Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම් අර්බුදය මධ්‍යයේ, රජය සතු supermarket ජාලයක් ආරම්භ කර ජනතාවට අඩු මිලට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාදිය යුතු බව Greens පාර්ශවයට සම්බන්ධ Green Institute ආයතනය යෝජනා කර තිබෙනවා.

යෝජනාව අනුව Coles සහ Woolworths සතු වෙළඳසැල් 200ක් මිලදීගෙන, තවත් වෙළඳසැල් 400කට වැඩි ප්‍රමාණයක් අලුතින් විවෘත කර රජය සතු supermarket ජාලයක් නිර්මාණය කිරීමට අදහස් කර තිබෙනවා.

මෙම වෙළඳසැල් හරහා සාමාන්‍ය grocery මිල සියයට 20කට වැඩි ප්‍රමාණයකින් අඩු කළ හැකි බවත්, බිත්තර, කිරි, පලතුරු, එළවළු, මස් සහ චීස් වැනි භාණ්ඩ වත්මන් මිලෙන් තුනෙන් දෙකක් පමණ වන මිලකට ලබාදීම අරමුණ බවත් වාර්තාවේ සඳහන්.

Advertisement

සාමාන්‍ය හතර දෙනෙකුගෙන් යුත් පවුලකට සතියකට ඩොලර් 60ක් පමණ, වසරකට ඩොලර් 3,134ක් පමණ ඉතිරි කරගත හැකි බව Green Institute ගණනය කර තිබෙනවා.

කෙසේවෙතත් මෙම ජාලය ආරම්භ කිරීමට වසර පහකදී ඩොලර් බිලියන 25.1ක් පමණ වැය වනු ඇති බවද යෝජනාවේ සඳහන් අතර, එය ඉතා විශාල ආරම්භක වියදමක්.

Banner 01

Greens නායක ඩේවිඩ් ෂූබ්‍රිජ් පවසන්නේ මෙම අදහස සාකච්ඡා කිරීමට වටිනා යෝජනාවක් බවයි. එහෙත් මෙය දැනට රජය අනුමත කළ හෝ ක්‍රියාත්මක කිරීමට තීරණය කළ වැඩසටහනක් නොවෙයි.

Green Institute විසින් පත් කළ YouGov සමීක්ෂණයකදී රජය සතු supermarket යෝජනාවට ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 80කට වැඩි පිරිසක් යම් මට්ටමක සහය පළ කර තිබුණත්, එම සමීක්ෂණයේදී වැඩසටහනේ මුළු වියදම ඔවුන්ට දැනුම් දී නොතිබූ බවයි වාර්තා වන්නේ.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

වික්ටෝරියා ප්‍රාන්තයේ ස්වේච්ඡාවෙන් ජීවිතයෙන් සමුගැනීමේ (VAD) ක්‍රමවේදය යටතේ රෝගියෙකුට ලබාදුන් ඖෂධයක්, එම රෝගියාගේ වියෝවෙන් පසු ඔහුගේ සහකරු විසින් සිය දිවි...

ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ ප්‍රථම වරට ඩෙංගු මර්දන එන්නතක් භාවිතයට ගෙන තිබෙනවා. ඩෙංගු රෝගයට එරෙහි Qdenga එන්නත දැන් ඔස්ට්‍රේලියාවේ ලබාගත හැකි අතර,...

ඔස්ට්‍රේලියාවේ වයස්ගතම පිරිමියා ලෙස සැලකෙන Ken Weeks, සිය 113 වැනි උපන්දිනය සමරමින් ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ දීර්ඝායුෂ සම්බන්ධයෙන් සුවිශේෂී සන්ධිස්ථානයක් සටහන් කර...

වික්ටෝරියාවට බලපෑ දැඩි වර්ෂාවත් සමඟ ප්‍රධාන මාර්ගවල විශාල වළවල් මතුවීමෙන් වාහන රැසකට හානි සිදුව තිබෙනවා. Gippslandහි Princes Highway මාර්ගයේ වළවල්...

