

Powerball ත්‍යාගය $ මිලියන 100ට නගී
ඔස්ට්‍රේලියාවේ Powerball ලොතරැයියේ පළමු ත්‍යාගය ලබන සතියේ ඩොලර් මිලියන 100ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ පැවැති ඩොලර් මිලියන 60ක දිනුම් ඇදීමෙන් පළමු ත්‍යාගය දිනාගත් කිසිවෙකු

ඔස්ට්‍රේලියාවේ Powerball ලොතරැයියේ පළමු ත්‍යාගය ලබන සතියේ ඩොලර් මිලියන 100ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඊයේ පැවැති ඩොලර් මිලියන 60ක දිනුම් ඇදීමෙන් පළමු ත්‍යාගය දිනාගත් කිසිවෙකු නොසිටීම හේතුවෙන් මෙම දැවැන්ත මුදල ලබන සතියට එකතු වුණා.
අඛණ්ඩව සති පහක් පළමු ත්‍යාගය දිනාගත් කිසිවෙකු නොසිටීමත් සමඟ මෙය පසුගිය මාස 16කට වැඩි කාලයකදී ඔස්ට්‍රේලියාවේ පිරිනැමීමට නියමිත විශාලතම ලොතරැයි ත්‍යාගය බවට පත්ව තිබෙනවා.

අවසන් වරට ඔස්ට්‍රේලියාවේ Powerball පළමු ත්‍යාගය ඩොලර් මිලියන 100ක් දක්වා ඉහළ ගොස් තිබුණේ 2025 ජුනි මාසයේදීයි.
ලබන ඔක්තෝබර් 15 බ්‍රහස්පතින්දා පැවැත්වෙන දිනුම් ඇදීමේදී එක් පුද්ගලයෙකු මෙම සම්පූර්ණ මුදල දිනාගතහොත්, ඔහු හෝ ඇය ඔස්ට්‍රේලියානු ලොතරැයි ඉතිහාසයේ තුන්වැනි විශාලතම තනි ජයග්‍රාහකයා ලෙස වාර්තා අතරට එක්වනු ඇති.
මේ අතර ඊයේ පැවැති දිනුම් ඇදීමේදී දෙවැනි කාණ්ඩයේ ත්‍යාගය දිනාගත් පුද්ගලයන් පස්දෙනෙකුට එක් අයෙකුට ඩොලර් 206,779.40 බැගින් හිමිව තිබෙනවා.
තුන්වැනි කාණ්ඩයේ ත්‍යාගය දිනාගත් පුද්ගලයන් 123 දෙනෙකුට ද එක් අයෙකුට ඩොලර් 10,396.50 බැගින් හිමිවුණා.
The Lott ආයතනයේ ප්‍රකාශක Matt Hart පවසන්නේ ලබන බ්‍රහස්පතින්දා පැවැත්වෙන ඩොලර් මිලියන 100ක දිනුම් ඇදීම සඳහා ඔස්ට්‍රේලියාවේ වැඩිහිටි ජනගහනයෙන් අඩකට ආසන්න පිරිසක් සහභාගී වනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
Victoriaහි Mandarin කතා කරන ප්‍රජාව ඉලක්ක කරමින් AI තාක්ෂණය භාවිත කර වෛද්‍යවරුන් ලෙස පෙනී සිටින නව වංචාවක් සම්බන්ධයෙන් Victoria Police...
පාසල් වාරය ආරම්භ වීමත් සමඟ වික්ටෝරියාව පුරා පාසල් අවට රථවාහන නීති කඩකිරීම් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරමින් පොලිස් මෙහෙයුම් දැඩි...
ඇමෙරිකාවේ විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනවල 2024 වසර තුළ ස්ත්‍රී දූෂණ සිද්ධීන් 8,227ක් වාර්තා වී ඇති බව එරට අධ්‍යාපන දෙපාර්තමේන්තු...
Virgin Australia විසින් 2027 යුරෝපා සංචාර සැලසුම් කරන ඔස්ට්‍රේලියානුවන් සඳහා විශේෂ Early Bird Europe Sale එකක් ආරම්භ කර තිබෙනවා. මෙම...
මෙල්බන් නගරයේ මොනෑෂ් ෆ්‍රීවේහි අද දහවල් සිදු කළ දැවැන්ත පොලිස් මෙහෙයුමකින් පුද්ගලයන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම මෙහෙයුම ආරම්භ...
රුසියාවේ සයිබීරියා ප්‍රදේශයේ මාරාන්තික වසංගත රෝග පිළිබඳ පර්යේෂණ සිදුකරන රසායනාගාරයක සේවිකාවක් අභිරහස් ලෙස මියයාමත් සමඟ ඇතිවූ සෞඛ්‍ය අවදානම පිළිබඳව ඔස්ට්‍රේලියානු...
ඔස්ට්‍රේලියාවේ වයස්ගතම පිරිමියා ලෙස සැලකෙන Ken Weeks, සිය 113 වැනි උපන්දිනය සමරමින් ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ දීර්ඝායුෂ සම්බන්ධයෙන් සුවිශේෂී සන්ධිස්ථානයක් සටහන් කර...
පිලිපීනයේ ළමුන් 25 දෙනෙකුට සිදුකළ ලිංගික අපයෝජන සඳහා පහසුකම් සැලසීම සම්බන්ධයෙන් වරදකරු වූ 62 හැවිරිදි Brisbaneහි පුද්ගලයෙකුට වසර 19ක සිරදඬුවමක්...
Adelaide උතුරු ප්‍රදේශයේ වැඩිහිටි සත්කාර මධ්‍යස්ථානයක ඩිමෙන්ෂියා ඇතුළු සංකීර්ණ රෝග තත්ත්වයන් සහිත පදිංචිකාරියකට අසාධාරණ ලෙස බලය භාවිත කළ හෙදියකට වසර...

ඔස්ට්‍රේලියාවේ Powerball ලොතරැයියේ පළමු ත්‍යාගය ලබන සතියේ ඩොලර් මිලියන 100ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ පැවැති ඩොලර් මිලියන 60ක දිනුම් ඇදීමෙන් පළමු ත්‍යාගය දිනාගත් කිසිවෙකු

රුසියාවේ සයිබීරියා ප්‍රදේශයේ මාරාන්තික වසංගත රෝග පිළිබඳ පර්යේෂණ සිදුකරන රසායනාගාරයක සේවිකාවක් අභිරහස් ලෙස මියයාමත් සමඟ ඇතිවූ සෞඛ්‍ය අවදානම පිළිබඳව ඔස්ට්‍රේලියානු රජය ද දැඩි අවධානයක් යොමුකර

චීනයේ සතියක ජාතික දින නිවාඩුව අවසන් වීමත් සමඟ චීනයේ සිට ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් තිබෙනවා. නව දත්ත අනුව මේ වසරේ ඔක්තෝබර් මාසය සඳහා

වික්ටෝරියා Ambulance Union විසින් paramedicsලාට තර්ජනය කරන හෝ ආක්‍රමණශීලී ලෙස හැසිරෙන රෝගීන්ට ලබාදී ඇති Ambulance Victoria membership පහසුකම අහිමි කළ යුතු බවට යෝජනාවක් ඉදිරිපත් කර

ගුරුවරුන්ගේ රැකියා ආතතිය සහ රැකියාවෙන් ඉවත්වීම අඩු කර ගැනීමට මානසික යහපැවැත්ම වැඩිදියුණු කරන ක්‍රම භාවිත කළ හැකි ආකාරය පිළිබඳ නව පර්යේෂණයක් සිදුකර තිබෙනවා. University of

වික්ටෝරියාහි වායු දූෂණය අවම කිරීම සඳහා නිවාසවල භාවිත කරන දැව උදුන් ක්‍රමයෙන් ඉවත් කිරීමට රජය පියවර ගත යුතු බව පිරිසිදු වාතය වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම්