

ATO Credit Card තහනම වසරකින් කල්යයි
ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය (ATO) විසින් බදු ගෙවීම් සඳහා ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතය තහනම් කිරීමට ගෙන තිබූ තීරණය මාස 12කින් කල් දැමීමට ෆෙඩරල් රජය පියවර ගෙන තිබෙනවා.

ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය (ATO) විසින් බදු ගෙවීම් සඳහා ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතය තහනම් කිරීමට ගෙන තිබූ තීරණය මාස 12කින් කල් දැමීමට ෆෙඩරල් රජය පියවර ගෙන තිබෙනවා.
ව්‍යාපාරික ප්‍රජාවෙන් එල්ල වූ දැඩි විරෝධතා හමුවේ මෙම තීරණයට එළඹ ඇති අතර, භාණ්ඩාගාරික Jim Chalmers අද එය නිවේදනය කළා.
මුලින් සැලසුම් කර තිබුණේ දෙසැම්බර් 1 වනදා සිට ATO වෙත බදු මුදල් ගෙවීමේදී ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතය සම්පූර්ණයෙන් නතර කිරීමටයි.

ඔක්තෝබර් 1 වනදා සිට ක්‍රියාත්මක වූ කාඩ්පත් අමතර ගාස්තු තහනමත් සමඟ, ක්‍රෙඩිට් කාඩ් ගනුදෙනු සඳහා වාර්ෂිකව වැයවන ඩොලර් මිලියන 200ක පමණ සැකසුම් ගාස්තු රජයට දැරීමට සිදුවීම මෙම තීරණයට හේතුවී තිබුණා.
කෙසේ වෙතත් කුඩා ව්‍යාපාරිකයන් පෙන්වා දුන්නේ බදු ගෙවීම් සඳහා ක්‍රෙඩිට් කාඩ්පත් භාවිත කිරීම තම ව්‍යාපාරවල මුදල් ප්‍රවාහය පවත්වාගෙන යාමට ඉතා වැදගත් බවයි.
ATO දත්ත අනුව ඔස්ට්‍රේලියාවේ කුඩා ව්‍යාපාර මිලියන 2.7න් ආසන්න වශයෙන් 135,000ක් බදු ගෙවීම් සඳහා ක්‍රෙඩිට් කාඩ්පත් භාවිත කරන අතර, එය මුළු කුඩා ව්‍යාපාරවලින් සියයට 5ක් පමණ වනවා.
ඒ අනුව නව ක්‍රමවේදයකට හුරුවීමට ව්‍යාපාරිකයන්ට වැඩි කාලයක් ලබාදීම සඳහා තහනම මාස 12කින් කල් දැමීමටත්, එම කාලය තුළ ATO ආයතනයට අවශ්‍ය අතිරේක අරමුදල් ලබාදීමටත් ෆෙඩරල් රජය එකඟ වී තිබෙනවා.
Australian Taxation Office හෙවත් ATO එකට Credit Card මගින් බදු ගෙවීම නොවැම්බර් 30න් පසු නවත්වන බව ATO තහවුරු කර තිබෙනවා....
Services Australia නව දැනුම්දීමකට අනුව Centrepay භාවිත කළ හැකි භාණ්ඩ සහ සේවා කිහිපයක් 2026 නොවැම්බර් 1 සිට වෙනස් වෙනවා. ඒ...
Adelaide නගරයේ පවුලක්, තම 10 හැවිරිදි ඔටිසම් තත්ත්වයෙන් පෙළෙන පුතාගේ හැසිරීම හේතුවෙන් China Southern Airlines ගුවන් යානයකින් ඉවත් කළ බව...
ඔස්ට්‍රේලියාවේ වයස්ගතම පිරිමියා ලෙස සැලකෙන Ken Weeks, සිය 113 වැනි උපන්දිනය සමරමින් ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ දීර්ඝායුෂ සම්බන්ධයෙන් සුවිශේෂී සන්ධිස්ථානයක් සටහන් කර...
වික්ටෝරියා ප්‍රාන්තයේ ග්‍රාමීය ප්‍රදේශ රැසක GP වෛද්‍යවරුන්ගේ හිඟය දැඩි වෙමින් පවතින අතර, Birregurra නගරයේ දෙවැනි වෛද්‍යවරයෙකු සොයා මාස 18ක් උත්සාහ...
ඕස්ට්‍රේලියාවේ නගර මධ්‍යයේ වාහනයක් නවතා තැබීමට වඩාත්ම අසීරු නගර පිළිබඳ නව දත්ත නිකුත් වී තිබෙනවා. iSelect විසින් නිකුත් කළ දත්ත...
Flydubai ගුවන් යානයක නියමුවෙකු, මගීන් 174 දෙනෙකු රැගත් ගුවන් යානය ඊශ්‍රායලයේ Ben Gurion ගුවන් තොටුපළට කඩා වැටීමට සැලසුම් කර තිබූ...
ඔස්ට්‍රේලියාවේ මිලියන ගණනක කුලී ගෙවීම් සඳහා භාවිත වන Macquarie Bank හි DEFT payment platform එක, credit සහ debit card මගින්...
වික්ටෝරියා ප්‍රාන්තයේ රජයේ රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන් රජය ඉදිරිපත් කළ මාස 12ක වැටුප් සහ සේවා කොන්දේසි යෝජනාව ප්‍රතික්ෂේප කර තිබෙනවා....

ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය (ATO) විසින් බදු ගෙවීම් සඳහා ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතය තහනම් කිරීමට ගෙන තිබූ තීරණය මාස 12කින් කල් දැමීමට ෆෙඩරල් රජය පියවර ගෙන තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ Powerball ලොතරැයියේ පළමු ත්‍යාගය ලබන සතියේ ඩොලර් මිලියන 100ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ පැවැති ඩොලර් මිලියන 60ක දිනුම් ඇදීමෙන් පළමු ත්‍යාගය දිනාගත් කිසිවෙකු

රුසියාවේ සයිබීරියා ප්‍රදේශයේ මාරාන්තික වසංගත රෝග පිළිබඳ පර්යේෂණ සිදුකරන රසායනාගාරයක සේවිකාවක් අභිරහස් ලෙස මියයාමත් සමඟ ඇතිවූ සෞඛ්‍ය අවදානම පිළිබඳව ඔස්ට්‍රේලියානු රජය ද දැඩි අවධානයක් යොමුකර

චීනයේ සතියක ජාතික දින නිවාඩුව අවසන් වීමත් සමඟ චීනයේ සිට ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් තිබෙනවා. නව දත්ත අනුව මේ වසරේ ඔක්තෝබර් මාසය සඳහා

වික්ටෝරියා Ambulance Union විසින් paramedicsලාට තර්ජනය කරන හෝ ආක්‍රමණශීලී ලෙස හැසිරෙන රෝගීන්ට ලබාදී ඇති Ambulance Victoria membership පහසුකම අහිමි කළ යුතු බවට යෝජනාවක් ඉදිරිපත් කර

ගුරුවරුන්ගේ රැකියා ආතතිය සහ රැකියාවෙන් ඉවත්වීම අඩු කර ගැනීමට මානසික යහපැවැත්ම වැඩිදියුණු කරන ක්‍රම භාවිත කළ හැකි ආකාරය පිළිබඳ නව පර්යේෂණයක් සිදුකර තිබෙනවා. University of