Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

වික්ටෝරියා ප්‍රාන්තයේ South Gippsland ප්‍රදේශයේ Leongatha නගරය ආසන්නයේ අද අලුයම රික්ටර් මාපක 4.8ක භූකම්පනයක් වාර්තා වී තිබෙනවා.

Geoscience Australia අනුව භූකම්පනය අද අලුයම 2ට පසු Leongatha නගරයට කිලෝමීටර් 20කටත් අඩු දුරකින් උතුරු-නැගෙනහිර දෙසින් ඇති ප්‍රදේශයක සිදුව ඇති අතර, එහි ගැඹුර කිලෝමීටර් 10ක් පමණයි.

මෙම භූකම්පනය මෙල්බන් නගරයට දකුණු-නැගෙනහිරින් කිලෝමීටර් 135ක් පමණ දුරින් සිදුව ඇති අතර, වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රදේශ රැසක ජනතාවට කම්පනය දැනී තිබෙනවා.

Advertisement

Geoscience Australia වෙත භූකම්පනය දැනුණු බවට වාර්තා 20,000කට ආසන්න සංඛ්‍යාවක් ලැබී තිබීමෙන්, කම්පනය ඉතා පුළුල් ප්‍රදේශයකට දැනී ඇති බව පැහැදිලි වෙනවා.

Geoscience Australia හි භූ භෞතික විද්‍යාඥ Hadi Ghasemi පවසන්නේ, මෙය එම ප්‍රදේශයේ පසුගිය දශක දෙක තුළ වාර්තා වූ ප්‍රබල භූකම්පන අතරින් එකක් බවයි.

Banner 01

භූකම්පනයෙන් පසු අලුයම 3ට පෙර එම ප්‍රදේශයේම රික්ටර් මාපක 3.1ක පසුකම්පනයක්ද වාර්තා වී තිබෙනවා.

අද දිනය තුළ තවත් පසුකම්පන ඇතිවීමේ හැකියාව තිබුණත්, ප්‍රධාන භූකම්පනයෙන් පසුව කාලය ගතවෙත්ම එවැනි පසුකම්පන ඇතිවීමේ අවදානම අඩුවන බව විශේෂඥයන් පෙන්වා දෙනවා.

West Gippsland ප්‍රදේශයේ පදිංචිකරුවන් කිහිපදෙනෙකු ABC වෙත පවසා ඇත්තේ, නිවාස සහ ඇඳන් තදින් කම්පනය වූ බවත්, භූකම්පනය තත්පර 5ත් 10ත් අතර කාලයක් දැනුණු බවත්ය.

වික්ටෝරියා State Emergency Service පවසන්නේ මේ වනවිට ප්‍රජාවට ක්ෂණික තර්ජනයක් නොමැති අතර, තුවාල හෝ සැලකිය යුතු දේපළ හානි පිළිබඳ වාර්තා ලැබී නොමැති බවයි.

කෙසේවෙතත් භූකම්පනය දැනුණු ප්‍රදේශවල ජනතාව අවට අනතුරුදායක තත්ත්ව තිබේදැයි පරීක්ෂා කරමින්, තවත් පසුකම්පන ඇතිවිය හැකි බැවින් අවධානයෙන් සිටින ලෙස SES උපදෙස් දී තිබෙනවා.

මෙය වික්ටෝරියා ප්‍රාන්තයේ සතියක් ඇතුළත වාර්තා වූ දෙවැනි සැලකිය යුතු භූකම්පනය වන අතර, පසුගිය සතියේ High Country ප්‍රදේශයේ රික්ටර් මාපක 3.9ක භූකම්පනයක්ද වාර්තා වී තිබුණා.

 

Join on WhatsApp channel

උණුසුම් පුවත්

Woolworths සමාගම තම Bunch නමින් පවත්වාගෙන ගිය සාමාජික වැඩසටහන ඔක්තෝබර් 27 සිට ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය තුළ වසා දමන බව නිවේදනය...

AFL Grand Final weekend එකේ Victoria පුරා සිදුකළ විශේෂ රථවාහන මෙහෙයුම්වලදී රථවාහන නීති කඩකිරීම් 6,500කට වැඩි සංඛ්‍යාවක් හඳුනාගෙන තිබෙනවා. මෙම...

ඔස්ට්‍රේලියාවේ වාර්ෂික උද්ධමනය අගෝස්තු මාසයේ 4% දක්වා ඉහළ ගොස් තිබෙනවා. ජූලි මාසයේ එය 3.5%ක් වුණා. ඒ අනුව සංචිත බැංකුව වැඩි...

2032 Brisbane Olympic සහ Paralympic ක්‍රීඩා උළෙල සඳහා නිර්මාණය කළ නිල ලාංඡන නියමිත දිනයට දින තුනකට පෙර අහම්බෙන් අන්තර්ජාලයට නිකුත්...

ඔස්ට්‍රේලියාවේ රියදුරන්ට හුරුපුරුදු නොවන, නමුත් දඩ සහ දඬුවම් ලැබිය හැකි මාර්ග නීති රැසක් තිබෙනවා. Victoria ප්‍රාන්තයේ දැන් emergency සහ roadside...

One Nation නායිකා Senator Pauline Hanson අද නිකුත් කළ මාධ්‍ය නිවේදනයකින්, අන්තවාදී ඉස්ලාමීය ත්‍රස්තවාදයට එරෙහිව ෆෙඩරල් රජය තවත් දැඩි ක්‍රියාමාර්ග...

ඔස්ට්‍රේලියාව මෙම වසරේ සාමාන්‍යයට වඩා උණුසුම් වසන්ත සහ ගිම්හාන කාලයකට මුහුණ දීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා කාර්යාංශය පවසනවා. 2026...

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික සහ සරණාගත කාන්තාවන්ට තමන්ට පහසු භාෂාවෙන් සෞඛ්‍ය තොරතුරු ලබාදෙන Health in My Language වැඩසටහන තවත් වසර දෙකක් පවත්වාගෙන...

Brisbaneහි ප්‍රසිද්ධ Story Bridge අලුත්වැඩියා කටයුතු සඳහා සති තුනකට වසා දැමීමට Brisbane City Council තීරණය කර තිබෙනවා. ඒ අනුව පාලම...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

20,000කට ආසන්න පිරිසකට දැනුණු වික්ටෝරියා භූකම්පනය — පසුකම්පන ගැන අවධානයෙන් සිටින්න

20,000කට ආසන්න පිරිසකට දැනුණු වික්ටෝරියා භූකම්පනය — පසුකම්පන ගැන අවධානයෙන් සිටින්න

වික්ටෝරියා ප්‍රාන්තයේ South Gippsland ප්‍රදේශයේ Leongatha නගරය ආසන්නයේ අද අලුයම රික්ටර් මාපක 4.8ක භූකම්පනයක් වාර්තා වී තිබෙනවා. Geoscience Australia අනුව භූකම්පනය අද අලුයම 2ට පසු

Read More »

පිරිසක් අතරට මෝටර් රථයක් කඩාවදී – බරපතල අනතුරක්

New South Wales හි Newcastle නගරයේ අද උදෑසන සිදුවූ බරපතළ මාර්ග අනතුරකින් පුද්ගලයන් කිහිපදෙනෙකු තුවාල ලබා තිබෙනවා. Newcastle Knights කණ්ඩායමට Grand Final තරගයට පෙර සුභ

Read More »

පැයකට $32ක්- ඕස්ට්‍රේලියාවේ වාහනයක් නවත්වන්න වැඩිම ගාස්තු ගෙවන්න වෙන නගරය?

ඕස්ට්‍රේලියාවේ නගර මධ්‍යයේ වාහනයක් නවතා තැබීමට වඩාත්ම අසීරු නගර පිළිබඳ නව දත්ත නිකුත් වී තිබෙනවා. iSelect විසින් නිකුත් කළ දත්ත අනුව Sydney රටේ වාහන නවතා

Read More »

වාසනාවන්ත ඔස්ට්‍රේලියානුවෙකුට ලබන බ්‍රහස්පතින්දා $ මිලියන 60ක්

අඛණ්ඩව සති හතරක් Powerball පළමු ත්‍යාග ජයග්‍රාහකයෙකු නොලැබීමෙන්, ලබන බ්‍රහස්පතින්දා පැවැත්වෙන ජැක්පොට් ත්‍යාග මුදල ඩොලර් මිලියන 60ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙම jackpot එක ජයග්‍රහණය

Read More »

ඔස්ට්‍රේලියාවේ බොහෝ රියදුරන් නොදන්නා මාර්ග නීති

ඔස්ට්‍රේලියාවේ රියදුරන්ට හුරුපුරුදු නොවන, නමුත් දඩ සහ දඬුවම් ලැබිය හැකි මාර්ග නීති රැසක් තිබෙනවා. Victoria ප්‍රාන්තයේ දැන් emergency සහ roadside assistance වාහන අසලින් යනවිට ඇතැම්

Read More »

නත්තලට පෙර පෙට්‍රල් මිල තවත් ඉහළට?

මැද පෙරදිග උණුසුම් තත්ත්වය තවදුරටත් වැඩිවීමත් සමඟ, නත්තලට පෙර ඔස්ට්‍රේලියාවේ පෙට්‍රල් සහ ඩීසල් මිල තවත් ඉහළ යා හැකි බවට විශේෂඥයන් අනතුරු අඟවනවා. ඇමෙරිකාව මැදපෙරදිග කලාපයට

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom