Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ ගුවන් ගමන් පාලකයන්ගේ හිඟය සහ අධික අතිකාල සේවය නිසා පද්ධතියට දැඩි පීඩනයක් ඇතිවී තිබෙන බව Civil Air සංගමය අනතුරු අඟවනවා.

Sydney ගුවන් තොටුපළේ මෑතකදී සිදුවූ ගුවන් යානා ආසන්න ගැටීම් කිහිපයක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන අතර, ඒවාට කාර්ය මණ්ඩල හිඟය සම්බන්ධ ද යන්න විමර්ශනය කෙරෙමින් පවතිනවා.

Civil Air සභාපති Scott Nugent පවසන්නේ ඇතැම් ගුවන් ගමන් පාලකයන් දින 10ක් එක දිගට සේවය කර එක් දිනක් පමණක් නිවාඩු ගෙන නැවත දින 10ක් සේවය කරන තත්ත්වයන් දක්නට ඇති බවයි.

Advertisement

එබැවින් අධික තෙහෙට්ටුව වැරදි සිදුවීමේ අවදානම වැඩි කළ හැකි බව ද ඔහු පෙන්වා දෙනවා.

ඇතැම් නිලධාරීන් වසරකට අතිකාල පැය 800ක් පමණ සේවය කරන බවට ද Nugent චෝදනා කරන අතර, පද්ධතිය දිගුකාලීනව අතිකාල සේවය මත රඳා සිටීම ආරක්ෂිත නොවන බවයි ඔහු සඳහන් කරන්නේ.

Banner 01

මේ අතර COVID සමයේ පළපුරුදු ගුවන් ගමන් පාලකයන් විශාල පිරිසක් කලින් විශ්‍රාම ගැන්වීමෙන් පසු හිඟය තවත් වැඩි වූ බව Airservices Australia ද පිළිගෙන තිබෙනවා.

නව පාලකයෙකු පුහුණු කිරීමට වසර දෙකක් පමණ ගතවන අතර, සම්පූර්ණ පළපුරුද්ද ලබාගැනීමට තවත් කාලයක් අවශ්‍ය බවයි එහි ප්‍රධාන විධායක නිලධාරියා පෙන්වා දෙන්නේ.

Airservices Australia පවසන්නේ කාර්ය මණ්ඩල හිඟයක් ඇති අවස්ථාවල ආරක්ෂාව අඩු නොකර, ගුවන් ගමන් සංඛ්‍යාව අඩු කරන බැවින් ප්‍රමාද සහ ගුවන් ගමන් අවලංගු වීම සිදුවිය හැකි බවයි.

මේ අතර Western Sydney International Airport විවෘත වීමත් සමඟ නව ඩිජිටල් ගුවන් ගමන් පාලන කුළුණක් භාවිතයට පැමිණීම නිසා පාලකයන්ට තවත් වැඩි සංකීර්ණතාවක් ඇතිවිය හැකි බව වෘත්තීය සමිතිය පෙන්වා දෙනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කුලී නිවාස සඳහා අයදුම් කරන පුද්ගලයන්ගේ පෞද්ගලික තොරතුරු ආරක්ෂා කිරීමට නව නීති පාර්ලිමේන්තුවෙන් සම්මත වී තිබෙනවා. නව...

ඔස්ට්‍රේලියානු රජය විසින් Migration Designated Areas 2026 නමින් නව නීතිමය උපකරණයක් හඳුන්වා දී ඇති අතර, ඒ අනුව Victoria ප්‍රාන්තයේ සම්පූර්ණ...

වික්ටෝරියා ප්‍රාන්තයේ සමස්ත අපරාධ අනුපාතය පසුගිය ජුනි මාසයෙන් අවසන් වූ වසරක කාලය තුළ සියයට 3.8 කින් පහත වැටී ඇති බව...

ඔස්ට්‍රේලියාවේ වසන්ත කාලය ආරම්භ වී තිබුණත්, මෙවර Influenza රෝගීන්ගේ වැඩිවීම සාමාන්‍යයට වඩා ප්‍රමාද වී ඉහළම මට්ටමට ළඟාවෙමින් ඇති බව සෞඛ්‍ය...

ඔස්ට්‍රේලියාවේ Unemployment Rate එක පසුගිය අගෝස්තු මාසයේදී සියයට 4.6 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය කොවිඩ් වසංගත සමයෙන් පසු ඔස්ට්‍රේලියාවේ...

ඔස්ට්‍රේලියාවේ First Nations සේවකයන් සාමාන්‍යයෙන් අනෙක් Australian workersලාට වඩා පැයකට 16%කින් අඩු වැටුපක් ලබන බව නව වාර්තාවකින් හෙළි වී තිබෙනවා....

ඔස්ට්‍රේලියාවේ daylight saving කාලය ආරම්භ වීමට ආසන්න වීමත් සමඟ රටේ විවිධ ප්‍රදේශවල වේලාවන් ගැන නැවතත් අවධානය යොමුවෙලා තියෙනවා. 2026 ඔක්තෝබර්...

Shein සහ Temu වැනි ultra-fast fashion platforms භාවිත කරන ඔස්ට්‍රේලියානුවන් ඒවාට සම්බන්ධ පාරිසරික සහ සදාචාරාත්මක ගැටලු පිළිබඳ දැනුවත්ව සිටියත්, අඩු...

ඔස්ට්‍රේලියානු රජය නිවාස ආයෝජන සඳහා හඳුන්වා දෙන නව බදු වෙනස්කම් නිසා සියලුම ආයෝජකයන්ට වැඩි බද්දක් ගෙවීමට සිදු නොවන බව නව...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියාවේ ගුවන් ගමන් පාලක හිඟය බරපතළ තත්ත්වයක

අමාරු වුණත් අත්හැරියේ නැහැ — ඔස්ට්‍රේලියාවේ නව ජීවිතයක් ගොඩනඟපු සංක්‍රමණික යුවළ

Slovenia සිට පැමිණි Barbara Dervodel සහ ඇගේ සැමියා 2017දී ඔස්ට්‍රේලියාවට පැමිණ නව ජීවිතයක් ආරම්භ කර තිබෙනවා. ඔවුන් දෙදෙනාම විද්‍යා ක්ෂේත්‍රයේ උපාධි අවසන් කර තිබුණත්, අලුත්

Read More »

ඔස්ට්‍රේලියාවේ ගුවන් ගමන් පාලක හිඟය බරපතළ තත්ත්වයක

ඔස්ට්‍රේලියාවේ ගුවන් ගමන් පාලකයන්ගේ හිඟය සහ අධික අතිකාල සේවය නිසා පද්ධතියට දැඩි පීඩනයක් ඇතිවී තිබෙන බව Civil Air සංගමය අනතුරු අඟවනවා. Sydney ගුවන් තොටුපළේ මෑතකදී

Read More »

ඔස්ට්‍රේලියාවට මේ Spring එකේ වෙනස්ම කාලගුණයක්

ඔස්ට්‍රේලියාව මෙම වසරේ සාමාන්‍යයට වඩා උණුසුම් වසන්ත සහ ගිම්හාන කාලයකට මුහුණ දීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා කාර්යාංශය පවසනවා. 2026 ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා රටේ

Read More »

ඉන්ධන මිල ඉහළ ගියත් Fuel Tax එක අඩු කරන්න රජය බෑ කියයි

ඔස්ට්‍රේලියාවේ ඉන්ධන මිල දැඩි ලෙස ඉහළ ගියත් fuel excise බද්ද නැවත අඩු කිරීමක් දැනට සලකා නොබලන බව නියෝජ්‍ය අගමැති Richard Marles පවසනවා. Sydneyහි සාමාන්‍ය unleaded

Read More »

Adelaide පුරා සරම්ප අනතුරු ඇඟවීම්

Adelaideහි සරම්ප ව්‍යාප්තිය තවත් පුළුල් වෙමින් ඇති අතර, රෝගය පැතිර යා හැකි ස්ථාන ඉහළගොස් තිබෙනවා. Brighton Secondary Schoolහි විදේශගතව පැමිණි සිසුවෙකුගෙන් ආරම්භ වූ මෙම වෛරසය

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom