ඔස්ට්‍රේලියාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයෙකු වන Athil Goonesekera, ළමා පිළිකා පර්යේෂණ සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් මේ ඔක්තෝබර් මාසයේදී කිලෝමීටර් 500ක් බයිසිකල් පැදීමේ අභියෝගයකට එක්වී සිටිනවා.
ඔහු මෙම අභියෝගයට එක්වන්නේ ඔස්ට්‍රේලියාව පුරා පැවැත්වෙන Great Cycle Challenge Australia වැඩසටහන හරහා වන අතර, සහභාගිවන්නන් තමන් තෝරාගත් දුරක් බයිසිකල් පැදීම සමඟ ළමා පිළිකා පර්යේෂණ සඳහා අරමුදල්ද රැස් කරනවා.
Athil මෙවර තම ඉලක්කය ලෙස කිලෝමීටර් 500ක් තෝරාගෙන ඇති අතර, මේ වනවිට කිලෝමීටර් 51ක් සම්පූර්ණ කර තිබෙනවා. මේ වනවිට ඔහු ළමා පිළිකා වෙනුවෙන් ඩොලර් 4,593ක් රැස්කරගෙන ඇති අතර, එම අරමුදල තවදුරටත් ඉහළ නංවා ගැනීම ඔහුගේ අරමුණයි.
Great Cycle Challenge සඳහා Athil එක්වන පළමු අවස්ථාව මෙය නොවන අතර, පසුගිය වසර කිහිපය පුරාම මෙම වැඩසටහනට සහභාගී වෙමින් ළමා පිළිකා වෙනුවෙන් තම දායකත්වය ලබාදී තිබෙනවා.
මේ දක්වා ඔහු කිලෝමීටර් 3,135කට වැඩි දුරක් බයිසිකල් පැද ඇති අතර, ළමා පිළිකා පර්යේෂණ සඳහා ඩොලර් 13,700කට වැඩි මුදලක් රැස් කිරීමටත් සමත්වී තිබෙනවා.
මෙවර ඔහුගේ අරමුණ කිලෝමීටර් 500ක ඉලක්කය සම්පූර්ණ කිරීමෙන් ඔබ්බට ගොස්, ළමා පිළිකා පර්යේෂණ සඳහා තවත් අරමුදල් රැස් කරමින් එම දරුවන් වෙනුවෙන් සහායක් ලබාදීමයි.
Athilගේ මෙම අභියෝගයට ඔබටත් දායක වීමට හැකි අතර, ළමා පිළිකා පර්යේෂණ සඳහා ඔහු හරහා පරිත්‍යාගයක් කිරීමට කැමති අයට ඔහුගේ නිල Great Cycle Challenge පිටුවට පිවිස Donate Now තෝරා තමන්ට හැකි මුදලක් පරිත්‍යාග කළ හැකියි.
https://greatcyclechallenge.com.au/riders/AthilGoonesekera#donation1274293