ඔස්ට්‍රේලියාවේ නව වීසා නීති සහ සංක්‍රමණ ප්‍රතිපත්ති වෙනස්කම් නිසා තාවකාලික වීසා හිමියන් සහ විදේශීය සිසුන් අතර තමන්ට තව කොපමණ කාලයක් රටේ සිටිය හැකිද යන ප්‍රශ්නය දැන් වැඩිවෙමින් තියෙනවා.
රජය එක වීසාවකින් තවත් වීසාවකට දිගින් දිගටම මාරුවෙමින් රට තුළ රැඳී සිටීම අඩු කිරීමටත්, වලංගු වීසාවක් නැති පුද්ගලයින් රටින් පිටවීම තහවුරු කිරීමටත් දැඩි පියවර ගනිමින් සිටිනවා.
ඒ හේතුවෙන් විදේශීය සිසුන්ටත් තම අධ්‍යාපන මට්ටම සහ ඉදිරි අධ්‍යාපන මාර්ගය සම්බන්ධයෙන් දැන් වැඩි අවධානයක් යොමු කිරීමට සිදුව තිබෙනවා.
සංචාරක වීසා කිහිපයකට දමන කොන්දේසි නිසා ඔස්ට්‍රේලියාව තුළ සිටියදීම වෙනත් වීසාවකට ඉල්ලුම් කිරීමටත් සීමා විය හැකියි.
වීසා කාලය අවසන් වීමට පෙර සුදුසු ලෙස වෙනත් වීසාවකට ඉල්ලුම් කළ අයට, තම තත්ත්වය අනුව තාවකාලිකව රට තුළ නීත්‍යානුකූලව රැඳී සිටීමට අවස්ථාව තිබිය හැකියි.
නමුත් වලංගු වීසාවක් නොමැතිව ඔස්ට්‍රේලියාවේ සිටීම නීතිවිරෝධී වන අතර, එවැනි අවස්ථාවල රටින් ඉවත් කිරීම ඇතුළු පියවර ගත හැකි බවයි බලධාරීන් පවසන්නේ.
ඒ හේතුවෙන් දැන් බොහෝ සංක්‍රමණිකයින්ගේ ප්‍රශ්නය “ස්ථිර පදිංචිය ලැබෙයිද?” යන ගැටලුව පමණක් නොව — “තම වත්මන් වීසාවෙන් පසු තමන්ට ඔස්ට්‍රේලියාවේ සිටීමට නීත්‍යානුකූල මාර්ගයක් පවතිනවද, නැත්නම් රටින් පිටවීමට සිදුවන්නේද යන්නයි.
කෙසේවෙතත් වීසා තත්ත්වය එක් එක් පුද්ගලයාට වෙනස් වන බැවින් තම තත්ත්වයට අදාළ නිවැරදි විස්තර ලබාගැනීමට ලියාපදිංචි සංක්‍රමණ නියෝජිතයෙකු හෝ සංක්‍රමණ නීතිඥයෙකු හමුවීම වැදගත් වනවා.