සබඳතා පැවති බවට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විමර්ශකයන් කරුණු අනාවරණය කර තිබෙනවා.

29 හැවිරිදි ඕමාන ජාතික Hammam al-Hammami නමැති සැකකරු 2015 සිට 2017 දක්වා මෙල්බන් නගරයේ RMIT විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබා ඇති අතර එම කාලයේදී My Centre නමැති බහුසංස්කෘතික මධ්‍යස්ථානයට සම්බන්ධ පුද්ගලයන් හඳුනාගෙන තිබූ බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නීතිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

පසුගිය සැප්තැම්බර් 30 වැනිදා ඩුබායි සිට ඊශ්‍රායලයේ Tel Aviv බලා පියාසර කළ FZ1073 ගුවන් යානයේ ප්‍රධාන නියමුවාට පහරදී යානය පැහැර ගැනීමට සැකකරු උත්සාහ කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා.

Advertisement

2001 සැප්තැම්බර් 11 වැනිදා ඇමෙරිකාවට එල්ල වූ ප්‍රහාරයට සමාන ආකාරයකින් ගුවන් යානය ඊශ්‍රායලයේ Ben Gurion ගුවන්තොටුපළට කඩා වැටීමට සැලැස්වීම ඔහුගේ අරමුණ වී තිබූ බවය් විමර්ශකයන් චෝදනා කරන්නේ.

කෙසේ වෙතත් තුවාල ලැබූ ප්‍රධාන නියමුවා, කාර්ය මණ්ඩලය සහ මගීන්ගේ මැදිහත්වීමෙන් එම උත්සාහය ව්‍යර්ථ වී ඇති අතර ගුවන් යානය සෞදි අරාබියේ Tabuk ගුවන්තොටුපළට ආරක්ෂිතව ගොඩබැස්වූවා.

Banner 01

මේ අතර සැකකරු සබඳතා පැවැත්වූ බව කියන මෙල්බන්හි My Centre ආයතනයට ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජයෙන් 2024 සහ 2025 වසරවලදී ප්‍රජා භාෂා අධ්‍යාපන වැඩසටහනක් යටතේ ඩොලර් 68,000කට වැඩි ප්‍රදාන මුදලක් ලබාදී ඇති බව අනාවරණය වී ඇති නමුත් එම ආයතනය ත්‍රස්ත ක්‍රියාවකට සම්බන්ධ වූ බවට හෝ සැකකරු අන්තවාදයට යොමු කළ බවට චෝදනාවක් එල්ල වී නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය, වික්ටෝරියා පොලිසිය සහ ASIO බුද්ධි අංශය එක්ව සැකකරුගේ ඔස්ට්‍රේලියානු සබඳතා පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇති අතර ඔහු මේ වනවිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අත්අඩංගුවේ පසුවනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ තාවකාලික වීසා මත රැඳී සිටින පුද්ගලයන්ගේ සෞඛ්‍ය රක්ෂණය සහ වෛද්‍ය වියදම් සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව වැදගත් කරුණු රැසක් පැහැදිලි...

රුසියාවේ සයිබීරියා ප්‍රදේශයේ මාරාන්තික වසංගත රෝග පිළිබඳ පර්යේෂණ සිදුකරන රසායනාගාරයක සේවිකාවක් අභිරහස් ලෙස මියයාමත් සමඟ ඇතිවූ සෞඛ්‍ය අවදානම පිළිබඳව ඔස්ට්‍රේලියානු...

ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ ප්‍රථම වරට ඩෙංගු මර්දන එන්නතක් භාවිතයට ගෙන තිබෙනවා. ඩෙංගු රෝගයට එරෙහි Qdenga එන්නත දැන් ඔස්ට්‍රේලියාවේ ලබාගත හැකි අතර,...

ඔස්ට්‍රේලියා විපක්ෂ ලිබරල් සන්ධානය ඉදිරිපත් කළ නව සංක්‍රමණ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ව්‍යාපාරික හා ආර්ථික ක්ෂේත්‍රවලින් අනතුරු ඇඟවීම් එල්ල වී තිබෙනවා. විපක්ෂ...

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ සිරිලිය සවිය පදනමේ සිදුව ඇතැයි පැවසෙන අක්‍රමිකතාවයකට...