වික්ටෝරියා ප්‍රාන්තයේ South Gippsland ප්‍රදේශයේ Leongatha නගරය ආසන්නයේ අද අලුයම රික්ටර් මාපක 4.8ක භූකම්පනයක් වාර්තා වී තිබෙනවා. Geoscience Australia අනුව...

වික්ටෝරියාවේ මධ්‍යම ප්‍රදේශයේ නව ජාතික උද්‍යාන තුනක් අද නිල වශයෙන් විවෘත කර තිබෙනවා. Wombat-Lerderderg, Mount Buangor සහ Pyrenees යන ජාතික...

ඔස්ට්‍රේලියාවේ උද්ධමනය ඉහළ යාම සහ පොලී අනුපාතික සියයට 4.6 දක්වා ඉහළ යාම හේතුවෙන් අගමැති ඇන්තනි ඇල්බනීසි දැඩි දේශපාලන පීඩනයකට මුහුණ...

OpenAI සමාගමේ අභ්‍යන්තර AI agent එකක් New South Wales රජයට අයත් තවත් වෙබ් පද්ධතියකට අවසර නොමැතිව ඇතුළු වී ඇති බව...

ඔස්ට්‍රේලියාවේ AI තාක්ෂණය සහ ඒ සඳහා අවශ්‍ය විශාල data centres පාලනය කිරීම සඳහා නව ජාතික ප්‍රමිතීන් සකස් කිරීමට ෆෙඩරල් රජය...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

බඩු මිල අඩු කරන්න රජයේම Supermarket ජාලයක්?

Christmas Gifts යවන ඔස්ට්‍රේලියානුවන්ට විශේෂ දැනුම්දීමක්

මෙවර නත්තල් උත්සවයට පෙර තෑගි භාණ්ඩ සහ පාර්සල් නියමිත වේලාවට බෙදාහැරීම සඳහා ඒවා තැපෑලට භාරදිය යුතු අවසන් දිනයන් Australia Post ආයතනය ප්‍රකාශයට පත්කර තිබෙනවා. නත්තල්

Read More »

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර රැසක Rental Prices වැඩිවීම නවතී

ඔස්ට්‍රේලියාවේ කුලී නිවාස හිඟය තවදුරටත් බරපතළ මට්ටමක පැවතියද, නිවාස හිමියන්ට කුලී මුදල් තවදුරටත් ඉහළ දැමීම අපහසු වී ඇති බව නවතම Domain වාර්තාවක් අනාවරණය කරනවා. ඊට

Read More »

වසර බිලියන ගණනක් පැරණි සුළඟින් කැටයම් වූ අඟහරු කඳු පන්තියක විස්මිත ඡායාරූපයක්

අඟහරු ග්‍රහයාගේ උදෑසන ආලෝකය පෙන්වන නව ඡායාරූපයක් NASA ආයතනය නිකුත් කර තිබෙනවා. මෙම ඡායාරූපය Curiosity රෝවරයේ Mastcam කැමරාවෙන්, අඟහරු වේලාවෙන් උදෑසන 8.30ට පමණ ලබාගෙන ඇති

Read More »

වික්ටෝරියාවේ Drug Overdoses මරණ රිය අනතුරු මරණවලටත් වඩා වැඩියි

2025 වසරේ වික්ටෝරියාවේ මත්ද්‍රව්‍ය අධික මාත්‍රාව (Drug Overdoses) හේතුවෙන් පුද්ගලයන් 632 දෙනෙකු මියගොස් ඇති අතර, එය පසුගිය දශකයේ වාර්තා වූ ඉහළම සංඛ්‍යාව බව Victorian Coroners

Read More »

“Indian Australiansලා පිටස්තරයි කියන්න කාටවත් අයිතියක් නැහැ” — Victorian Premierගෙන් ප්‍රබල ප්‍රකාශයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ වාර්ෂික Diwali උත්සවයට එක්වෙමින් Premier Ben Carroll ඉන්දියානු සම්භවයක් ඇති ඔස්ට්‍රේලියානුවන් පිළිබඳ විශේෂ පණිවිඩයක් ලබාදී තිබෙනවා. ඔහු පවසා ඇත්තේ Indian Australiansලා Victoria සහ

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom