ඔස්ට්‍රේලියාව මෙම වසරේ සාමාන්‍යයට වඩා උණුසුම් වසන්ත සහ ගිම්හාන කාලයකට මුහුණ දීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා කාර්යාංශය පවසනවා.
2026 ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා රටේ බොහෝ ප්‍රදේශවල දිවා සහ රාත්‍රී උෂ්ණත්ව සාමාන්‍යයට වඩා ඉහළ යාමේ වැඩි ඉඩකඩක් පවතිනවා.
මෙවර විශේෂත්වය වන්නේ දරුණු El Niño තත්ත්වයක් දැනටමත් ස්ථාපිත වී තවදුරටත් ශක්තිමත් වෙමින් තිබීමයි.
කාලගුණ විද්‍යා කාර්යාංශයට අනුව එය late spring හෝ summer කාලයේදී ඉහළම තත්ත්වයට ළඟා විය හැකියි.
විශේෂයෙන් Victoria, Tasmania සහ NSW ප්‍රාන්තවල අසාමාන්‍ය ලෙස උණුසුම් දිවා කාල ඇතිවීමේ අවදානම ඉහළ මට්ටමක පවතිනවා.
ඒ අතර රටේ බොහෝ ප්‍රදේශවල රාත්‍රී උෂ්ණත්වත් සාමාන්‍යයට වඩා ඉහළ යා හැකි බවයි පුරෝකථනය කර ඇත්තේ.
මේ අතර දකුණු-නැගෙනහිර ප්‍රදේශවල සාමාන්‍යයට වඩා අඩු වැසි ඇතිවිය හැකි අතර, බටහිර සහ මධ්‍යම ඔස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රදේශවල සාමාන්‍යයට වඩා වැඩි වැසි ඇතිවීමේ ඉඩක් තිබෙනවා.
මේ සමඟ bushfire අවදානමත් වැඩි වී ඇති අතර northern සහ southeastern NSW, South East Queensland, northeastern Tasmania, Victoria සහ අනෙකුත් ප්‍රදේශ කිහිපයක spring ලැව්ගිනි අවදානම ඉහළ බව NEMA සහ AFAC අනතුරු අඟවා තිබෙනවා.