ශ්‍රී ලංකාවේ Australian College of Excellence හෙවත් ACE College ආයතනය සහ ඔස්ට්‍රේලියාවේ Murdoch University අතර නව අධ්‍යාපන හවුල්කාරිත්වයක් ආරම්භ කර තිබෙනවා.
මෙම ගිවිසුම ඔක්තෝබර් 6 වනදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවති විශේෂ උත්සවයකදී අත්සන් කර ඇති අතර, එමඟින් ශ්‍රී ලාංකික සිසුන්ට අඩු වියදමකින් ජාත්‍යන්තර උසස් අධ්‍යාපනයට පිවිසීමේ අවස්ථාවක් ලබාදීම අපේක්ෂා කරනවා.
ඒ අනුව 2027 පෙබරවාරි මාසයේ සිට ශ්‍රී ලංකාවේදී ඔස්ට්‍රේලියානු Foundation සහ Diploma පාඨමාලා හැදෑරීමේ අවස්ථාව සිසුන්ට හිමිවනවා.
අ.පො.ස. සාමාන්‍ය පෙළ අවසන් කළ සිසුන්ට Foundation පාඨමාලාවට ඇතුළත් විය හැකි අතර, Diploma පාඨමාලා යටතේ Business and Information Technology, Artificial Intelligence (AI), Cybersecurity සහ Information Systems වැනි විෂයන් හැදෑරීමටඅවස්ථාව සලසා තිබෙනවා.
පාඨමාලා සාර්ථකව සම්පූර්ණ කර අදාළ සුදුසුකම් සපුරන සිසුන්ට ඔස්ට්‍රේලියාවේ පර්ත්, සිංගප්පූරුව හෝ ඩුබායිහි Murdoch University අධ්‍යයන මධ්‍යස්ථානවල උපාධි පාඨමාලා සඳහා යොමුවීමට හැකිවන බවයි ආයතනය සඳහන් කරන්නේ.
Foundation පාඨමාලාව සඳහා රුපියල් ලක්ෂ 6ක් සහ Diploma පාඨමාලා සඳහා රුපියල් ලක්ෂ 7.5ක ගාස්තුවක් නියම කර ඇති අතර, විදේශගත වීමට පෙර ශ්‍රී ලංකාවේදී අධ්‍යාපනයේ මුල් අදියර සම්පූර්ණ කිරීමෙන් වියදම් අඩුකරගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරනවා.
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ACE College ආයතනයේදී Murdoch University විසින් පුහුණු කරන ලද ආචාර්යවරුන්ගේ මඟපෙන්වීම යටතේ මෙම පාඨමාලා පැවැත්වීමට නියමිතයි.
මේ අතර සිසුන්ගේ විදේශ අධ්‍යාපන කටයුතු සඳහා අධ්‍යාපන ණය සහ බැංකු පහසුකම් ලබාදීමට ශ්‍රී ලංකාවේ ප්‍රධාන බැංකු කිහිපයක සහාය ද හිමි වනවා.
2027 පෙබරවාරි මාසයේ ආරම්භ වන පළමු කණ්ඩායම සඳහා අයදුම්පත් භාරගැනීම මේ වනවිට ආරම්භ කර තිබෙනවා.
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු 0774203932 / 0771679785/ 0776037728/ 0744129247 යන අංකවලින් ලබාගත හැකියි.