2025 වසරේ වික්ටෝරියාවේ මත්ද්‍රව්‍ය අධික මාත්‍රාව (Drug Overdoses) හේතුවෙන් පුද්ගලයන් 632 දෙනෙකු මියගොස් ඇති අතර, එය පසුගිය දශකයේ වාර්තා වූ...

ඔස්ට්‍රේලියාවේ Electric Vehicle අලෙවිය වාර්තාගත ලෙස ඉහළ යමින් ඇති අතර, නව දත්ත අනුව සෑම තත්පර 100කටම එක් EV එකක් අලෙවි...

වික්ටෝරියා Ambulance Union විසින් paramedicsලාට තර්ජනය කරන හෝ ආක්‍රමණශීලී ලෙස හැසිරෙන රෝගීන්ට ලබාදී ඇති Ambulance Victoria membership පහසුකම අහිමි කළ...

වික්ටෝරියා ප්‍රාන්තයේ Stawell සහ Horsham නගර අතර Western Highway මාර්ගයේ ආරක්ෂාව වැඩි කරන ලෙස ප්‍රදේශවාසීන් ඉල්ලා සිටිනවා. කිලෝමීටර් 66ක් පමණ...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

මෙල්බන්හි ඉගෙනුම ලැබූ Flydubai සහාය නියමුවාගේ ත්‍රස්ත ප්‍රහාර සැලසුම ගැන අලුත් හෙළිදරව්වක්

මෙල්බන්හි ඉගෙනුම ලැබූ Flydubai සහාය නියමුවාගේ ත්‍රස්ත ප්‍රහාර සැලසුම ගැන අලුත් හෙළිදරව්වක්

ඊශ්‍රායලයේ ජාත්‍යන්තර ගුවන්තොටුපළකට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ බවට චෝදනා එල්ල වී ඇති Flydubai ගුවන් සේවයේ සහාය නියමුවාට මෙල්බන්හි ආගමික මධ්‍යස්ථානයක් සමඟ සබඳතා පැවති

Read More »

මාස තුනක වැස්ස එක දවසකින් – ක්වීන්ස්ලන්ඩ්හි කාලගුණ පෙරළියක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ මාස ගණනාවක් පැවති වියළි කාලගුණයෙන් පසු ඉදිරි දින කිහිපයේදී බ්‍රිසබන් ඇතුළු ගිනිකොනදිග ප්‍රදේශවලට තද වැසි සහ ගිගුරුම් සහිත කුණාටු ඇතිවිය හැකි බවට කාලගුණ

Read More »

සංක්‍රමණිකයන් අඩු කළොත් ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍ය පද්ධතිය කඩා වැටෙයිද? 

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව විශාල ලෙස අඩු කිරීමට ගන්නා පියවර හේතුවෙන් රටේ සෞඛ්‍ය සේවා පද්ධතිය බරපතළ අර්බුදයකට මුහුණදිය හැකි බවට වෛද්‍ය විශේෂඥයන් අනතුරු අඟවා තිබෙනවා.

Read More »

මෙල්බන් මැරතන් තරගයේ වාර්තා අලුත් කළ කෙන්යාවේ සුපිරි ධාවන ශූරයා

අද පැවැති මෙල්බන් මැරතන් ධාවන තරගය නව වාර්තාවක් පිහිටුවමින් කෙන්යාවේ සුපිරි ධාවන ශූර Eliud Kipchoge ජයග්‍රහණය කර තිබෙනවා. ඔලිම්පික් රන් පදක්කම් දෙකකට හිමිකම් කියන 41

Read More »

මෙල්බන් CBDහි හදිසි කලබලයක් – එක් අයෙක් රෝහලට

මෙල්බන් CBDහි පෙරවරුවේ සිදුවූ හදිසි අනතුරක් හේතුවෙන් විශාල පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති අතර එක් පුද්ගලයෙකු රෝහල්ගත කර තිබෙනවා. මෙල්බන්හි Flinders Street සහ Elizabeth Street

Read More »

වික්ටෝරියාවේ පිහි එකතු කළ Binsවලින් බටර් පිහි සහ කතුරුත් හමුවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ machete තහනම් කිරීමෙන් පසු ජනතාවට ආයුධ භාරදීම සඳහා ස්ථාපිත කළ විශේෂ binවලට පිහි ඇතුළු ආයුධ 12,357ක් භාරදී ඇති බව නවතම වාර්තාවකින් අනාවරණය වී

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom